අනාගතයේ සිදුවන රෝග පිඩා අනතුරු කේන්දරයෙන් දැනගනිමු
මහ සයුර මෙන් වූ ජ්‍යොතිෂ නම් වූ ගැඹුරු වූත් සත්‍ය වූත් වටිනා ශාස්ත්‍රය ඇසුරින් යම් අයකුගේ නිවැරැදි උපන් වේලාව අනුව සකස් කරනු ලබන ජන්ම පත්‍රය නිවැරැදිව පරික්ෂා කිරීමෙන් ග්‍රහ පිහිටීම් අනුව එම අයගේ රෝග පීඩා, ධනයෝග, ඥානයෝග පමණක් නොව ආයුෂ, මාරක, අනතුරු පිළිබඳව පවා ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති බව සඳහන් කරන්නට කැමැත්තෙමි.
යම් අයකුගේ ජන්ම පත්‍රයට අනුව රෝග පීඩා නික්ෂණය කිරීම, 6 අධිපතියා හා 6 වැන්න නම් වූ රෝගස්ථානයේ තැන්පත්ව ඇති ග්‍රහයන්, ග්‍රහ සංයෝග, ගෘහ දෘෂ්ටි පමණක් නොව කුජ ග්‍රහයාගේ පිහිටීම පරීක්ෂා කළ යුතු වේ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සර්පයකු දෂ්ට කළ විට විස සහිත හෝ විස රහිත බව දැන ගැනීමට දුෂ්ට කළ සර්පයා රැගෙන ආ යුතු බව නියමයක් වුව ද හෙළ වෙදකම් වල මහතා සර්පයා දෂ්ට කළ හෝට අනුව දෂ්ට කළ සර්පයා කවුරුන්ද යන වගත් විස සහිත ද නැද්ද ?
මාරාන්තිකද යන වගත් විස කලාව අනුව ප්‍රකාශ කරනු ලබයි. එපමණක් නොව එම රෝගියාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර එම අයගේ ආයුෂ පිළිබඳව යම් තීරණයක් අවබෝධයක් ලබාගත හැකි වේ. ඒ ගැන දැන ගැනීමට මාරක ග්‍රහයා, මාරක ස්ථානාධිපති ග්‍රහයා (අට අධිපති) 22 දෙර්කාණාධිපතියා. 64 නාවාංශකාධිපතියා හා ඔවුන්ගේ මහ දශා අතුරු දශා පංචම දශා, පරීක්ෂාවට ලක් කෙරේ. එම ප්‍රතිඵලය 100%ක් නිවැරැදි නොවන අවස්ථා ඇතත් ආසන්න වශයෙන් බොහෝදුරට සත්‍ය වන අවස්ථා වැඩි බව අත්දැකීමෙන් දන්නා කරුණකි.
මේ පිළිබඳව ජ්‍යොතිෂය හැදෑම පමණක් නොව ජන්ම පත්‍ර පරීක්ෂාව තුළින්ද ලබා ගන්නා වු අත්දැකීම් පදනම් කොට ගෙන කරුණු දැක්විය යුතුය. අකාලයේ මියයන අයගේ මෙන්ම නිසි වයස සම්පූර්ණ වී මිය යන අයගේ ජන්ම පත්‍ර මිය ගිය දිනවකවානු වේලාවන් පිළිබඳව පරීක්ෂාවට ලක්කර කුමන ග්‍රහයාගේ බලපෑමද කුමන දශාවද හොඳින් නිරීක්ෂණය කර සොයා ගන්නා දැනුම ප්‍රයෝජනවත් වේ. ශනි, කේතු යෝග වැනි ග්‍රහ පිහිටීම්වලදීද එම යෝග ගෝචරයෙන් පවතින අවස්ථාවලදී සැලකිල්ලට ගතයුතුය. තවදුරටත් ජ්‍යොතිෂ්‍යයේ සඳහන් අඩු ආයුෂ, මධ්‍ය ආයුෂ, දීර්ඝායුෂ පිළිබඳ ග්‍රහ පිහිටීම් සම්බන්ධ සිද්ධාන්ත පරිහරණය කළ හැකිවේ. එම කරුණුද සැලකිල්ලට ගත යුතුවේ. මාගේ අත්දැකීමට අනුව මරණය සිදුවන දිනය නිශ්චිතව ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නවාට වඩා ඔබට ඉදිරි කාලයේ යම් දිනයක් සඳහන් කර එදිනට පෙර මාරකයක් පසුකරන්නට ඇති බව ප්‍රකාශ කළ හැකිය. එය හදිසි අනතුරක් හෝ රෝග පීඩාවක් විය හැකිය. එසේ ප්‍රකාශ කළ හැකි රෝග පීඩා අතර හෘදයාබාධ විශේෂයි.
නිවැරැදිව ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීම තුළින් අනාගතයේ ඇති විය හැකි රෝග පීඩා, මාරක, හදිසි අනතුරු වළක්වා ගැනීමට දැනුවත්වීම සඳහා ආයෝජනයට ගත යුතුයි.