Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අලුතින් ගේ හදන විට මේ දේවල් නම් කරන්න එපා.

1 year ago 7 Min read
Subha.lk

සැනසුම, යහපත ගෙන දෙන ඔබගේ නිවෙසේ වාස්තු විද්‍යාත්මකව සුදුසු පැත්තේ සුදුසු ස්ථානයේ තැබූ ප්‍රධාන දොරට හිමි වන්නේ විශේෂ තැනකි. නිවෙසේ නැඟෙනහිර පැත්තේ නම් දිග අටට බෙදා වමේ සිට පස්වන පාදයේද, දකුණු පැත්තේ නම් දිග අටට බෙදා වම් කෙළවරේ සිට පස්වන පාදයේද, බස්නාහිර පැත්තේ නම් දිග අටට බෙදා වමේ සිට පස්වන පාදයේද, උතුරු පැත්තේ නම් දිග අවට බෙදා වම් කෙළවර සිට හතර වන පාදයේද, ප්‍රධාන දොර තැබීම සුබදායක බව වාස්තුවේ සඳහන් වේ. මීට අමතරව ඒ ඒ දිසාවන්හි තවත් සුබ පාද ඇත. නිවෙසේ පිහිටීම හා ඉඩකඩ ඇති පරිදි සුදුසු පාදයක් තෝරා දොර තැබිය හැකිය. කෙසේ නමුත් අසුබ පාද අනිවාර්යයෙන් අත්හැරිය යුතුය.

 

මේ ආකාරයට සුබ පාදයක දොර තැබුවත් එයින් යහපත, සැනසීම, සුබ ප්‍රතිඵල නොලැබෙන අවස්ථා ඇත. ඊට හේතුවන බාහිර බාධා බොහෝ ඇත.

 

ප්‍රධාන දොරට එල්ල වන සේ ඉදිරියෙන් තුං මංසල, සිවු මංසල මාර්ග, ගල් කණු, මළගිය සිහිවටන කුලුනු, කුකුළු කොටු හා මස් කඩ, ගව ඌරු, එළු මස් කඩ, මාළු කඩ, සතුන් මරණ ස්ථාන, සොහොන් භූමි, පැරණි හෝ අලුත් නිවෙසක මුල්ලක්, ඉඩමක මුල්ලක්, විශාල මඩ වළක්, නාන තොටක්, ළිඳක්, කොට්ටම්, ගොරොක්, සියඹලා, නුග, රුක්අත්තන ආදී ගස් වර්ග, ඇළක්, දොළක්, වෙනත් නිවෙසක දොරක්, වැසිකිළි, ඉඳුල් වතුර වළක්, උළු ගඩොල්, පෝරනු, පාන් පෝරනු, නාන තොටක්, අහිකුණ්ඨික ජනයා පදිංචි වන භූමියක්, මේවා තිබේ නම් සුබ පාදයේ තැබූ ප්‍රධාන දොරෙන් යහපතක් නැත. නිතර අයහපත සිදුවේ. එම නිසා ඔබ නිවසක් ඉදි කරනවා නම් මේ ගැන දැනුවත් වී සිටින්න.

 

ඊළඟට සුබ පාදයේ තැබූ ප්‍රධාන දොර උළුවස්සේ හරි මැදට බිත්තියේ යට ලීයක පිරිද්දුමක්, බාල්කයක්, පරාලයක් යෙදුණ හොත් එය ගෘහ මූලිකයාට හෝ වෙනත් අයකුට තද බල රෝගී තත්ත්වයක් ඇති වීමට හේතුවේ. නිවෙසේ සියලු දෙනාට මානසික පීඩනය ඇති වීමට නොයෙකුත් සිද්ධිවලට මුහුණ දීමට සිදුවේ. ප්‍රධාන දොරට එල්ල වන ලෙස තවත් උළුවහු දෙකක් එක කෙළින් තිබීමද අසුබ ගෙන දීමට හේතු වේ. තවද ප්‍රධාන දොර සුබ පාදයේ තැබුවත් ඒ කෙළින් නිවෙසේ පිටුපස දොරද තබා විවෘතව පිටුපස මිදුල පෙනේ නම් ඉතා අසුබ වේ. ධන හානි සිදුවේ. කවදා හෝ නිවස තනිවී පාළුවී යනු ඇත. මේ නිසා නිවෙසේ නිවැරදි වාස්තුවට අදාපුව සුබ පාදයේ තබා ඇති ප්‍රධාන දොරට ඉහතින් පෙන්වා දුන් දෝෂවලින් බාහිර වශයෙන් බාධා ගෙනදීම නිසා සුබ පල මඟහැරී යන බව වටහා ගත යුතුය.

 

නිවසක මුළුතැන්ගෙය ගිනිකොනට යෙදීම වාස්තුවට අනුකූල වන්නේය. නමුත් එම මුළුතැන්ගෙයි පිටවීමේ දොර ඉදිරිපස ඉඳුල් වතුර ගලා යෑම, රෙදි සේදීම, වැසිකිළි වළ, අපද්‍රව්‍ය, ඉඳුල් කෑම භාජන මෙවැනි දේවලින් අපිරිසුදු වී පණු පස් සෑදී තිබේ නම් එම මුළුතැන්ගෙයින් සුබ පල අත්නොවේ. ප්‍රේත භූත කොටස් බැල්ම හෙළීමෙන් නොයෙකුත් කරදර ලෙඩ රෝග ඇතිවේ. මෙය වාස්තුවට බාහිර බාධාවක් වන්නේය.

