රට යන්න ඇති බාධා දුරු කරගන්න සාස්තරයක්
අද වන විට රට තුළ පවතින තත්ත්වය මුල් කොටගෙන බොහෝ පිරිසක් විදේශගත වීමට උත්සාහ දරන බව නොරහසකි. එහෙත් බොහෝ අයට ඊට විශාල අනපේක්ෂිත බාධාද උදාවන බව පෙනේ. ග්‍රහ ලොව ලේකම් නැතහොත් ලියකියවිලි කටයුතු ප්‍රධානී ලෙස පෙනී සිටින බුධ මෙම 2022 අගෝස්තු 21 වැනිදා සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා කන්‍යා රාශිගතව ස්වක්ෂේත්ර බලයෙන් ගමන් ගන්නා අතර මෙම කාලය ඔබේ විදෙස් සිහිනය සඵල කර ගැනීමට යොදාගත හැකිය.
බුධට හිමි රැකියා ලෙස ලේකම් ධුර, ලිපිකරු, පණිවුඩකරු, නීතිඥවරු, භාෂා පරිවර්තක ආදී රැසක් පෙන්වයි. තවද උත්තර කාලාමෘතයේ බුධට අයිති අන්යකාරක ලක්ෂණ ලෙස වර්ගයාගේ දියුණුව පෙන්වා ඇත. උතුර බලා ගමන පෙන්වා ඇත. එසේ හෙයින් මෙසේ බුධ බලවත් වන කාලයේදී ඊට වාස්තු විද්‍යා ශක්තියද එක් කර විදේශගත වීමට ඇති බාධා දුරුකර ගැනීම සඳහා යොදා ගත හැකිය.
වාස්තු විද්‍යානුකූලව විදේශගත වීමට අපේක්ෂිත අයට
සුදුසුම කාමරය වයඹ දිශාවයි. ඒ අනුව ඔබ වයඹ දිශාවේ කාමරය ඉතා හොඳින් පිරිසුදු කරගත යුතුයි. එහි දකුණට හෝ බස්නාහිරට හිස දමා නිදාගත හැකි ලෙස
නිදන ඇඳ සකස් කර ගන්න. එසේම වයඹ උතුර සීමාව තුළ කුඩා මේසයක්ද තබාගන්න.
තබාගත් මේසය මත පිරිසුදු පැන් කළයක් 108 වරක් පෙරාගත් තබා ඊට අඹ කොළ ඉත්තක් දමන්න. කොළවල අගිස්ස එළියට සිටින ලෙස හා ගසින් කඩාගත් පැත්ත වතුර තුළ සිටින ලෙස මෙම අඹ කොළ ඉත්ත තැබිය යුතුය. තවද තැඹිලි තෙල් හා එළඟි තෙල් මිශ්‍ර පහනක්ද, සුදු මල් 108ක්ද අවශ්‍යයි.
අඹ ඉත්ත දැමූ පැන් කළය වටේට "සබ්බ පාපස්ස අකරණං" ගාථාව කියමින් සුදු මල් 108 තබන්න. එක මලකට එකවර බැගින් කිව යුතුයි. ඉන් අනතුරුව පහන දල්වා විෂ්ණු දෙවියන්ට පින් දී විදේශගත වීමට වාස්තු විද්‍යානුකූලව දෝෂ ඇතොත් ඒවා මඟහරවා දෙන ලෙස ඉල්ලා සිටින්න. මෙය කළ යුත්තේ බදාදා දිනක රාත්‍රි 8-9 අතරයි.
බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දිනවල පහන දල්වා විෂ්ණු දේව පිහිට ඉල්ලන්න. පහනට එම අවස්ථාවේ නිල් මල් තැබීම ඉතා සුදුසුයි.
කෙසේ වෙතත් පහන දල්වන දින 03 තුළ එම කාමරයේ නිදා ගැනීම සුදුසු නැත. තවද එළැඹෙන සෙනසුරාදා එනම් 4 වැනි දින පැන් කළය අඹ ඉත්තෙන් කාමරයට හා නිවෙසට ඉසින්න. එදා සිට කාමරයේ නිදාගන්න. විෂ්ණු දෙවියන්ට බාරයක් වෙන්න. වයඹ දිශාවේ කාමරය තුළ කරන මෙම කටයුත්තේදී ඔබව නිවෙසින් පිට කිරීමේ ශක්තිය නිර්මාණය වී ඔබගේ විදේශගත වීම කඩිනම් කරනු ඇත.
කෙසේ වෙතත් සත්‍ය වශයෙන්ම විදේශගත වීමට අපේක්ෂා නොකරන අය සිදු නොකළ යුතුයි. මක්නිසාද ඔවුන්ගේ විවාහ ගැටලු උදාවිය හැකි බැවිනි.