Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

01 නොවැම්බර් 2021 සිට 07 නොවැම්බර් 2021 දක්වා

1 year ago 7 Min read
Subha.lk

මේෂ

උසස් අය හඳුනාගනී

උසස්, කීර්තිමත් අය හඳුනා ගන්නට ලැබේ. එම උසස් අයගෙන් බොහෝ කලක් යනතුරු උපකාර ලැබෙන්නටද හැකිය. සමාජයේ උසස් තැනක් ලැබේ. මවුපිය, වැඩිහිටියන් සමග හිතවත් කම් වැඩිවේ. දේපළ ලාභ ලැබෙන අතර දේපළ දියුණු කර ගැනීමට උත්සාහ කළ යුතු කාලයකි. පාද හා තුනටිය ආශ්‍රිතව පැවැති කැක්කුම් ගතියද අඩු වී යනු ඇත. බාධකස්ථ නාධිපති 10 වැන්නේ ගමන් කරමින් පවතින බැවින් රැකියාවේ අනවශ්‍ය කරදර මතු වීමට හැකිය. නමුත් ඉවසීමෙන් වැඩකළහොත් ඉදිරි කාලය යහපත් වේ. ව්‍යාපාර කරන අයටද සාර්ථක ප්‍රතිඵල ලැබෙන අතර නමුත් රාජ්‍ය අංශයෙන් තරමක බාධා මතුවනු ඇත. සුවණ - දෙනට යන නැකැත්වලින් ඉපදී ඇති නම් එම අයට මෙම කාලයේ දිගටම බාධක අනතුරු ඇති කරයි. සිතට සැනසීම අඩුවේ.

සුබ දිනය - අගහරුවාදා සුඛ වර්ණය - රතු ජය අංකය - 03

 

වෘෂභ

සහකරුගෙන් වස්තුව ලැඛෙයි

කරදර සහිත කටයුතුවලට මුහුණ දීමට සිදුවුවත් අන්සතු වස්තුව හා වැඩිහිටියන්ගෙන් උදවු උපකාර ලැබෙනු ඇත. නිතරම ඇවිදිලි ඇතිවේ. අසනීපයකින් පෙළෙමින් සිටින කාලයක් නම් විශේෂයෙන්ම පරිස්සම් විය යුතුය. හදිසි වැටීම්, හදිසි ආබාධ ඇති කළ හැකියි. මරණය ගැන සිතන කාලයකි. ඒ ගැන නිතර කතා කිරීමට සිදුවේ. පිරිමියකුට නම් ස්ත්‍රියකගෙන්ද ස්ත්‍රියකට නම් පිරිමියකුගෙන්ද උපකාර ආධාර ලබා ගැනීමට කටයුතු සැලසේ. සහකාරයාගේ වස්තුව ලැබේ. ව්‍යාපාර කටයුතුවලින් දියුණුවද, රැකී රක්ෂා කටයුතුවල දියුණුවද ඇතිවේ. මෙම කාලයේ ශර්ථය නම් තරමක් දුර්වල වේ. උත්‍රසල නැකැතින් ඉපදී ඇති නම් එම අයට දීර්ඝ කාලයක් පුරාවටම පැවැති ගැටලු කිහිපයකින්ම නිදහස්වීමට ඉඩ ලැබේ. සුවණ - දෙනට යන නැකැත්වලින් ඉපදී ඇති නම් කරදර විපත්ති, ධන හානි, සතුරු පීඩා අසනීප ඇති කළ හැකිය. ව්‍යාපාර කටයුතුවලින් පාඩු සිදුවිය හැකිය.

