අධ්‍යාපන ජයග්‍රහණය ලබාගන්න ගණදෙවිඳුන් හා සරස්වතී මෑණියන් නමදිමු

කොවිඩ් _ 19 වසංගතය සහ විවිධ බාධාකාරී සිදුවීම් නිසා සිසු සිසුවියන්ගේ අධ්‍යාපනයට විශාල බාධාවක් සිදුවී තිබේ. සිය දරුවාට නිසි ලෙස අධ්‍යාපනය ලබාදී යහපත් අනාගතයක් උදාකර දීම මවුපියන්ගේ අරමුණය. සුබ නැකැතින් දරුවාට අකුරු කියා දීමේ සිට පෙර පාසල් අධ්‍යාපනය ලබාදීම පාසලේ පළමුවන ශේර්ණියට ඇතුළත් කිරීම දක්වා මවුපියෝ විශාල කැපවීමක් කරති.
ජේයාතිෂය තුළින් අධ්‍යාපනය පිළිබඳ හෙළිවන කරුණු ජ්‍යොතිෂ ගරු කරන මවුපියන්ගේ අවධානයට ලක්වෙයි. දරුවකුගේ උපතේදී ලග්නාධිපති පස්වැන්නේ හෝ නවවැන්නේ පසුවීම නැණ ගුණයෙන් පිරි මෙන්ම ශිල්ප පිහිටන දක්ෂයකු බිහිවීම සිදුවේ. බුධ ලග්නයේ බලවත් වීම අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපන ජයග්‍රහණයන් ලබාගැනීමට හේතුවේ. ගුරු ලග්නයේ බලවත් වීම බුද්ධි වර්ධනයට හේතුවකි. ගුරු මහ දසා කාලයේදී අධ්‍යාපන ජයග්‍රහණ ලබාගැනීමට හේතුවෙයි.
ජන්ම පත්‍රයේ තුන්වැනි භාවයෙන් ප්‍රාථමික අධ්‍යාපනයද, පස්වැනි භාවයෙන් කනිෂ්ඨ අධ්‍යාපනයද උසස් අධ්‍යාපනය නවවන හා එකොළොස් වන භාවයන්ගෙන්ද දැක්වෙයි. බුධ හා ගුරු ඥානකාරක ග්‍රහයන්ය. මෙම ග්‍රහයන් උච්ච ලෙස හෝ මිත්‍ර ලෙස හෝ ස්වක්ෂේත්‍ර ලෙස මෙම භාවයන්ගේ තැන්පත්වීම අධ්‍යාපන ජයග්‍රහණයන්ට හේතුවේ.
ගණදෙවියන් හා සරස්වතිය අධ්‍යාපනයේදී නැණ නුවණ හා පිහිටාධාරය ලබාදෙන බව සම්මතයකි. මෙම දෙවි දේවතාවිය උදෙසා පුද පූජා පැවැත්වීමට දරුවන් යොමු කිරීම සඳහා ඇතැම් මවුපියෝ උත්සුක වෙති.
දරුවා අලුයම පිබිදීමෙන් පසු මුව සෝදා පිරිසුදු වී ගණදෙවි රුව ඉදිරියේ හා සරස්වතී රූපය ඉදිරියේ පහන් දල්වා පහත දැක්වෙන ස්තෝත්‍ර නව වරක් කියවා පාඩම් කටයුතුවල යෙදීමෙන් මතකය වර්ධනය වන බව සඳහන් වෙයි.
සරස්වතී තෛලය, සරස්වතී යන්ත්‍රය භාවිතයද අධ්‍යාපන ජයග්‍රහණයන්ට හේතුවන බව මතයකි. දක්ෂ ජ්‍යොතීර්වේදීන්, වෙදැදුරන්ගේ උපදෙස් ලබාගැනීම සුදුසුය.
ගාමිණි ජයතිලක බණ්ඩාර
පරාක්‍රම සමුද්‍රය
(උපුටාගැනීම මව්බිම “තරුපති” පුවත්පත - 31/10/2021)
Advertisements


