Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නොවිකිණෙන ඉඩකඩම් සිතූ ලෙසින් විකුණා දෙන අත්දුටු ගුරුකම

1 year ago 7 Min read
Subha.lk

කපුටන් හඬන්නට කලින් යන්ත්‍රය ඉඩම මැද නිධන් කරන්න

 

තමාට පරම්පරාවෙන් හෝ සින්නක්කරයේ ලැබුණු ඇතැම් ඉඩම් සමහරුන් කිසිදු පල ප්‍රයෝජනයක් නොලබාම විකුණා දමන අවස්ථාවන් දැක ගත හැකිය. නමුත් සමහරුත් පල ප්‍රයෝජන ලබන අතරේදීම විකුණ දමන අවස්ථාවන්ද නැත්තේ නොවේ. කෙසේ වෙතත් මේ අවස්ථාවන් සියල්ලෙන් බැහැරව ඇතැමුත් ඉඩ කඩම් විකුණා ගන්නට බොහෝ සෙයින් වෙර දරන අවස්ථාද ප්‍රායෝගිකව ඇත. මේ සඳහා ඉඩමේ ප්‍රමාණය, පාරිසරික පසුබිම, භූගෝලීය සාධක, භූමිය තුළ පවතිනා සම්පත්වල පිහිටීම ආදී සහ තවත් බොහෝ සාධකයන් බලපෑවත් ඇතැමුන්ට මොනවා කළත් මෙකී භූමි විකුණා ගැනීමේ දුෂ්කරතාවන් පවතිනු ලබනවා ඒ අතර භූමි පාල බන්ධන ආදී තත්ත්වයන් හි බලපෑම භූමියට ඍජුවම බලපා ඇතිනම් මෙකී දුර්වලතාවන් ප්‍රබලව මතු කරනු ඇත. අද මෙසේ පවතිනා ඔබේ ගැටලූවට

බලවත් සහනය සදා දෙමින් ඉක්මන් විසඳුම් ගෙනෙන ප්‍රතිකර්මයක් පෙන්වා දෙනු කැමැත්තෙමු.

 

මෙය මූලික වශයෙන් විකුණා ගත යුතු භූමියේ තැම්පත් කළ යුතු යන්ත්‍රයකි. පහත දේ මෙම යන්ත්‍රය සාදා ගැනීම සඳහා මූලිකවම පිරිසුදුව සපයා ගැනීම සිදු කරන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

01.යන්ත්‍රය ඇඳ ගැනීම සඳහා දිග අඟල් 2 හා පළල අඟල් 1 ප්‍රමාණයේ තඹ පත්‍රයක්

 

02.පොල් ගෙඩියක්

 

03. තැඹිලි තෙල් 1/4

 

04.අබ තෙල් 1/4

 

05. පාට පහක මල්

 

06.හඳුන්කූරු/ කපුරු

 

07.පුවක් මල් කිනිති

 

08.පිරිසුදු සුදු රෙදි කැබැල්ලක්

 

 

 

 

 

 

ක්‍රමවේදය -

 

මෙය සිදු කළ යුත්තේ අඟහරුවාදා දිනකදීය. මරුට පිටුපා පළමුව ලී පුටුවක් මත කෙසෙල් කොළයක් එළා කහ දියර ඉසින්න. දැන් ඒ හතර කොනේත්, මධ්‍යයේත් තැඹිලි තෙල් හා අබ තෙල් පහන් 4 බැගින් දල්වන්න. පුවක් මල් කිනිති යහන මත අතුරන්න. ඒ මත පාට පහක මල් තබා පිළිවෙළට යහන මෙකී අයුරින් සකසා ගන්න. අවසානයේ යහන මැද පොල් ගෙඩිය තබා ඒ මත කපුරු දල්වන්න. දැන් ඒ මත තබාම ජීවමට යොදා ගනු ලබන මෙම යන්ත්‍රය නිවැරදිව ඇද ගැනීම සිදු කරන්න. දුම් දෙන්න.

 

ප්‍රාණ මන්ත්‍රය -

 

ඕ මන්ත්‍රග් ප්‍රාණ ඉහණ සර්ව යන්ත්‍රග් ප්‍රාණ ඉලේන්ද්‍රයාණි කයික් ස්වා: අමනුෂ්‍ය ප්‍රාණ ඉහග් ප්‍රාණ අවිස් සර්වජීව ඉස්වා අප්‍රහන්ති සර්ව හන්ති ක්‍රම චතුත් ථි ඊහග් චක්‍ර අස්වාහෙන්ති ප්‍රාණ ප්‍රාණ ඒස්වාහ:

 

සිද්ධි මන්ත්‍රය-

 

මිං භ්‍රා භ්‍රා සර්ව යන්ත්‍ර මන්ත්‍ර සවුං කුරු කුරු සර්ව සිද්ධ සාධ්‍ය ස්පුටං කුරු කුරු ඒස්වාහ: නමෝ සිද්ධි සර්ව සිද්ධි එංක්ලී පටි ඒස්වාහ:

 

පුට මන්ත්‍රය -

 

ඕ ඕ හිං මන්ත්‍ර තනුලා සර්ව පුට සිද්ධි බල ගිං මාබල සර්ව යන්ත්‍ර මන්ත්‍ර පුට සිද්ධි ප්‍රාණ බල පුට සිද්ධි ඖ නමෝ ඒස්වාහ:

 

මන්ත්‍රය -

 

ගිං සර්ව භූමි භූ ස්වාහ: මිං ත්‍රිං සර්ව දීපාය නමෝ නම.... ත්‍රාං ත්‍රිං සර්ව ජය තේ ආක්ෂි සර්ව ලෝක වසංකරි සර්ව රාජ වසංකර් සර්ව ධන ධාන්‍ය භූමි සුර්ය රාජය දිව්‍ය රාජ දිව්‍ය දිෂ්ටි සර්ව භූමි රක්ඛතු සර්ව වෛශ්‍ය සර්ව සිද්ධි රාජ බල තේජබල සර්වාන්ත සිද්ධි ඝණපති මහා රාජ වසංකාරය නම: සර්ව මුණි වසංකාරය නමඃ සර්ව භූමි ජන සර්ව සිද්ධි ඕ ජයන්තු රක්ෂාණී, සර්ව ජය ජය භූමි වසංකාරය ඞී නමෝ නම:

 

යන්ත්‍රයේ වම් පස හා දකුණු පස දී ඇති ආකාරයෙන් භූමියේ ස්ථාපිත ලිපිනයත්, හිමිකරුගේ නාමයත් ලිවීමට අමතක නොකරන්න. ජීවම සඳහා මෙසේ දෙනු ලබන පුට, සිද්ධි, ප්‍රාණ මන්ත්‍ර නිසි අයුරින් යොදා ගනිමින් දෙනු ලබන මන්ත්‍රයෙන් 1008 වාරයක් නිසි ලෙසින් ජීවම් කිරීම සිදු කර ගනිමින් අවසානයේ බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනක යන්ත්‍රය සුදු රෙදි කඩෙහි ඔතා අඩියක් පමණ ගැඹුරින්

යන්ත්‍රය විකුණා ගත යුතු භූමියේ පාන්දර කපුටන් කෑ ගැසීමට පෙරාතුව නිදන් ගත කරන්න. දින 21කට කලින් ප්‍රතිඵල අත්දුටුවයි.

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk