සිත් බිද දමා හැර ගිය අය නැවතත් ගෙන්වා දෙන අත්දුටු ආකර්ෂණිය මණිභද්රය
අෂ්ට කර්මය තුළින් මිනිසාට ලබාගත හැකි පිහිට සහ ගුණය අපමණය. මෙම යන්ත්‍රය සහ මන්ත්රවේදය ඉතා රහසිගතව පරපුරෙන් පරපුරට මිණි මුතු මෙන් රැකගෙන ආ මන්ත්‍ර විශේෂයකි.
පළමුවරට සාර්ථක නොවුවහොත් දෙවැනි වර ඒකාන්තයෙන්ම තමාට ප්‍රතිඵල ලැබෙනු ඇත. අප කරන කියන සියලු කටයුතු එකවර සඵල නොවෙනු ඇත. නමුත් එසේ වීම තුළින් අපගේ කාරණය ඉටු නොවන බව නොසිතා විශ්වාසයෙන් කටයුතු කළ යුතුය. ගුප්ත විද්‍යාව යනු නොයෙක් බලවේග ඒකරාශී වී ගොඩනැඟී ඇති ක්රමවේදයකි. පළමුව අවබෝධය දෙවැනුව ක්‍රියාකාරකමට ඔබ පිවිසිය යුතුය. එසේ නොමැතිව භාවිත කිරීම තුළින් ප්‍රයෝජනයක් නොලැබෙනු ඇත.
මෙම ගුරුකම කරන විට සුබදායක සුබ හෝරාවක පිරිසුදු ආසනයක් මත පංච වර්ණ රෙදි කැබැල්ලක් එළා මරුට පිටුපා තෙරුවන් පුදා සර්වදේව තෙරුවන් පුදා සර්වදේව මණ්ඩලය සිහිකර තඹ පන්හිඳකින් යන්ත්‍රය ඇඳ සුදු සඳුන් තෙලින් කළු මැද ගත යුතුය. ඉන්පසු තමාගේ පක්ෂියා රජ භෝජන අවස්ථාව බලා යන්ත්‍රය මැතිම කළ යුතුය. උඩුවියන් බැඳ මල් බුලත් පුටුව මත පස්සැබ පිහිටන ආකාරයයට පුවක් මල්වලින් සකස් කර කැවිලි 5, පලතුරු 5, විලඳ, ගිතෙල් මිශ්‍ර කිරි බතක්, සුවඳ මල් වර්ග 5ක්, දුම්මල සහ සාම්බානි ටිකක්, ගිතෙල් පහනක්, කාසි 5ක් තැන්පත් කර කහ ගෑ නූල්පට පහක් යන්ත්‍රයේ දවටාගෙන ජීවම් කරගත යුතුය. සියලු මන්ත්‍ර විධි නිමවා දෙවියන්ට පින් දී ජීවම් කරගත් යන්ත්‍රය කුඩාවට රෝල් කර කහ නූලෙන් වෙළා රන් තැඹිලි තෙල්වලින් දින හතක් රත් කර ඉන් අනතුරුව යන්ත්‍රය මී පැණි සමඟ කුප්පියකට දමා කිරල ඇබයක් ගසා කට සිර කර තම භූමියේ දකුණු දිශාවේ කිරි ගසක එල්ලා තබන්න. තමාගෙන් වෙන් වූ අමනාප වූ අය නැවත ඔබ සමඟ සම්බන්ඩ් වේ. සියලු කටයුතු නිසිලෙස කරන්න.
මුල, මැද, අග, ප්‍රාණ පලිප්පු සිද්ධි පුට කරන්න.
දිෂ්ටි මන්ත්‍රය
ඕං රාජගුරු නාරායනේ නමඃ ඕං බ්‍රහ්ම දිෂ්ටි ඊශ්වර දිෂ්ටි, ක්රනේෂ්වර දිෂ්ටි, නාතේශ්වර දිෂ්ටි වජ්රාසන දිෂ්ටි, දේව දිෂ්ටි, විෂ්ණු දිෂ්ටි, විෂ්ණු අවතාර දිෂ්ටි, යන්ත්‍ර දිෂ්ටි වර වර නමඃ ඕ නමෝ වේගෙන ආකර්ෂය මණිභද්‍ර ස්වාහඃ ඕං වරං ගුරු වරං දේව වරම් සර්ව දිෂ්ටි ඔඩ්ඩියා වර වර නමඃ (1008 වරයි.)
ජීවම් මන්ත්‍රය
ඕං අරු අරු වන්ද වඩතීක ඉකීක කොණ්ඩු පුරච්චි ඉරන්දකාම ගිනි කට්ටු ගිනි ගිනිකන්ද ගිනි කුමාර පිල්ලි අග්නි දේව මන්දිර කට්ටු රාම ගිනි දේව ගිනි කාම ගිනි ගිනි කුරුම්බර ගිනි මදන ගිනි සොහොන් කඩවර අග්නි හිරකට්ටු මල් මදන වර වර මම කැප කරදෙන නාමයට දිෂ්ටිලා බන්ධන හිර උගුල්ලා දිෂ්ටි වර වර දෙවොල් ගිනි කඳ සියොළඟ චලිත කරවා පිස්සු මල් මදන ආරූඪ වී සලිත කරවා මා වෙතට දිෂ්ටි වැටී වර වර දිව්‍ය බ්‍රහ්ම සිද්ධ විද්‍යා ධාර්න්ගේ ආසනවල් වෙව්ලා සිටි තැනින් ගිනි වැදී නමස්කාර වී වර වර නමඃ (1008 වරයි )