Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

භුමි පාළු වගේම අනවින,කොඩිවින ,පැන්නුම් පෙරළා යවන බලවත් රණ කතුර

1 year ago 7 Min read
Subha.lk

කෙතරම් හොඳින් ළඟින් සිටි කෙනෙක් වුවත් සුළු දේකට අමනාප වීමෙන් අවසන් වන තරහ අන්තිමට නතර වෙන්නේ අන - වින, කොඩි වින හෝ වෙනත් බලවත් අශුභකාරී කටයුතුවලින්,අතීතයේ සාම්ප්‍රදායික සමාජ තලය තුළ පමණක් නොව වර්තමානයේත් බොහෝ දෙනෙක් මෙවන් අශුභතාවන්ට ක්ෂණිකව යොමු වනවා. ඇතැම් විට තමාගේ ඥාතීන්ට, හොඳම යහළුවන්ට පමණක් නොව එක කුස උපන් සහෝදර සහෝදරියන් අතරේ පවා මෙවන් ඝට්ඨනයන්ට යොමු වන අවස්ථා ප්‍රායෝගිකව අනේකවත් පවතිනවා. නමුත් ඉතිං මේවායේ අවසානය කොතැනින් කෙළවර වනවා දැයි ඇතැම් විට සිතා ගැනීමත් අපහසු වනවා. හොඳින් සිටිය තැන පවා ඉන්න හිටින්න බැරි තැනට පත් වීමෙන් පාරට බසින දුක්ඛිත තත්ත්වයන්ට පත්වීමත්, ඇතැමුන් සිතා ගන්නට බැරි තරමේ ශාරීරික දුර්වලතාවන්ට පත්වී රෝගාතුර වීමත් වගේම, හොඳින් කරගෙන සිටි වෙළෙඳ ව්‍යාපාර, රැකියා ආදී කටයුතු නොසිතූ ලෙසින් අඩපණ වීම, නැති වී යෑම වැනි තත්ත්වයන් බහුලව පවතිනවා. නමුත් ඉතින් කෙනෙක් වෙනුවෙන් දුරදිග නොසිතා මෙවන් කටයුතු සිදු කිරීමෙන් සමස්ත සමූහයක්ද ඇතැම් විට නැවත හරවා ප්‍රතිකර්මයන්ට යොමු කළ නොහැකි ලෙසින් ඇදවැටීමට ලක් වනු ලබනවා. පෘථග්ජන සමාජය ස්වභාවයෙන් මෙසේ වුවත්, තාර්කික නුවණක් හිමි ඔබ මෙවන් අවස්ථාවන් දිවියෙන් ඈත් කොට පලවා හරින්නට සුදුසු පරිසරයද සකසා ගැනීම වැදගත් බවද සිහිපත් කළ යුතුය.

 

වර්තමානයේ මෙවන් බලවත් ගැටලුකාරිත්වයන්ට නතු වූවන් පිහිට සොයා ඉන් මිදෙන්නට කටයුතු සොයා යෑම බහුලදි පවතිනු ලබනවා. කොතරම් ශාන්තිකර්ම සිදු කළත් ඒවායේ පවතිනා බලවත් භාවය අනුව අශුභතා යටපත් කරන්නටද හැකියාව පවතින්නේ ප්‍රතිශතාත්මකවය. ඇතැම් විට කෙතරම් බලවත්ව කටයුතු සිදු කළත් ඒවායේ පැවැත්ම තාවකාලික වන අවස්ථාද නැත්තා නොවේ. නැවත 

නැවතත් පෙර කී දෝෂ යන් මතු වන්නට පටන් ගනු ඇත. අද මා ඔබට පෙන්වා දෙනු ලබන්නේ මෙවන් බලවත් අශුභතාවන්ගෙන් යුක්ත වූවන්ට සහනය, සැනසුම උදා කර ගනිමින් තමා වෙසෙන නිවෙසේ හෝ ජීවිතවලට බද්ධව පවත්නා ගැටලු දුරු කර ගන්නා ආකාරයක් පිළිබඳවයි. ඇතැම් විට මෙම කටයුත්ත ආධුනික ඔබට පහසුවෙන් යොදා ගැනීමේ දුෂ්කරතා මතු වන්නට හැකිය. පූර්ව අවබෝධයක් නොමැතිකමින් ප්‍රශස්ත මට්ටමට ළඟා වීමේ හැකියාවක් නොමැති බව සිතට නැගේ නම් පළ පුරුදු හිතවත් අයකු ලවා සිදු කර ගත්තාට ද වරදක් නොවන්නේය.

