Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහයේ සාර්ථක අසාර්ථක බව පෙන්වන හස්ත රේඛා

1 year ago 7 Min read
Subha.lk

වර්තමාන සමාජය තුළ විවාහය සාර්ථක වූ මෙන්ම අසාර්ථක වූ අය අපට ඕනෑ තරම් හමු වී ඇත. ඊට හේතුවන සමාජ විද්‍යාත්මක කරුණු බොහෝය. ඊට හේතු වන හස්ත රේඛා සලකුණු මොනවාද කියා මෙම ලිපියෙන් විමසා බලමු.

 

අතක ගුරු හෙවත් බ්‍රහස්පති මණ්ඩලය තුළ කතිර සලකුණු එකක් හෝ දෙකක් පිහිටීම විවාහය සාර්ථක වීමට හේතුවන කරුණුය.

 

රූප සටහනේ A-A සලකුණ බලන්න. සිකුරු මණ්ඩලයේ තරු සලකුණින් පටන්ගත් රේඛාවත් ශනි මණ්ඩලය වෙත ගමන් කර තාරුකා සලකුණින් අවසන් වේ නම් එය විවාහය අසාර්ථක වීමට හේතු වන සලකුණකි. අතක හෘදය රේඛාව ගැඹුරින් පිහිටා එය ගුරු මණ්ඩලය වෙත ගමන් කරයි නම් එය විවාහය සාර්ථක වීමට හේතු වේ. මෙහිදී ඉතා පැහැදිලි ජය හෙවත් විවාහ රේඛාවන් පිහිටීමද හේතු වේ.

 

රූප සටහනේ B-Bසලකුණු බලන්න. ශනි චක්‍රය හෙවත් සිකුරු චක්‍රය තැනින් තැන කැඩී මෙන්ම දුබලව පිහිටීමද විවාහ අසාර්ථක වීමට හේතුවන හස්ත රේඛා සලකුණකි.

 

රූප සටහනේ C-C ඉතා පැහැදිලි ත්‍රිකෝණයක් සිකුරු මණ්ඩලය තුළ පිහිටීම විවාහය සාර්ථක වීමට හේතු වන සලකුණකි.

 

රූප සටහනේ D-Dපළමු කුජ මණ්ඩලය තුළින් පටන්ගත් රේඛාවන් ප්‍රධාන රේඛාවන් කපාගෙන ගොස් විවාහ රේඛාවට සම්බන්ධ වේ නම් එය විවාහය අසාර්ථක වන යෝගයකි. මෙසේ පිහිටා තිබීම වැන්දඹු යෝගයකි.

 

රූප සටහනේ E-E බලන්න. ඉතා පැහැදිලි විවාහ රේඛාව සූර්ය හෙවත් රවි රේඛාවට සම්බන්ධ වේ නම් එය ධනවත් විවාහයක් වන බව කියැවේ. එය විවාහය සාර්ථක වීමට හේතු වේ.

 

රූප සටහනේ F-F බලන්න. සිකුරු මණ්ඩලය යටට නෙරා තිබී ඒ මත දැල් ජාලා, ලප, තිත් වැනි සලකුණු වැටීමෙන් එයද විවාහය අසාර්ථක වීම කෙරෙහි තදින් බලපානු ඇත.

 

රූප සටහනේ G-G සලකුණු බලන්න. සිකුරු මණ්ඩලයෙන් පටන් ගත් රේඛාවත් දෛවය රේඛාවට සම්බන්ධ වීමත් එයින් පටන්ගත් රේඛාවන් කිහිපයක් අත්ලේ 

ඉහළට ගමන් කිරීමද විවාහ සාර්ථක වීමට හේතු වන හස්ත සලකුණකි.

 

රූප සටහනේ H-H සලකුණු බලන්න. විවාහ රේඛාවන් දෙකක් දෙඅත්ලේම වැටීමෙන් එවැනි අය විවාහ දෙකක් කරගන්නා සලකුණකි. ඉතා පැහැදිලි දෛවය රේඛාවත් ඊට සමගාමීව රව් හෙවත් සූර්ය රේඛාවත් පිහිටීමද විවාහය සාර්ථක වීමට හේතුවන ලකුණකි. තවද විවාහ රේඛාවක් නොපිහිටීම හෝ ඉතා දුබල කැඩුණු බිඳුණු රේඛාවක් පිහිටීම විවාහය අසාර්ථක වීම කෙරෙහි තදින් බලපානු ඇත. මේ විදිහට විවාහය සාර්ථක හෝ අසාර්ථක වීමට බලපාන රේඛා සලකුණු බොහෝ තිබෙන බව අපගේ පරීක්ෂණයන් තුළින් ඔප්පු වී ඇති අතර එයින් ඉතා අල්ප හස්ත සලකුණු කිහිපයක්  පමණක් ඉදිරිපත් කළ බව සලකන්න. 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk