විවාහයට කුජ සතුරුයිද?
සාමාන්‍ය ව්යවහාරයෙද අඟහරු නමින් හඳුන්වන කුජට භූමි පුත්‍ර හා මංගල යැයිද ව්‍යවහාර වේ. අප වසන ලොවට බොහෝ දුරට සමාන හෙයින් අඟහරු ලොව හා එහි වසන්නන් පිළිබඳව ලියැවුණු නවකතා බොහෝය. පාප ග්‍රහයකු වන කුජ බලවත්ව පිහිටි විට මනුෂ්‍යයාගේ ශක්තිය, ආත්ම විශ්වාසය, පසු නොබැසීම වැනි තත්ත්වයන් ඇති කරන අතර ක්‍රියාශූර පුද්ගලයකු බිහි කරයි. කුජ පස්වැන්නේ පිහිටි පුද්ගලයන් කාමුක බව ජ්‍යෙතිෂයෙහි ඉගැන්වේ. ශනි මංගල හෝ චන්ද්‍ර මංගල යනාදී නම්වලින් කුජ හැඳින්වීමෙන්ම විවාහය කෙරෙහි කුජගේ බලපෑම වටහා ගත හැකිය.
විවාහය සඳහා කුජගේ බලපෑම පිළිබඳව නොදන්නා කෙනකු නැත. කුජ දෝෂ ඇති හඳහන් ගැළපෙන්නේ කුජ දෝෂ පවතින හඳහනක් සමඟ බව ජ්‍යොතිෂය ඉගෙන නොගත් කෙනකු පවා දනියි. විශේෂයෙන්ම කුජ හතේ සිටිනවා යැයි කීවාම විවාහයේදී තිගැස්සී නොයන කිසිවකු නැත. යෝජනාවක් පැමිණි විගස සොයා බලන්නේ කුජ හතේද කියලායි. එහෙත් කුජ ග්රහක යම් හඳහනක 12479 හෝ 12 යන ස්ථානයක සිටීමත් කුජ දොශයක් භෞම දෝෂයක් නැතහොත් අඟහරු දෝෂයක්, ලෙස සැලකේ. ශනි - මංගල යෝගයද කුජගෙන් යෙදෙන්නකි.
මෙම දෝෂ භංග වී යන්නේ කෙසේදැයි කියා ජ්‍යොතිෂයේ විස්තර කර තිබේ. එහෙත් මෙය සමහර ජ්‍යොතිෂවේදීන් නොසලකා හරිමින් කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. එයින් වන්නේ විවාහය තව තවත් ප්‍රමාදවීමයි. ස්ත්‍රී - පුරුෂ හඳහනේ දෙකේම එකම රාශියක කුජ සිටීමත් එසේ නැතහොත් කුජ සිටින රාශියේම අනෙක් හඳහන් රාහු සිටීමත් නිසා මෙම කුජ දෝෂය භංග වේ. ගුරුගේ දෘෂ්ටිය විවාහ ස්ථානය වන 7 වැන්නට හෝ කුජට ලැබේ නම් දෝෂය බිඳී යයි. බුධගේ දෘෂ්ටිය ලැබීමද දෝෂය නැති කරන බව සමහර පොත්වල සඳහන්ව තිබේ. ඊට අමතරව කුජ සිටින්නේ උච්ච රාශිය වන මකරයේ හෝ ස්වක්ෂේත්ර රාශීන් වන මේෂ රාශියේ හෝ වෘශ්චික රාශියේ හෝ නීච රාශියක වන කටකයේ නම්ද මෙම දෝෂ භංග වන බව සඳහන්ය. එක් හඳහනක කුජ දෝෂය ඇතොත් අනෙක් හඳහනේද කුජ දෝෂයක් තිබිය යුතු බව සෑම කෙනකුකම දන්නා නිසා මෙහි විශේෂයෙන් සඳහන් කළ යුතු නැත.
