සුබ යෝග ඇති දිනක සුබ වැඩක් අරඹන්න
ඕනෑම සුබ වැඩක් ආරම්භ කරන විට එය සුබ දිනයකට හා සුබ වෙලාවකට පටන් ගන්නට අපි උනන්දු වෙමු. එසේ සුබ දිනයක සුබ වෙලාවට වැඩ පටන් ගැනීමෙන් එම කාර්යය හොඳින් කළ හැකියි. එම සුබ යෝග නම් ආනන්ද, ධාතා, සෞම්‍ය, ඕවජ, ශ්‍රී වත්ස, ඡත්‍ර මිත්‍ර, මානස, සිද්ධි, ශුභ, අමෘත, මාතංග සුස්ථර හා ප්රවර්ධමා. මෙම යෝග යෙදෙන්නේ කුමන දවස්වල දැයි දැන සිටීම එනික වැදගත්ය.
ආනන්ද යෝගය ඉරිදා දිනයක අස්විද නැකතද, සඳුදා දිනයක මුවසිරසද, අඟහරුවාදා අස්ලිසද, බදාදා දිනයක හත නැකතද, බ්‍රහස්පතින්දා අනුර නැකතද, සිකුරාදා උත්‍රසල නැකතද, සෙනසුරාදා සියාවස නැකතද උදාව පවතින විට මෙම යෝගය යෙදේ. මෙම යෝගයෙන් අරඹන වැඩ බාධාවකින් තොරව
කරගෙන යෑමට පුළුවන.
ධාතා යෝගය ඉරිදා රෙහෙණ නැකතද, සඳුදා පුෂ නැකතද, ඇගහරුවාදා උත්‍රපල් නැකතද, බදාදා විසා නැකතද, බ්‍රහස්පතින්දා පුවසල නැකතද, සිකුරාදා දෙනට නැකතද, සෙනසුරාදා රේවතී නැකතද උදාව පවතින විට මෙම යෝගය යෙදේ. සියලු සුබ කටයුතුවලට මෙම යෝගයෙන් වැඩ පටන් ගන්න පුළුවන.
සෞම්‍ය යෝගය ඉරිදා මුවසිරසද, සඳුදා අස්ලිසද, අඟහරුවාදා හත නැකතද, බදාදා අනුර නැකතද, බ්‍රහස්පතින්දා උත්‍රසල නැකතද, සිකුරාදා සියාවස නැකතද, සෙනසුරාදා අස්විද නැකතද උදාව පවතින විට මෙම යෝගය යෙදේ. නිවාස වැඩ පටන් ගන්නට ඉතාම යහපත්ය.
ධ්වජ යෝගය ඉරිදා පුනාවසද, සඳුදා පුවපල්ද, අඟහරුවාදා සා නැකතද, බදාදා මුල නැකතද, බ්‍රහස්පතින්දා සුවණ නැකතද, සිකුරාදා උත්රපුටුපද, සෙනසුරාදා කැති නැකතද උදාව පවතින විට මෙම යෝගය යෙදේ. මෙම යෝගය ඇති දිනයක වැඩ ඇරඹීමෙන් සෞභාග්‍ය උදාවනු ඇත.
ශ්‍රී වත්ස යෝගය - මෙයද තවත් සුබ යෝගයකි. ඉරිදා පුෂ නැකතද සඳුදා උත්‍රපල් නැකතද, අඟහරුවාදා වීසා නැකතද, බදාදා පුවසල නැකතද, බ්‍රහස්පතින්දා දෙනට නැකතද, සිකුරාදා රේවතී නැකතද, සෙනසුරාදා රෙහෙණ නැකතද උදාව පවතින විට මෙම යෝගය යෙදේ. මෙම යෝගයෙන් අරඹන වැඩද ඉතා සාර්ථක වෙයි. සැප සම්පත්ද ලබයි.සියලුම සුබ කටයුතුවලට යහපත්ය.
ඡත්‍ර යෝගය ඉරිදා පුවසල නැකතද, සඳුදා සා නැකතද, අඟහරුවාදා මුල නැකතද, බදාදා සුවණ නැකතද, බ්‍රහස්පතින්දා නැකතද, සිකුරාදා කැති නැකතද, සෙනසුරාදා පුනාවස නැකතද උදාව පවතින විට මෙම යෝගය යෙදේ. මෙම යෝගය කෙනකුගෙන් උදවු ලබා ගන්නට යහපත්ය. උදවු කරන කෙනාගේ ප්‍රසාදය ඔබට ලැබෙයි.