සුබ දිනය - සිකුරාදා සුබ වර්ණය - නිල් ජය අංකය - 05

 

මිථුන

ශරීර සනීපය ඇති වෙයි

පැවැති අසනීප බොහෝදුරට අඩු වී යන අතර ශරීර සනීපය ඇතිවේ. මානසිකව තරමක නිදහසක් ලැබෙනු ඇත. අනවශ්‍ය දේවලට නම් නිතරම වියදම් කිරීමට සිදුවේ. දරුවන් වෙනුවෙන්ද වියදම් කරන කාලයකි. ණය ගනුදෙනුවලින් ලාභ ලැබේ. වෙළහෙළෙඳාම්වලින් හෝ අන්‍ය ව්‍යාපාරවලින්ද බලාපොරොත්තු රහිත ලාභ ලැබෙනු ඇත. නමුත් මෙම කාලයේ වැරදී මාර්ගවලින් මුදල් හම්බ කිරීමට නොයා යුතුය. නැති නම් නීතිමය ගැටලුවකට මැදි වී හිරේ යෑමට සිදුවේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. ප්‍රේම සම්බන්ධතා ඇතිවේ. සමහර විට ප්‍රේම සම්බන්ධතා දෙක තුනක් ඇතිවේ. නමුත් ඒ එකකින්වත් හිතට සැනසීමක් නොලැබෙනු ඇත. විවාහ ජීවිතය සාර්ථක වන අතර නමුත් මෙම ගත කරන දින කිහිපය සුළු ගැටලුද මතුවන බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතුවේ. සුවණ දෙනට යන නැකැත්වලින් ඉපදී ඇති නම් ඉතාමත් ප්‍රවේසම් විය යුතුවේ.

සුබ දිනය - බදාදා සුබ වර්ණය - කොළ ජය අංකය - 04

 

කටක

ගැටලු විසදෙයි

සතියේ මුල් කාලය ප්‍රවේශම් විය යුතුය. භාරගෙන කරන වැඩකටයුතුවලින් කරදර හා අවහිරකම් ඇතිවේ. නමුත් ගැටලු පහසුවෙන්ම විසඳා ගත හැකිවේ. දේපළවලින් හා ගොවිතැන්වලින් පාඩුද සිදුවීමට හැකිය. විවාහ ජීවිතයේ කරදර සහිත කාලයකි. ඔබ සුවණ හෝ දෙනට යන නැකැත්වලින් ඉපදී ඇති නම් සුළුවට පවතින ගැටුම් දුරදිග යනු ඇත. ඉතා ඉවසීමෙන් කලය ගෙවිය යුතුය. සතියේ අවසාන කාලය සුබවේ. මිල මුදල් අතින් යහපත් වේ. හදිසි ධන ලාභයක් ලැබීමේ වාසනාවද මතුවේ. කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අදහසක් ඉෂ්ටකර ගැනීමට ඉඩ ලැබේ. ලියකියවිලි වැඩවලින් ලාභ ලැබේ. මංගල යෝජනා ද ඇති කළ හැකිය. සෙනසුරු ගෝචරව 7 වැන්නේ ගමන් කිරීමත් නිසා සිතට තරමක් නිදහස නම් අඩුවනු ඇත.

සුබ දිනය - බ්‍රහස්පතින්දා සුඛ වර්ණය - සුදු ජය අංකය - 02

 

සිංහ

රැකියා දියුණුව

රැකීරක්ෂා කටයුතු පසුගිය කාලයට වඩා දියුණුවක් ඇතිවේ. නව රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අයට එම අදහස් ඉටුවේ. අලුත් වැඩකටයුතු ඇරැඹීමට සුබ කාලයකි. සතිය මැදදී ගමන් බිමන් යැමේදී කල්පනාවෙන් කටයුතු කළ යුතුය. පියාට තරමක් අගුණ කාලයකි. ශරීර සනීපය සැලකිලිමත් විය යුතු අතර වැටීම්, තැළීම් ආදියෙන් ප්‍රවේශම් වන්න. තමාගේ කතාව නිසාද දේපළ මාර්ගවලින්ද මුදල් ලාභ ලැබේ. දූ දරුවන්ට යහපත් වේ. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලින් ජය ලැබේ. රැකීරක්ෂා කටයුතුවල ස්ථාන මාරුවීම් සිදු වේ. උත්‍රසල නැකැතින් ඉපදී ඇති නම් පැවැති කරදර කිහිපයකින්ම නිදහසක් ලැබේ. ඔබ සුවණ - දෙනට යන නැකැත්වලින් ඉපදී ඇති නම් තවදුරටත් කරදර හා සිත් පීඩා මතු වේ. ඉවසීමෙන් කටයුතු කර ගත යුතු කාලයකි.

සුබ දිනය - බදාදා සුඛ වර්ණය - රතු ජය අංකය - 05

 

කන්‍යා

පුණ්‍ය කටයුතුවලට ඉඩ

අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත් වේ. අලුත් උසස් දේ ඉගෙනීමට ඉඩ ලැබේ. විශේෂ පුණ්‍ය කටයුතු වලට ඉඩ ලැබෙන සතියකි. පිළිබඳ පැවැති බලාපොරොත්තුවක් ඉටුවේ. රැකීරක්ෂා කටයුතු දියුණු වේ. ගෙදරදොර කටයුතු මනාව කරගෙන යෑමට හැකි අතර ගෙදරට අමුත්තන් පැමිණීම සිදුවේ. ස්වයංරැකියා කටයුතුවල යෙදෙන අයට සුබපල ලැබේ. තැන්පත් ධනය වර්ධනය වේ. උත්‍රසල නැකැතින් ඉපදී ඇති නම් පසුගිය කාලයේ සිට පවතින කරදර බොහෝමයක් අඩු වී යනු ඇත. නමුත් ඔබ සුවණ - දෙනට යන නැකැත් වලින් ඉපදී ඇති නම් තවදුරටත් සිත් පීඩා ඇති වන බැවින් ඉදිරියට ප්‍රවේශම් විය යුතුය. මෙම අයට ප්‍රේම සම්බන්ධතා පිළිබඳ කරදර මතුවේ. දරුවන් සම්බන්ධයෙන් හා උදරාබාධ පිළිබඳ කරදරද ඇති කරයි.

සුබ දිනය - සිකුරාදා සුඛ වර්ණය - හා ජය අංකය - 05

 

තුලා

අවශ්‍ය මුදල් ලැඛෙයි

සිතට අනවශ්‍ය කරදර මතුවන සතියකි. සිතේ සතුට අඩුවේ. නෑයෙක් හෝ හිතවතෙක් අමනාප විය හැකි බැවින් ඔවුන් සමඟ ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් වන්න. සිතට බයක් ඇතිවේ. තම දියුණුවට බාධා හෝ පටලැවිලි මතුවේ. ඔබ උත්‍රසල නැකැතින් ඉපදී ඇති නම් පසුගිය කාලයේ සිට තමාට වධයක්ව පැවැති ගැටලු කිහිපයක්ම විසඳී යනු ඇත. සුවණ - දෙනට යන නැකැත්වලින් ඉපදී ඇති නම් පවතින සුළු කරදර තවදුරටත් වැඩි වන බැවින් එම අය ඉවමන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. සාමාන්‍යයෙන් තුලා ලග්න හිමියන්ට සුධපල ලබාදෙන කාලයකි. ව්‍යාපාර කටයුතු දියුණුවට පත් වේ. සහෝදර සහෝදරියන්ට යහපත් කාලයකි. උත්සව අවස්ථාවන්ට සහභාගි වීමට ඉඩ ලැබේ. මිල මුදල් ගැටලු මතු වුවද තමාට අවශ්‍ය මුදල් කොහෙන් හෝ ලැබෙනු ඇත. මවුපියන්ට හා වැඩිහිටියන්ටද සුබ වේ.

සුබ දිනය - බදාදා සුබ වර්ණය - අයිවරි වර්ණය ජය අංකය - 06

 

වෘශ්චික

සිතේ ශක්තියෙන් කටයුතු කරයි

ලග්නාධිපති කුජ 12 වැන්නේ තවදුරටත් ගෝචරව ගමන් කරමින් පවතී. තවදුරටත් සිත් පීඩා, පසුතැවීම් පවතින කාලයකි. නමුත් සිතේ ශක්තිමත්භාවය වැඩි නිසාම තම කටයුතු කරගෙන යනු ඇත. වියදම් වැඩිවේ. නැති නම් ලැබෙන ආදායම් හෝ වෙනදාට වඩා අඩු වනු ඇත. බොහොමයක් වෙලාවක රටින් පිට වීමට සිතේ. උත්සාහ කළහොත් එම ගමන් සාර්ථක වේ. බාල සහෝදරයෙක් තමාට කරදරයක් හෝ පාඩුවක්ද කරනු ඇත. සතියේ මැද භාගය යහපත් වන අතර ව්‍යාපාර කටයුතු හා රැකී රක්ෂා කටයුතු සාර්ථක වේ. මුදල් ගැටලු යම් ප්‍රමාණයක් හෝ විසඳී යයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. නව ව්‍යාපාර ආරම්භ කිරීමට හැකි වන අතර නව නිවෙසක් සෑදීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම බලාපොරොත්තු ඉටුකර ගැනීමට මග පෑදේ. විවාහය හා ප්‍රේම සම්බන්ධතා සාර්ථකව කරගෙන යෑමට හැකිවේ.

සුබ දිනය - බ්‍රහස්පතින්දා සුබ වර්ණය - රතු ජය අංකය - 04

 

ධනු

වාසනාව මතු වෙයි

 

සැපවත් කාලයකි. වාසනාව මතුවී දියුණුවට මග විවර වේ. අලුතින් අධ්‍යාපන කටයුතුවලට බැඳේ. රැකීරක්ෂා ලැබේ. පවුලේ දියුණුව ඇති වන අතර මුදල් සම්බන්ධයෙන් පැවැති බොහෝ කරදරවලට විසඳුම ලැබේ. හදිසි ධන ලාභයක් ලැබීමට ඉඩ තිබේ. පසුගිය කාලයේ පැවැති සිත් පීඩා, පසුතැවිලි ගතිය මඟහැරේ. ප්‍රේම සම්බන්ධතා හා පවුල් ජීවිතය සම්බන්ධයෙන් පැවැති කරදරවලින් නිදහස ලැබේ. අලුත් භූමියකට යෑමට සිදුවේ. විදෙස්ගත වීමට ඉඩ ලැබෙන අතර තම ව්‍යාපාර කටයුතු දියුණුව ඇතිවේ. ඔබ උත්‍රසල නැකැතින් ඉපදී ඇති නම් පසුගිය කාලය පුරාවටම සිතට දුක් දුන් කරදරයකින් නිදහස්වීමට ඉඩ ලැබේ. තුමුත් ඔබ සුවණ හෝ දෙනට යන නැකැත්වලින් ඉපදී ඇති නම් සුපල අඩු වී අනවශ්‍ය කරදර, සිත් රිදවීම්, ව්‍යාපාර කටයුතුවලින් පාඩුවීම් හා මුදල් ගැටලුවලට තවදුරටත් මුහුණ දීමට සිදුවේ.

සුඛ දිනය - සිකුරාදා සුබ වර්ණය - කහපාට ජය අංකය - 05

 

මකර

අලුත් අදහස්

 

අලුත් අදහස් ඉස්මතු වේ. ඉගෙනීම හා ඉගැන්වීම කරන දෙපාර්ශ්වයටම සුඛ කාලයකි. සතුටින් ඉගෙන ගනී. සතිය මැදදී නිවෙසට අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට හැකිවේ. විනෝදයටත් ආගමික කටයුවලටත් යොමු වන අතර නමුත් දරුවන්ගෙන් ඈත් වීමට සිදුවේ. දරුවන්ට තරමක් කරදර කාලයකි. ශරීර සනීපය යහපත් වේ. සෙනසුරු ගුරු සමඟ ලග්නයේම ගමන් කිරීමත් නිසා තමාට සමහර තීරණ ගැනීමට නොහැකි වේ. නැතිනම් ප්‍රමාද වනු ඇත. ඔබ උත්‍රසල නැකැතින් ඉපදී ඇති නම් පසුගිය කාලයේ පැවැති කරදර බොහෝමයකින්ම නිදහස් වනු ඇත. සුවණ - දෙනට යන නැකැත්වලින් හෝ උපතේදී සඳු 2 වැන්නේ තැම්පත් වී ඇති නම් මෙම කාලයද කරදර සහිත බැවින් ප්‍රවේශම් විය යුතුය.

සුබ දිනය - සිකුරාදා සුඛ වර්ණය - නිල් ජය අංකය - 07

 

කුම්භ

දියුණුවට කටයුතු සැලසෙයි

 

සතියේ ආරම්භය ඔබට සුබපල ලබාදේ. දියුණුවට කටයුතු සැලැසේ. ධන ලාභ, මිල මුදල් ලාභ ලැබෙන අතර නමුත් ආදායමට වඩා වියදම් වනු ඇත. ආදර බැඳීම් ඇති වේ. නමුත් එම බැඳීම් ඔබට බොහෝ සිත් තැවුල් හා වේදනාවන් ඇති කරනු ඇත. භෝජන සංග්‍රහ, ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ. එම ස්ථානවලදී අනවශ්‍ය කරදරවලට මුහුණ දීමට ඉඩකඩ පවතින බැවින් ඉතා කල්පනාවෙන් කටයුතු කළ යුතුය. උත්සාහ කරන තරමට ප්‍රතිඵල අඩු කාලයකි. මවට හෝ පියාට කරදර කාලයකි. පදිංචි ස්ථානය පිළිබඳ හෝ දේපළ ඉඩකඩම් පිළිබඳ නිතර නිතර කරදර මතු කරයි. ආගමික අවස්ථාවලට සහභාගි වීමට ලැබේ. එම ස්ථානවලදී සිතට සහනයක් ලැබෙනු ඇත. මෙම කාලයේ කිසිම වැරදි වැසි නොකර පංචශීලය ආරක්ෂා කර ගත යුතු වේ.

සුබ දිනය සඳුදා සුබ වර්ණය - තද කහපාට ජය අංකය - 07

 

මීන

විදෙස් ආධාර ලැබෙයි

 

අධ්‍යාපන කටයුතු සඳහා වාසනාවන්ත කාලයකි. තරග විභාගවලින් ජය ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශීය ආධාර හෝ වෙනත් පහසුකම් ලැබීමට හැකිය. වැඩිහිටියන්ගෙන් විශේෂ උපකාර ලැබේ. සිතේ සතුට වැඩි වන අතර සතුරන්ගෙන් ඈත්ව වාසය කිරීමට ඉඩ ලැබේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබේ. ගොවිතැන් හා ඉඩකඩම් වගා කටයුතු කරන අයට එයින් ලාභ ප්‍රයෝජන ලැබෙනවා ඇත. සුදුසු වයස නම් යහපත් විවාහ සහකරුවන් සහ සහකාරියන් ලැබේ. උත්‍රසල නැකැතින් ඉපෙදී ඇති නම් එම අයට පසුගිය කාලයේ පැවැති අනවශ්‍ය කරදර කිහිපයකින් නිදහස් වීමට ඉඩ ලැබේ. සුවණ - දෙනට යන නැකැත්වලින් ඉපදී ඇති නම් තවදුරටත් කරදර හා සිත් පීඩා ඇතිවේ. අසනීප මුදල් හානි සිදුවේ. දරුවන්ට කරදර කාලයකි. ඔවුන් වෙනුවෙන් වියදම් කිරීමට සිදු වේ.

සුබ දිනය - බ්‍රහස්පතින්දා සුබ වර්ණය - රතු හෝ කහ ජය අංකය - 03

 

 

(මව්බිම - තරුපති 31/10/2021)

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk