විවාහයට පෙර පොරොන්දම් ගැලපීම අත්‍යවශ්‍යද ?
කෙනකුගේ ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක් ලෙස විවාහය දැක්විය හැකියි. ආදම් - ඒවගෙන් හෝ වෙනත් දෙදෙනකුගෙන් ආරම්භය වූ විවාහය සමාජයේ පිළිගත් එසේම මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය සිදුවීමකි. මිනිසා පමණක් නොව වෙනත් සත්ත්වයන් අතරද විවාහයන් සිදුවේ. ඔවුන් ලියාපදිංචි නොකළද තමාට යෝග්‍ය සහකාරයා හෝ සහකාරිය තෝරාගනී. එසේ සිදු කරන්නේ තම වර්ගයාගේ අනාගත පැවැත්ම තහවුරු කර ගැනීමට වැදගත් වන නිසාය.
වෙනත් සත්ත්වයන් මෙන් නොව මිනිසා විවාහය සඳහා විවිධ කෝණයන්ගෙන් ඒ දෙස බැලීම සිදු කෙරේ. විවාහය විවිධ ආකාරයෙන් සිදු කළද අවසාන ප්‍රතිඵලය තමාට ගැළපෙන සහකාරිය හෝ සහකාරයා තෝරා ගැනීමයි. ප්‍රේම සබඳතා මඟින් හෝ යෝජනාවක් මගින් විවාහය සිදු වුවද ඒ සඳහා දෙදෙනා අතර ගැළපීමක් තිබිය යුතුයි. මිල මුදල්, උගත්කම, කුල භේදය ආදී අනවශ්‍ය ප්‍රශ්න නොව දෙදෙනාට දෙදෙනා ගැළපේද කියා සොයා බැලීම වැදගත්ය. මේ සඳහා හොඳම ක්‍රමය වන්නේ පොරොන්දම් ගැළපීමය. වර්තමානයේ ඇතැම් ජ්‍යොතිෂවේදීන් පවා පොරොන්දම් ගැළපීම අවශ්‍ය නොවේ යැයි ප්‍රකාශ කරන්නට තරම් ජ්‍යොතිෂය "බාල්දුකර" තිබීම කනගාටුවට කරුණකි.
පොරොන්දම් ගැළපීමේදී පොදු ක්‍රමය නම් "විසි (20) පොරොන්දම් ගැළපීමය. ඊට අමතරව අෂ්ට කූට" පොරොන්දම් ගැළපීම "එකොළොස් " පොරොන්දම් ගැළපීම ආදියද ඇත. අෂ්ට කූට සහ එකොළොස් පොරොන්දම් ගැළපීමේදී ඒවා මුලින් කියූ විසි (20) පොරොන්දම් ඇතුළත පවතී. ඒ නිසා වෙන් වෙන්ව නොව විසි පොරොන්දම් ගැළපීම පිළිබඳව විමසා බලමු. ඒ විසි පොරොන්දම් ඇතුළත විවාහයට එළැඹෙන්නට අදහස් කරන දෙදෙනාගේ ඉදිරි අනාගතය පිළිබඳ වේ සියලුම කරුණු අවබෝධ කරගත හැකියි. මෙය"ඇතැම් අයට" හාස්‍යයට කරුණක් විය හැකි වූවකි. ජ්‍යොතිෂය පොත්පත මඟින් පමණක් නොව වසර ගණනාවක අත්දැකීම් තුළින්ද පැහැදිලිය.
පොරොන්දම් විස්ස (20) ඇතුළත පවත්නා කරුණු විස්සක් (20) තිබුණද ඒවා නැවත බෙදා ගැනීමේදී විවාහ ජීවිතයක අවශ්‍යම මූලික කරුණු කිහිපයක් අපට වටහා ගත හැකියි. ඒවා ඇතුළත සම්පූර්ණ විවාහ ජීවන රටාවම තීරණය කළ හැකිය.
1.ලිංග පොරොන්දම
උදාහරණයකට ගතහොත් ජ්‍යොතිෂයට අනුව ඒ 1. ස්ත්‍රී ලිග 2. පුරුෂ ලිංග හා
3. නපුංසක ලිංග වශයෙන් බෙදිය හැකිය.මෙහිදී සාමාන්‍ය රටාව ලෙස ස්ත්‍රිය ස්ත්‍රී ලිංග වීමත් පුරුෂයා පුරුෂ ලිංග වීමත් වැදගත්ය. ඒත් දෙදෙනාම හෝ එක් අයකු නපුංසක ලිංග වුවහොත් ඒ විවාහ ජීවිතය අසාර්ථකය මෙහිදී "ලිංග" ලෙස ලිංගික අවයට නොව ගතිගුණ, පැවතුම් රටාව, තය සමඟ ලිංගික ජීවිතය කියැවේ.