මිත්‍ර යෝගය ඉරිදා උත්‍රපල් නැකතද, සඳුදා විසා නැකතද, අඟහරුවාදා පුවසල නැකතද, බදාදා දෙනට නැකතද, බ්‍රහස්පතින්දා රේවතී නැකතද, සිකුරාදා රෙහෙණ නැකතද, සෙනසුරාදා පුෂ නැකතද උදාව පවතින විට මෙම යෝගය යෙදේ. මෙය ධාන්‍ය වර්ග වැපිරිමටද, ධාන්‍ය වර්ග අටුවල තැන්පත් කිරීමටද යහපත්ය.
මානස යෝගය ඉරිදා හත නැකතද, සඳුදා අනුර නැකතද, අඟහරුවාදා උත්‍රසල නැකතද, බදාදා සියාවස නැකතද, බ්‍රහස්පතින්දා අස්විද නැකතද, සිකුරාදා මුවසිරස නැකතද, සෙනසුරාදා අස්ලිස නැකතද උදාව පවතින විට මෙම යෝගය යෙදෙයි. සියලුම සුබ කටයුතුවලට සුබයි. පවුලේ දියුණුවද ඇති වෙයි.
සිද්ධි යෝගය ඉරිදා මුල නැකතද, සඳුදා සුවණ නැකතද, අඟහරුවාදා උත්‍රපුටුප කතද, බදාදා කැති නැකතද, බ්‍රහස්පතින්දා පුනාවස නැකතද, සිකුරාදා පුවපල් නැකතද, සෙනසුරාදා සා නැකතද උදාව පවතින විට මෙම යෝගය යෙදෙයි. කලක් වැඩ පටන් ගෙන අතරමඟ නිතර කර ඇති වැඩ නැවත පටන් ගන්නට මෙම සිද්ධි යෝගය යහපත්ය. සුබ කටයුතුවල යොදා ගනී.
සුබ යෝගය ඉරිදා පුවසල නැකතද, සඳුදා දෙනට නැකතද, අගහරුවාදා රේවතී නැකතද, බදාදා රෙහෙණ නැකතද, බ්‍රහස්පතින්දා පුෂ නැකතද,සිකුරාදා උත්‍රපල් නැකතද,
සෙනසුරාදා විසා නැකතද යෙදුණු විට මෙම යෝගය උදාවෙයි සියලුම සුබ කටයුතුවලට යහපත්ය.
අමෘත යෝගය ඉරිදා උත්‍රසල නැකතද, සඳුදා සියාවස නැකතද, අඟහරුවාදා අස්විද නැකතද, ඕදාදා මුවසිරස නැකතද, බ්‍රහස්පතින්දා අස්ලිස නැකතද, සිකුරාදා හත නැකතද, සෙනසුරාදා අනුර නැකතද උදාව පවතින විට මෙම යෝගය යෙදේ. රාජ්‍ය සේවා කටයුතුවලටද ප්‍රභූන් හමුවීමට යෑමටද මෙය යහපත්ය.
මාතංග යෝගය ඉරිදා දෙනට, සඳුදා රේවතී, අඟහරුවාදා රෙහෙණ, බදාදා පුෂ, බ්‍රහස්පතින්දා උත්‍රපල්, සිකුරාදා විසා, සෙනසුරාදා පුවසල මෙම යෝගය යෙදේ. සියලු සුබ කටයුතුවලට යහපත්ය.
සුස්ථර යෝගය ඉරිදා උත්‍රපුටුප, සඳුදා කැති, අඟහරුවාදා පුනාවස, බදාදා පුවපල්, බ්‍රහස්පතින්දා සා, සිකුරාදා මුල, සෙනසුරාදා සුවණ නැකත් උදාව පවතින විට මෙම යෝගය යෙදේ. මෙම ඉයෝගය නිවාස වැඩ පටන් ගන්නට ඉතාම යහපත්ය.
ප්රවර්ධමා යෝගය ඉරිදා රේවතී, සඳුදා රෙහෙණ, අඟහරුවාදා පුෂ, බදාදා උත්‍රපල්, බ්‍රහස්පතින්දා විසා, සිකුරාදා පුවසල, සෙනසුරාදා දෙනට නැකැත් ඇති විට මෙම යෝගය යෙදේ. විවාහ කටයුතුවලටද, ශාන්තිකර්ම කටයුතුවලටද යහපත්ය. මෙම යෝග ඇති දිනවල ඔබගේ ජන්ම නැකතට ගැළපෙන පරිදි යොදා ගත යුතුය. තත්කාලයද බලවත් විය යුතුය.
රික්තා දිනවලද අඟහරුවාදා හා සෙනසුරාදා දිනවලද අත්හැර සුබ කටයුතුවලට යොදා ගැනීම යහපත්ය. ඔබගේ ජ්‍යොතිෂ මහතාගෙන් සුබ කටයුතුවලට ගැළපෙන දවස් හදා ගන්න.