 

රණ කතුර ලෙසින්ම ශාස්ත්‍රීය පුස්කොළ පොත්වලද දක්වා ඇති මෙය පසුකාලීන පොත පතෙහි දක්වද්දී ඇතැම් අවස්ථාවල යම් සංශෝධන සහිතවද දක්වා ඇත. අතීතයේ පටන් මෙවන් අශුභතා දුරු කර ගැනීමෙහිලා බලවත්ව යොදා ගෙන ඇති මෙය මෙසේ දක්වමි.

 

 

මන්ත්‍රය -

 

උළු සෙත්ථාරුන් ජුන්නු ජුන්නු ඔරුධව ලේ තෝ සෙර

මහී කුලල් චාම් දී දඩො

ඔරුවිල් දිග රුගම් කුල්ල විපුල් හරිය

උස්සිය හෝරාඩා පදික්කු හිස් හක්‍රහස්

ජුජුලි:පොඩි: අචරරාමනම් හෙන යවට

සත්

පොලට පිපර ගිනි ගත් වරමින්

ඩීඩව රාමකාර පොඩික්ක ශ්‍රී දේවරාජ

පොඩික්ක.

 

අපහසුතාවට හෝ ආතුර භාවයට පත් තැනැත්තා හෝ අපවිත්‍රභාවයට, ගැටලුකාරීත්වයට පත්වූ ස්ථානය වෙනුවෙන් එක නැට්ටේ දෙහි ගෙඩි 03ක් ගෙන, වෙන වෙනම මේ මන්ත්‍රයෙන් ජීවම් කිරීම සිදු කළ යුතුය. යම් හෙයකින් පුද්ගල ප්‍රාණයක් වෙනුවෙන් මෙවන් අශුභතාවක් වී නම් හෝ මේ වනවිට ඔහු බලවත් රෝගී තත්ත්වයෙන් පසුවන්නේ නම් ඒ වෙනුවෙන් අවස්ථානුකූලව මේ කටයුත්ත නොකරන්නටද වගබලා ගත යුතුය. එය විශේෂයකි. නිසි ලෙසින් මල් යහන තනා ඒ මත පාට පහක මල්, පහන් හතරක්,පුවක් මල්, පිනිදිය තබා, කපුරු, දුම්මල, සාම්ප්‍රාණි දුම් පදමට අල්ලා එක නැට්ටේ දෙහි ගෙඩි ත්‍රිත්වය එහි තබා 108 වාරයක් ජීවම් කළ යුතුය. නිසි ලෙසින් ජීවම් කිරීම අවසානයේ දෙහි ගෙඩි 3 පැඟිරි දරවලින් හොඳින් පුලුස්සන්න.

 

මෙය පෙර කී අයුරින් අන-වින, කොඩි-වින වගේම, භූමි පාළු ආදියත්

නසා පෙරළා යවන්නට හැකියාව පවතිනා වූ ගුප්ත ක්‍රමවේදයකි. අතීතයේ වගේම අදත් බොහෝ ගම් - දනව් ආශ්‍රයේ පැරණි ඇදුරන් භාවිතාවට ගන්නකි. වර්තමානයේද මෙවන් අශුභකාරිත්වයන් බහුලව ප්‍රායෝගිකව පවතිනා නිසාවෙන්, ඊට සහනයක් ලෙසින් මෙසේ ඔබ වෙත ගෙන එමි. ඔබට උතුම් තුන්රුවනේ ආරක්ෂාව ලැබේවා!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk