රාහු අපලය දුරු කර ගැනීමට කලයුතු දේවල්
රාහු පෘථිවියේ උතුරු කොනත් කේතූ රා දකුණු කොනත් වශයෙන් හඳුන්වා ඇතත්, රාහු අදෘශ්‍යමාන ඡායා ග්‍රහයෙක් ලෙස හැඳින්වීම උචිතය. රාහු තාරකාවක් නොවන්නේ එම නිසාය. රාහු දේශ දේශාන්තර කෙරෙහි ලොකු බලපෑමක් ඇති කරන අතර පාප ග්‍රහයෙක් ලෙස සලකන රාහු ලෞකික ද්‍රව්‍යයන් කෙරෙහි බලපෑම් ඇති කරයි. රාහු කළුය. නාග හිසක් ඇත. ජන්මියකුට රාහු ලැබූ විට නගයකු තුළ ඇති වන ගති ලක්ෂණ වුව පහළ විය හැකිවිය.
දුරදිග නොබලා කටයුතු කිරීම, ඉක්මන් කෝපය, එක තැනෙක එක විධියකට නොසිටීම. නොයෙක් තැන්වල ඇවිදීමේ ආශාව, රාහු ලැබුවන්ගේ ගති සිරිත්ය. විශේෂයෙන් උස ෂරය දිගු කකුල් ඇති රාහුට වේගයෙන් දිවීමට සහ ඉක්මගින් ඇවිදීමට ඇති හැකියාව පිළිබිඹු කරයි. එම වේගවත් බව දියුණු කිරීම අශ්වයාගෙන් සිදු කරන බව පෙනේ. තම නිවෙසින් පිටව යෑම රාහු දශා කාලයේදී සිදුවේ.
ගෙදරින් පිටව ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වයි. මෙම ජන්මින් පිළිබඳ වැඩි ප්‍රසිද්ධියක් ඇති කරයි. ඉගෙනීමට විශේෂයෙන් බාධා හිරිහැර පැමිණේ. රාහු අසුරයෙක් වශයෙන් බුදු දහමේ සඳහන් වෙයි. චන්ද, පරිත්ත, සූර්ය පිරිත් සූත්‍රවල චන්ද්‍ර සූර්ය පුත්‍රයන් රාහු ග්‍රහණයට හසු වූ අවස්ථවේදී දිව්‍ය පුත්‍රයන් බුදු පිහිට පැතූ බව සඳහන් වේ.
කෙනෙකුගේ ශරීරයේ උණුසුම වැඩි වන්නේ රාහු ග්‍රහයා ලැබූ විටදීය. සිකුරු උෂ්ණාධික ගති, පීඩාකාර් ගති ඇති කරයි.
රාහු ග්‍රහයා ඉතාමත් සුබව ජන්මියාට එලදෙන බලාපොරෙත්තුව සඵල වී වස්තුව ලබා දෙන බව ප්‍රකට කරුණකි. වස්තු සම්පත්, දරු සම්පත් ලැබුණු විට ප්‍රසිද්ධිය ඇති කරයි. ඉගෙනීම අඩපණ වීම, ධාරණ ශක්තිය අඩුවීම, අධ්‍යාපනය කඩාකප්පල් වීම, රැකියා සහ ව්‍යාපාර එපා වීම්, තනතුරුවලින් පහත වැටීම, සිත්තැවුල් ඇති වීම, ධන හානි ඇතිවීම, අධික තරහ ඇතිවීම, රෝග පීඩා ඇති වීම, භූත දෝෂ බලපෑම්, නිතර නිකරුණේ ඇවිදීමට සිදු වීම, රාහු අපලය නිසා සිදුවන ක්රියාදාමයන්ය. ජන්මින් උපත ලබන වේලාවේ විභය තුළ රාහු සිටින ලග්නය, නැකත අනුව ශුභ පල නැත්නම් අශුභ පල උදාවේ. රාහු පෙර භවයන්හි සිදුකරන ලද පව් - පින් අනුව ශුභ හෝ අශුභ බලපෑම් ලබමින් ජන්මියා මෙලොව ජනිත වේ. කවුරු කොහොම කීවත් රාහු හොඳ ශුභ ප්‍රතිඵල මෙන්ම අශුභ ප්‍රතිඵලද උදා කරයි. රාහුට බියවීම එතරම් හොඳ නැත.
අසුර හා භූතාත්ම විසින් රාහු ලැබූ විට හොඳ නරක සිදු කරන බවට ජ්‍යොතිෂයේ මත ගොඩනැඟී ඇති බව පෙනේ. පෙර කළ පාපකර්මවල විපාක අනිෂ්ට පල අපල කියා හැඳින් විය හැකිය. ඒවා දුරු කර ගැනීමට පින් දහම් කළ යුතුය.
රාහු කාලයට පූද පූජා පැවැත්වීමේදී තෙල්, මල්, පහන්තිර, කපුරු, සාම්බානි, හඳුන්කූරු, මල්මාලා, කොඩි යන පූජා භාණ්ඩ සකස් කර ගත යුතුව ඇත. රාහු අපලයට පුද පූජා පැවැත්වීමමේදී නාග රුව සහිත බුදුරුවක් අබියස පුජා පැවැත්වීම වඩාත් ගුණ දායකය. සත් සතියේ මුචලින්ද නාග දරණය සහිත බුදුරුවකට පුද පූජා පැවැත්වීම අර්ථවත්ය.රාහු අපල තදින්ම බලපාන අවස්ථා තිබේ. ඒ කාලයේ බලු, බළල්, සිවුපා සතුන්ගෙන්, නයි පොළඟුන්ගෙන්ද කරදර විපත් පැමිණිය හැකිය. මේ සඳහා චන්ද පිරිත තුන්වරක්, හත්වරක්, විසිඑක්වරක් කීමෙන් හා මෛත්‍රි භාවනාව දියුණු කිරීමෙන් උවදුරු විපත් අඩු වෙන බව සඳහන් කළ හැකිය. සතුන්ට දැන දීම, උරගයන් නොමැරීම, පැටවුන්ට, කිරි දෙන බැල්ලන්ට ආහාර දීමද, අපලයට ප්‍රතිකර්මයකි.
මහා අභිසම්භිදාන යන්ත්‍රය, බන්ධ පරියත්ත. සූත්‍රය. තුන්සිය විසිහතරවරක්, එක්දහස් අසූවාරයක් පිරිත් කර පස්ලෝ සුරයක ඒ පැලඳ ගැනීමෙන් හෝ ගෝමේද ගලක් අල්ලා පස්ලෝ නාග දරණයක් සහිත මුද්දක් පැලඳීම ගුන්දායකය. මෙය කළ යුත්තේ පිරිත් කීමෙන් පසුවය. එවිට රාහු අපලයට ගුණ ලැබේ. රාහු අපලයට පූජා භාණ්ඩ ගැනීමේදී නවය බැගින් ගත යුතුය. පිරිත් ගාථා කීම ද නවය ,දහඅට, අසූ එක, එකසිය අටවාරය, ගණනේ කළ යුතුය. ඉහත කී දේ අනුගමනය කර රාහු අපලයට බිය නොවී සතුටින් ඉන්න.