 

නිවෙසක ඊසාන දිග කොටස් ඉතා පිරිසුදුව තබාගත යුතු බව වාස්තුවේ සඳහන් වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පොත්පත් ඇසුර, ආගමික පිළිවෙත් ආදී සඳහා මෙහි කාමරය යොදා ගැනීම සුදුසු බව සඳහන් වේ. නමුත් ඒ ආශ්‍රිතවම නිවෙසට පිටින් ඊසාන කොටස තුළ වැසිකිළි වළ, ඉඳුල් වතුර වළ අපද්‍රව්‍ය වළ, බලු කූඩුව ආදී සකස් කර තිබේ. නම් ඉහත කී කාමරයේ සිටින දරුවන්ට අසුබ පල ගෙන දෙයි. නිතර ලෙඩ දුක් කරදර බාධා ගෙන දෙයි. එම නිසා නිවෙසේ එම වාස්තුව සුබදායක වුවත් බාහිරින් එන ඉහත කී අසුබ කොටස් නිවෙසේ සුබදායක වාස්තුවට හානිකර බාධා ගෙන දෙයි.

 

නිවෙසක බිමට ජලය ලබාගන්නා ළිඳට හිමි වන්නේ විශේෂ තැනකි. එය පිරිසුදු ස්ථානයක තිබිය යුතුය. ඒ නිසා ළිදක් නිතරම සකස් කරන්නේ නිවෙසට ඊසාන දිග කොටසේ හෝ උතුරු දිසාවේය. ඒ අනුව එය නිවට සම්පතක් වන්නේය. එසේ සකස් කළ විල ආශ්‍රිතාව බිලීට් රෙදි සේදීම, ඉදුල් වළං භාප්ත සේදීම; ළිදේ කනුවකට රෙදි වැල් ගැට ගැසීම,මේවා සුදුසුම නැත. එය ළිඳේ සුබ දායක වාස්තුවට මෙන්ම නිවෙසටද බාහිර බාධාවකි.

 

නිවෙසක සුරතලයට ඇති කරන සුනඛ ආදී සතුන්ද, කුරුල්ලන් සඳහා සෑදූ කූඩුද, නිවෙස ඇතුළත සුදුසු නැත. නිවෙසේ වාස්තුව සියයට සීයක් ගැළපුනත් ඉහත සතුන් නිවෙස ඇතුළේ සිටී නම් එය සුබදායක වාස්තුවට බාධාවකි. නිවෙසේ අසමඟිය හා ලෙඩ රෝග බලපත්වනු ඇත. එම නිසා සතුන් සඳහා සුදුසු වන්නේ නිවෙසට බටහිරින් තනි පලයට සෑදූ කුඩා ගෙයකි.

 

ඔබගේ නිවෙසට උතුරු පැත්ත හා ඊසාන කොටස ඉඩකඩ සහිතව ඉතා පිරිසුදුව විවෘතව, තිබේ නම් එය වාස්තුවට අනුකූලව සුබදායක පිහිටීමකි. නිවෙසට නිරෝගී භාවය සමඟිය දියුණුවට හේතුවේ. නමුත් නිවෙසේ සිට නිවෙසේ උසට සමානව අඩි ගණනක දුරකින් මායිම පිහිටා, එහි විශාල ගොරක ගසක්, කොට්ටඹ ගසක්, නා ගසක් ආදී තිබීම නිසා ඉතා අඳුරු සහිත නම් ඔබගේ නිවෙසේ සුබදායක වාස්තුවට බාහිර බාධාවකි. ඉහත කී ගස්වලට අරක් ගන්නා භූත කොටස් සවස 6.00න් පසුව නිවැසියන්ට, බැල්ම හෙළනු ඇත. කන බොන දේවල්වලට ආසා කරති. මේ නිසා නොයෙකුත් රෝග තත්ත්වයන්ට මුහුණ දීමට නිතර සිදුවේ.

 

නිවෙසක් අංගසම්පූර්ණ වාස්තු සිද්ධාන්තවලට අනුකූලව සකස් කර ඇතත්, නිවැසියන්ගේ පැවැත්ම අනුවද සුබදායක වාස්තුවේ වාසනාව නැතිවී බාධා සිදුවන බව පවසමි, සුඛ පාදයේ තැබූ ප්‍රධාන දොරෙන් හරක් මස්, ඌරු මස් හා අනෙකුත් සියලු මස් වර්ග, මාළු, හිස් භාජන, කිලුටු රෙදි, ආදී නොයෙක් අසුඛ ද්‍රව්‍ය නිවස තුළට ගැනීම නිසා නිවසේ වාස්තු වාසනා ගුණය නැතිවී බාධා ගෙන දෙනු ඇත. ප්‍රධාන දොරට හේත්තු වී කෑම වර්ග ආහාරයට ගැනීමද අසුබදායක වේ. නිවෙස තුළ හුරුලෑ පිඹීම, නළා පිඹීම, ශබ්ද නඟා ඈනුම් ඇරීම, හූ කීම, ශබ්ද නඟා කිඹුහුන් ඇරීම, මේවාද අසුබ වේ. පැරණි පඬිවරු නිවෙසක් සෑදීමේදී අනුගමනය කළ යුතු වාස්තු සිද්ධාන්ත පෙන්වා දුන්නේ යහපත් පැවැත්මකින් දිවිගෙන යන යහපත් සමාජයකට යහපත් ආකාරයෙන් ජීවත් වීමටය. එසේ නොමැතිව සත්ත්ව ඝාතකයාට, හොරාට වංචාකාරයාට, දූෂණයේ යෙදෙන්නාට, මවුපිය දරු ඝාතකයාට වාසනාව ගෙන එන්නට නොවේ. එනිසා මා මෙතෙක් දැක්වූ වාස්තුමය කරුණු ටික යහපත් පුද්ගලයාට හිත සුව පිණිස වේවා.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk