Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජන්ම පතින් මනුෂ්යත්වය පිළිබද කිව හැකිද ?

1 year ago 7 Min read
Subha.lk

මනසින් උසස් නිසා මනුෂ්‍ය යන නාමය මිනිසුන් වන අපට ලැබී ඇත. තිරිසන් සතුනට අපට තරම් හිතාමතා කටයුතු කළ නොහැකිය. එහෙත් සමහර අවස්ථාවන්වලදී සතුන් මිනිසුන්ට වඩා මිනිස් ගති ගුණ ඇතිව කටයුතු කළ අවස්ථා අපට දැකගත හැකිය. එවන් යුගයක මව පියා මරා දමන්නට තරම් දරුවන් අකාරුණික වන තම දරුවන් පියවරුන් මවුවරුන් අතින් මරා දමන පුවත් අපට නිතර අසන්නට දකින්නට ලැබේ. එවන් ශෝචනීය පුවත් දකින්නට ලැබෙනුයේ ජාතියේම අවාසනාවටය. මිනිසුන්ගේ ගති සිරිත් පියවි ඇසට නොපෙනේ. එවන් ගතිගුණ හඳුනාගන්නට නවීන විද්‍යාවෙන්ද මෙතෙක් කිසිදු සොයා ගැනීමක් සිදුකර නොමැත.

 

පුද්ගලයකු උපදින විට විශ්වයේ ඇතිවන විෂම අවස්ථාවන් උපත ලබන්නාගේ ශරීරයට, මනසට සම්බන්ධ වනු ඇත. ග්‍රහ යුද්ධයන්ගෙන් ග්‍රහයන් නීච වී සිටින විට මවුකුස පිළිසිඳ ගන්නා දරුවන් තුළ අමනුෂ්‍ය ගතිගුණ ඇතිවනු ඇත. ලග්නාධිපති හෝ අට අධිපති නීචවීම, සඳු නීචව සිටියදී පාප ග්‍රහයකුගේ දෘෂ්ටියට ගොදුරුවීම, සඳු පාප ග්‍රහයන් දෙදෙනාට මැදිව සිටීම හා දුෂ්ට රාශි වන 6,8,12 ග්‍රහයන් ලග්න රාශිගතව සිටීමද දරුවන් තුළ මානුෂීය ගති ගුණ නැතිවීමට හේතුවේ.

 

මවුපියන්ගේ වැරැදි නිසාද නින්දිත ගතිගුණ ඇති දරුවන් බිහිවේ. ගුරු හා චන්ද්‍රයා යන ග්‍රහයන් දෙදෙනා නීචව උපදින්නන් තුළ මිනිස්කම නොමැත. පැරැණි ජ්‍යොතිෂවේදීන් විවාහ වන තරුණ යුවළ සඳහා මුල්වර කායික එක්වීම සඳහා තේරුවේ චාර්තුවලට අමතරව නැකැනක් සාදා දුන්නේ මිනිස් සාරධර්මවලින් පිරුණු දරුවන් සමාජයට බිහි කිරීමටයි. අද වනවිට එම විවාහ සිරිත් වෙනස් වී ඇත. විවාහ වන යුවළ වසර දෙක තුනක් යනතුරු දරුවන් ලැබීම කල් දමනි. ඒ සඳහා ඔවුන් උපත්පාලන ඖෂධ වර්ග භාවිත කරයි. මේ සියලු කරුණු මනුෂ්‍යත්වය නොමැති 

සමාජයක් බිහිවීමට ඉවහල් වේ. පුත්‍ර කාරක ගුරු ග්‍රහයාගේ පිහිටීම,

පුත්‍රස්ථානයට පාපග්‍රහයන්ගේ සම්බන්ධ වීම ඇතිවීම බිහිවන දරුවන් තුළ සාරධර්ම පිහිටන්නේ නැත. ලග්නාධිපති බලවත්ව සිටීම සමාජයට වැඩදායකව ජීවත්වීමට හේතුවනු ඇත. මත්පැන්, මත්කුඩු වැනි දෙයට ඇබ්බැහි වීමද ග්‍රහ පිහිටීම් නිසා සිදුවිය හැකිය. ලග්නාධිපති නීච වීම, ලග්නාධිපති 8 වැන්නේ වීම, සිකුරු නීච වීම හෝ පාපව පතිත වීම මිනිසුන් පහත් ගති ඇති මිනිසුන් බවට පත්වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk