ගේට්ටුව හරියට නොතිබ්බොත් වෙන දේ දන්නවද ?
තමන් අධික වියදමක් දරා තනා ගත් ත නව නිවෙස ප්‍රධාන ගේට්ටුව තබන්නේ කෙසේ දැයි බෙහෝ දෙනකුට ප්‍රශ්නයක් වීමට පුළුවන. තමන් සැදූ නිවෙසට පිවිසීමට තබන ලද ප්‍රධාන ගේට්ටුව නිවැරදිදැයි දැනගැනීමටද තවත් අයකුට අවශ්‍ය වන්නට පුළුවන.
නිවෙසේ ප්‍රමාණය හා විශාලත්වය අනුව ගේට්ටුව හා තාප්පය සෑදිය යුතුය. එනම් විශාල නිවෙසකට විශාල ගේට්ටුවක් තැබුවාට වරදක් නැත. නිවෙස කුඩා වන තරමට හා ඉඩමේ විශාලත්වය අනුවද ගේට්ටුව හා තාප්පය සෑදිය යුතුය.
ගේට්ටුව නිවැරදි ස්ථානයක නොතිබූ විට දෝෂ ඇති වෙයි. එනම් ධන හානිය, පවුලේ අසමඟිය හා නොයෙකුත් බාහිර කරදරද ඇතිවෙයි. ඔබ නිවෙසේ ඉදිරි පසින් දිවයන මහා මාර්ගයකින් තම නිවෙසේ ගෙමිදුලට ඇතුළුවීමට ගේට්ටුව තබන විට අනුගමනය කළ යුතු නිවරදි පිළිවෙළක් ඇත.
වැරදි ස්ථානයක අසුබ පාදයකට ගේට්ටුව කැබීමෙන් ගෙහිමියා පමණක් නොව නිවෙසේ වසන අයද මානසික අසහනයකට ලක්වනු ඇත. මේ නිසා නිවෙස තුළ අඬ දබරකම්ද ඇති වෙයි. ගේට්ටුව කොතරම් ලස්සන වුවත් වැරදි පාදයක ගේට්ටුව තබන විට අසුබ බලපෑම් ඇතිවෙයි. නිවැරදිව ගේට්ටුව තැබීමට පෙර ගේට්ටුව තබන ඉඩමේ වැටේ දිග මැනගන්න. ඉන්පසු එය නවයට බෙදා ගන්න. නිවෙසට පිටුපා මිදුලේ සිටගෙන වම් අත පැත්තේ සිට එය බෙදාගන්න.
මෙම බෙදීම නව ග්රහයන්න අනුව පාද බෙදීමයි. ඒ අනුව රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු, රාහු, කේතු යන ආකාරයට පාද ලකුණු කරගනු ලබයි. මෙයින් බුධ, සිකුරු, ගුරු යන පාදයකට අසුවන සේ ගේට්ටුව තැබීම යහපත් වනු ඇත.
ගේට්ටුව විශාල නම් සූර්ය පාද දෙකකට අඩුවන සේ තබන්නට පුළුවන. ඒ අනුව ඒ ඒ පාදවලට ගේට්ටුව තැබීමෙන් ඇති වන ප්‍රතිඵල දැනගත යුතුය.
රවිගේ පාදය - රවිගේ පාදයට අඩුවනසේ ගේට්ටුව තැබීමෙන් සෞඛ්‍යයට බාධා ඇතිවෙයි. ඥාතීන් සමග විරෝධතාද ඇතිවෙයි. මේෂ ලග්නයට, වෘෂ භ ලග්නට, සිංහ ලග්නයට, වෘශ්චික ලග්නයට හා ධනු ලග්න අයට රවිගේ පාදයේ ගේට්ටුව තැබීම වරදක් නැති බවද සමහර අය පවසයි.
සඳුගේ පාදය - මෙයද ගේට්ටුව තැබීමට සුදුසු පාදයක් වුණත් සඳුගේ පාදය නිසා අසුබ යැයිද පිළිගනී. මේ පාදයට ගේට්ටුව තැබීමෙන් නිවෙසේ සතුට හා සමඟිය ඇති වනු ඇත. සිංහ, ධනු හා කුම්භ ලග්න හිමියන්ට මෙම පාදයට ගේට්ටුව තැබීම අසුභ බවටද මතයක් ඇත. කුජගේ පාදය - කුජගේ පාදයට ගේට්ටුව තැබීමෙන් හදිසි අනතුරු ධන හානි හෝ අනපේක්ෂිත කරදර ඇතිවනු ඇත. ඒ නිසා කුජගේ පාදයට ගේට්ටුව තැබීම අහිතකරය.
බුධගේ පාදය - බුධගේ පාදයට ගේට්ටුව තැබීමෙන් නීතිමය ප්‍රශ්න ඇතිවන්නට පුළුවන. එම නිවෙසේ වසන අය කෙරෙහි අනිත් අයගේ අප්‍රසාදය ඇති වන්නටද පුළුවන. කරන කියන දේවලින් පාඩු විදීමටද සිදුවනු ඇත. එනිසා බුධ පාදයට ගේට්ටුව තැබීමද අහිතකර බව පෙනේ.
ගුරු පාදය - මෙය ගේට්ටුව තැබීමට ඉතාම සුදුසු පාදයකි. මේ නිසා නිවෙසේ වසන අය ජනප්‍රියත්වයට පත්වනු ඇත.නිවෙසේ සාමය හා සතුට ඇතිවෙයි.
සිකුරු පාදය - නිවෙසේ වසන අයට මේ නිසා ධන වාසනා ලැබේ. අලුතින් ඉඩකඩම් දේපළ මිලදී ගන්නටද පුළුවන. නිවෙසේ සතුට හා සෞභාග්‍යය උදාවනු ඇත. ගේට්ටුව තැබීමට සුදුසු පාදයකි.
සෙනසුරු පාදය - මෙම පාදයට ගේට්ටුව තැබීමෙන් සතුට නැති වී යයි. සෞඛ්‍යයට අහිතකරය. නිර ලෙඩ රෝග ඇති වනු ඇත. ගේට්ටුව තබන්නට නුසුදුසු පාදයකි.
එසේම රාහුගේ හා කේතුගේ පාදවලට ගේට්ටුව තැබීමද අසුභය. අහිතකර ප්‍රතිඵල ගෙන දෙයි. අමනුෂ්‍ය දෝෂ, භූත දෝෂ, මළගිය අයගේ දෝෂ කේතුගේ පාදයට ගේට්ටුව තැබීමෙන් අතිවනු ඇත.රාහුගේ පාදයට ගේට්ටුව තැබීමෙන් සතුන්ගෙන් කරදර හා විපත් පැමිණෙනු ඇත.
තවත් මතයකට අනුව ඉඩමේ වැට නන්ද්රජයා භද්‍රා යූරීනා, රික්තා යන පාදවලට බෙදා සුභ පාදයකට ගේට්ටුව තබයි. නමුත් මෙම ක්‍රමයට වඩා නව ග්‍රහයන්ට පාද බෙදා ගුරු හා සිකුරු පාදවලට ගේට්ටුව තැබීම සුබදායකය.
මෙය සුභ පාදයකට ගේට්ටුව තබන විට එය ගැන කරුණුවලට වේධ නොවන ලෙස තැබිය යුතුය. ප්‍රධාන දොර කෙළින් ගේට්ටුව නොතැබිය යුතුය. මේ නිසා සොර සතුරුබිය ඇතිවන්නට පුළුවන. නිවෙසේ කණු කෙළින්ද තුන් මංසලකට කෙළින්ද ගේට්ටුව තබනු නොලැබේ. ලිඳ ඉස්සරහින්ද වැසිකිළියක් ඉදිරියෙන්ද ගේට්ටුව තබනු නොලැබේ. විශාල ගසක් කෙළින්ද ගේට්ටුව නොතබයි. නමුත් ප්‍රධාන බිත්තිය මෙන් දෙගුණයක් දුරින් මෙම දෝෂ බල නොපායි. මෙසේ මෙම දෝෂ මඟහැර ඔබත් ඔබගේ නිවෙසට ගේට්ටුව තබා යහපත ඇති කරගන්න.