කුජ හත්වැන්නේ සිටින අයට ඉක්මන් විවාහයක් සිදුවන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වන නමුත් එය එසේම නොවන බව අත්දැක තිබේ. උදාහරණයක් වශයෙන් 1979 ජුනි මස 21 දින සවස 05.03ට උපන් තරුණියට දැන් වයස අවුරුදු හතළිහ ඉක්මවා ඇත කන්‍යා ලග්නයෙන් උපත ලත් ඇයගේ හඳහනේ හත්වැන්න වන මීන රාශියේ කුජ පිහිටා ඇත. ශනිගේ දෘෂ්ටියට ලක්වන නමුත් ශනි - මංගල දෝෂය නවාංශකයේදී භංග වී තිබේ. ලග්නාධිපති වන බුධ භද්‍රා යෝගය නිර්මාණය කරමින් උච්ච බලයෙන් ලග්නයේම පිහිටා ඇත. ඉන් පසුව පිරිමි හඳහනක් බලමු. ඔහු 1988 ඔක්තෝබර් මස 09 වැනි දින උදේ 05.50ට කොළඹදී උපත ලැබූවෙකි. 7 වැන්න වන මීන රාශියේ කුජ පිහිටා ඇති අතර රවි, චන්ද්‍ර සහ බුධගේ දෘෂ්ටිය ලබයි. ලග්නයේ උච්ච බලයෙන් පිහිටා ඇති ලග්නාධිපති වන බුධගෙන් භද්‍රා යෝගය යෙදී තිබේ. මේ වන තෙක්ම විවාහ වී නැත. මෙවැනි හඳහන් සිය ගණනක් දැකීමට ලැබෙන නමුත් විවාහ ප්‍රමාදයට කුගේ බලපෑම මේ තත්ත්වයට හේතු වූයේ කෙසේදැයි විස්තර කළ නොහැකිය. සමහර විට බුධගේ හා රව්ගේ සප්තම දෘෂ්ටි ලැබීම විය හැකිය. ස්ථිර නිගමනයක් සඳහා තවත් ඉක්මන් වැඩිය. ඒ අනුව කුජ විවාහය ඉක්මන් කරන්නට පමණක් නොව ප්‍රමාද කරන්නටද බලපාන බව පැහැදිලිව පෙනී යයි. කුජ හා කේතු සංයෝග වීම විවාහය ඉතා ප්‍රමාද කරයි. හත්වැන්නේ මේ දෙදෙනා අයහපත් තත්ත්වයකින් සිටින විට අසම්මත විවාහ හෝ ප්‍රේම සබඳතා කෙරෙහි ඇදී යන තත්ත්වයක් නිර්මාණය කරයි. මේ බව වටහා ගත් විව්ට එවැනි තත්ත්වයින්ගෙන් වැළකී සිටීමට පුළුවන.
කුජ හතේ ඇති හඳහන් සඳහා කුජ හතේම පිහිටි හඳහන් සොයන සිරිතක්ද දැක ගත හැකිය. කුජ සමඟ සටන් කරන්නට හොඳම ග්‍රහයා රාහුය. ඒ දෙන්නාම එකිනෙකාට පරදින්නේ නැත. සාමාන්‍යයෙන් රාහු සිටින ස්ථානයට යම් අලාභයක් කිරීම සිරිතය. කුජ සිටින තැන අනුව අලාභහානි සිදුකරයි. ඒ අනුව කුජ හතට රාහු හතේ සිටින හඳහන් ගැළපෙන බවට සැලකේ. කුජ අටේ හෝ රාහු අටේ සිටින අය කුජ හතට හා රාහු හතට ගැළපෙන බව පෙනී ගොස් තිබේ. ශනි - මංගල යෝගය පිළිබඳව පරික්ශා කිරීමේදී ඔප්පු වී ඇත්තේ එම දෝෂයද කුජ දෝෂ භංග වන පිහිටීම හේතුවෙන් භංග වන බවය. ශනි - මංගල දෝෂය එක් හඳහනක පවතිද්දී එසේ නැති හදහනක් සතු අයකු සමඟ විවාහ වී වසර 10, 15, 20 හෝ ඊට වඩා කාලයක් කිසිදු උපද්‍රවයකින් තොරව විවාහ ජීවිතය සතුටින් ගත කරන අඹු සැමියන්ගේ හදහන් සෑහෙන ප්‍රමානයක් ඇත .