2. වෘක්ෂ පොරොන්දම් සහ මහේන්ද්‍ර පොරොන්දම් විවාහයකට එළැඹීමේදී ලිංගික සතුට මෙන්ම දරුපල ගැනද සිතා බැලීම වැදගත්ය. වෘක්ෂ පොරොන්දමේ දෙදෙනාම කීරී වෘක්ෂ නම් දරුපල ඉක්මන්ය. එක් අයකු හෝ කිරී වෘක්ෂ නම් දරුපල ඇත. ඒත් දෙදෙනාම හර' (ව්යයළි) වෘක්ෂ නම් දරුපල අඩුවීම හෝ දරුවන් අඩුවීම විය හැකිය.
3. ස්ත්‍රී දීර්ඝ පොරොන්දමෙන් බලනුයේ ලිංගික තෘප්තියයි. එමෙන්ම වෙනත් පොරොන්දම් තුළින් මෙසේ විවිධ ගුණාංග තීරණය කෙරේ. දෙදෙනාගේ සමගිය, දෙපාර්ශ්වයෙන් ලැබෙන දියුණුව, ආර්ථික දියුණුව, රැකියා (නිවාස) ලාභ ආදී බොහෝ දේ අවබෝධ කරගත හැකියි.
අතීතයේදී පොරොන්දම් බැඳීම සිදු කළද ඒ හා සමාන වෙනත් කාරණාද සොයා බැලූ බව ඉතිහාසයෙන් සනාථ වේ. අතීතයේදී රජ කුමරියන්ට හා රදහ පවාවල කාන්තාවන්ට 'ස්වයං වරයක් ලබාදී තිබුණේ මනාලයකු තෝරාගන්නට අවස්ථාවක් උදාකර දීමටය. එසේම බෝසත් චර්ත කතාවේදීද මෙවැනි අවස්ථා පැහැදිලි වේ. යශෝධරා දේවිය දිනාගන්නට කඩු ශිල්ප, දුනු ශිල්ප, රථ ශිල්ප ආදිය පැවැත්වූ බව බෝසත් චරිත කතාවේ සඳහන් වේ. ඒ නිසා එදා සිටම මේ ගැළපීම් සිදුකර ඇත. ජ්‍යොතිෂයට අනුව නොගැළපෙන දීගයක් වළක්වා ගන්නට පොරොන්දම් ගැළපීම මගින් වටහාගත හැකිය. උසාවියේ පවත්නා නඩු කටයුතු වලින් සියයට හතළිහක් (40%) මේ විවාහ නොගැළපීම් ගැන ප්රශ්නය. ඒ නිසා නිවැරැදිව පොරොන්දම් ගළපා විවාහය සිදු කරගතහොත් නඩු කීමට යන මුදල් හා කාලය ඉතිරිකර ගත හැකිය.
පොරොන්දම් ගැළපීම ගැන ගෙනෙන තර්කයන් නම් පැනලා යන උන් පොරොන්දම් බැලුවද?' 'පොරොන්දම් ගළපා සිදුකරන විවාහ අසාර්ථක නොවන්නේද?' යන තර්ක දෙකය. මෙයින් පළමු වැන්න සරලය. පොරොන්දම් නොබැලුවද ඔවුන්ගේ පොරොන්දම් ගැළපී ඇත. එසේම මේ විවාහ ඉක්මනින්ම බිඳ වැටෙන අවස්ථා වැඩිය. රාගය මුල් කරගෙන සිදුකරන එවන් විවාහ ඉක්මනින්ම කඩාවැටේ. දෙවැන්නට පිළිතුර "පොරොන්දම් බැලුවාට" එය "හරියටම" බලා නොමැති බව විවාහයට අවශ්‍ය කුජ දෝෂ (භෞම දෝෂ) ශනිගේ දෝෂ, විස කන්‍යා දෝෂ ආදිය නිවැරැදිව නොබැලීම ඊට බාධක විය හැකිය. ඒ නිසා "පොරොන්දම් බැලීම" හා "පොරොන්දම් නිවැරැදිව බැලීම" දෙකක් ගැන සිතන්න. එසේම " තරමකට" උගත් "ජ්‍යොතිෂය
කඩකාරයන්" නිසා මේ අවුල සිදුව ඇත.