Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවෙසේ පෙනුම වැඩි කරන වැරැන්ඩා වාස්තු දෝෂ නැතිව හදන පිළිවෙල

1 year ago 7 Min read
Subha.lk

බොහෝ දෙනා ඉදිකරන නිවාසවල ඉදිරිපස සකස් කරන වැරැන්ඩාව කොටසට හිමිවන්නේ විශේෂ තැනකි. නිවෙසේ පෙනුම වැඩිවීමත්, ඉඩකඩ පහසුව ඇති වීමත් ඉදිරිපස ජනෙල් හා ප්‍රධාන දොර වැසි සිරිකඩෙන් ආරක්‍ෂා වීමත් වැරැන්ඩාවෙන් සිදුවේ. වැරැන්ඩාවක් නිවෙසකට සම්බන්ධ කිරීමේදී සැලසුමේ මුලදීම තීරණය කර මේ ආකාරයට ගැනීම ඉතාම නිවැරදි බව මාගේ අදහසයි. මේ අනුව නිවසේ සම්පූර්ණ වර්ගඵලය නිවැරදිව සකස් කර ගත හැකි වන්නේය.

 

ඉරට්ටේ සංඛ්‍යාවකට වැටෙන කණු ගණනත් සමඟ වැරැන්ඩාවේ අත්තිවාරම මුල්ගෙට සම්බන්ධ වන පරිදි මේ සටහනේ දැක්වෙන ආකාරයට ගැනීම වඩාත් නිවැරදි සාර්ථක ක්‍රමය වන්නේය.

 

සුබ නැකත යොදා ගන්නා දිනයේදීම වැරැන්ඩාවේ අත්තිවාරම සමඟ ලණු ඇදීම, කැපීම, සිදුකළ යුතුයි. ඉන් පසුව අත්තිවාරම බැඳීමේදී බේස් වළවල් සමඟ සම්බන්ධ කර අත්තිවාරම සම්පූර්ණ කළ යුතුය. බිත්ති බඳින අතරතුර කණු දැමීම ද කළ යුතුයි. එය ඉරට්ටේ ගණනක් විය යුතුය. වැරැන්ඩාවේ අත්තිවාරමේ උස නිවෙසේ අත්තිවාරමට උසට අඟල් නිවෙසේ අත්තිවාරමට උසට අඟල් 4 ක් පහත්වීම සුදුසුය. ප්‍රධාන වහලය පල දෙකයි. වැරැන්ඩාව පල දෙකයි. සම්පූර්ණ පල හතරකට වහලය වැඩ අවසන් වේ. ප්‍රධාන දොර බටහිර පස්වන හා හයවන පාද දෙක අතරට තබා ඇත. පිටුපස දොර මුළුතැන්ගෙයට තබා ඇත. නැගෙනහිර, බස්නාහිර, දකුණ වශයෙන් මෙම නිවාස සැලසුමට උළුවහු තුන තබා

“සූමුඛ” වර්ගයට යොදා ඇත. නිවෙසේ ප්‍රධාන වහලයට අඩියක් පහත් කර වැරැන්ඩා යටලීය බිත්තියට ඇණවලින් සම්බන්ධ කෙරේ. ඇණ දැමීමේදී ප්‍රධාන දොරේ මැද හා කඳන් දෙකට අසු නොවන සේ දැමිය යුතු වේ. ජනේල තුනටද එසේමය. මෙම නිවෙසේ නැඟෙනහිරට ඇති නාන කාමරය නිවෙසේ අත්තිවාරමට සම්බන්ධ නොකර සකස් කර ඇත.

 

ඔබ උපන් නැකතට අනුව සුදුසු නිවාස වර්ගයකට දිග පළල ගෙන වර්ගඵලය ගළපා මෙම දළ සටහනට අනුව තමන්ගේ ආර්ථික හැකියාවත් සලකා තමන් කැමැති විශාලත්වයකට සැලසුම මේ ආකාරයට පිළියෙල කර ගන්න. කිසිම ගැටලුවක් නැත. අනිවාර්යයෙන් වැරැන්ඩා කොටසත් සමඟ වර්ගඵලය ගෙන මේ ආකාරයටම සැලසුම පිළියෙල විය යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk