Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

එඩිතර ගති ලබාදෙන රුචක යෝගය

1 year ago 7 Min read
Subha.lk

වීර ක්‍රියාවල හොඳ නිපුණත්වයක් ඇති හමුදාවන් හි කටයුතු කරමින් දස්කම් පෙන්වන අය රුචක යෝගයෙන් ජන්ම ලාභය ලබති. එසේම මැර බලයෙන් චණ්ඩිකමින් ජීවිතය මෙහෙයවන ධනවත්හු මේ යෝගයට උරුමකම් කියති. විශේෂයෙන් මෙම රුචක යෝගයෙන් ජන්ම ලාභය ලබන්නෝ අතිශය තෙදවත් බවින් යුක්තය. සුප්‍රසිද්ධ කැපීපෙනෙන සරු දිවියක් ගත කරන අය වෙති. වස්තු සම්පත් ධන ධාන්‍ය ආදියටද සැබවින්ම හිමිකම් කියති. මෙම යෝගයෙන් උපන් අයගේ බිය පලා යති. කාටත් බය නැතිව ඉදිරියට යන ගතියෙන් යුක්ත වෙති. සතුරෝ මෙල්ල කරමින් පරදවන මොවුන් බොහොම විට ජය පිට ජය ලබමින් තේජවන්තව වැජඹෙති.

 

මේෂ හෝ වෘශ්චික ලග්නය ඉපදී කුජ ලග්න ගත වීම නිසා රුචක යෝගය යෙදෙයි. කුජ උච්ච ක්ෂේත්‍රවල සිටින අවස්ථාවලදී තරමක් සුබ පල ගෙනදීම අඩුවේ. කොහොම නමුත් රුචක යෝගයේ බලය වඩ වඩාත්ම ප්‍රබල වන්නේ කුජගේ මිත්‍ර ග්‍රහයන් විසින් සුබ දැකීම් ඇතිව සිටියහොත් පමණී. අසුබ ග්‍රහයන් දැකීම බොහෝ විට රුචක යෝගයේ බලය අඩුකර පෙන්වීමක්ද වේ.

 

වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට නම් උනන්දුව තිබිය යුතුය. එසේම සුබ ග්‍රහයෝගයකින් එසේ නොමැති නම් සුබ ග්‍රහයෝග කිහිපයකින් උප්පත්තියද ලබා සිටිය යුතුය. සමහර විටෙකදී සුබ ග්‍රහයෝගවල තිබෙන සුබ පල දුර්වල කරමින් නුසුදුසු නරක පැත්ත ඉස්මතු කෙරේ. එම නිසා ජීවිතය නරක මඟට යොමු කර ගත නොගත යුතුව ඇත. තම ජීවිතය හොඳම පැත්තට යොමුකර ගත හොත් සුබ ග්‍රහයෝගවල ප්‍රතිඵල එලෙසින්ම ලබාගෙන තම ජීවිතය හොඳ පැත්තට යොමු කළ හැකිය. පෙර සාක්‍ෂිවරුන් පවසා ඇති අයුරු බලන කල සුබ ග්‍රහයෝග, අසුබ ග්‍රහයෝග දහස් ගණනින් ඇති බව මැනිය හැකිය.

 

 

රුචක යෝගය යෙදෙන්නේ අඟහරු නැතිනම් කුජ ග්‍රහයාගෙනි. කුජ එඩිතරය. හිතුවක්කාරය. හිතුවක්කාර ගති තිබුණද ශූර වීර වික්‍රමාන්විතභාවයට අධිපතිත්වයක් දරයි. කලකෝලාහල, අඬ දබරවලට අධිපතියා ලෙස හඳුන්වන අඟහරුගෙන් හදිසි අනතුරු ලේ වැගිරීම් වැනි පීඩා ඇති කරයි. කුජගේ වස විසවලින් හානි සිදුවේ. එමෙන්ම විදුලිසරවලින් ජීවිතයට පීඩා ගෙන දේ. හදිසි තීරණවලින් ඉක්මන් විවාහයකට මඟ පාදන්නේ හතේ කුජ සිටින විටකදීය. ජන්මියකුගේ උප්පත්තියේදී ලග්නය සතර, සත, දහය යන ස්ථානයක කුජ ග්‍රහයා හෙවත් අඟහරු බලවත්වීම, නොඑසේනම් උච්ච ක්ෂේත්‍රව හෝ ස්වක්ෂේත්‍රව සිටීම රුචක යෝගයේ උදාවයි. කුජගේ ස්වක්ෂේත්‍ර රාශිය මකර රාශිය වනවා සේම මේෂ, වෘශ්චික යන රාශි ද්වය කුජගේ ස්වක්ෂේත්‍ර රාශීන් වේ. යම්කිසි කෙනෙකු මකර ලග්නයෙන් උප්පත්තිය ලබා එම ලග්නයේ කුජ ග්‍රහයා උච්චක්ෂේත්‍ර බලයකින් වැජඹීම නිසා රුචක යෝගය එම අයටද යෙදේ. මේෂ ලග්නයෙන් උප්පත්තිය ලබා සිටින ජන්මියකුගේ දස වැනි ස්ථානය මකර රාශියට අයත් වේ. එසේ වූ විට දස වැන්නේ කුජ ග්‍රහයා සිටීමෙන් හෙවත් ප්‍රවිෂ්ට වීමෙන් රුචක යෝගය යෙදෙන අතර කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍ර වීමෙන්ද සාමාන්‍ය ලෙස එම රුචක යෝගයට හිමිකම් කියයි. කොහොම නමුත් සුබ ග්‍රහයෝගයකින්, සුබ ග්‍රහයෝග කිහිපයකින් උපත ලබා වාසනාවන්ත දිවි පෙවෙතක් ගත කිරීමට උනන්දුවන්නෝ රුචක යෝගයෙන් දස්කම් දක්වන්නෝ වෙති. 

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk