Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවසේදීම හරි පිළිවෙලට ගණපති හෝමයක් කර ගන්නේ මෙහෙමයි.

1 year ago 7 Min read
Subha.lk

අදවන විට බොහෝ පිරිසක් ගණ දෙවියන් පිදීමට සහ විශ්වාස කිරීමට පුරුදුව සිටිති. එම නිසාවෙන්ම බොහෝ දෙනෙක් හින්දු පූජාවන් සම්බන්ධයෙන් කැමැත්තක් සහ කුතුහලයක් දක්වති. බොහෝ පිරිසක් කෝවිල් යන්නටද වැඩි කැමැත්තක් දක්වති. ඔවුන් එම ස්ථානයේ දකින විශේෂ සහ සිත්ගන්නාසුලු පූජාවක් වන්නේ හෝමයයි (අග්නි පූජාව) එම හේතුව මුල් කොටගෙන මම ඔබට ගෙදරදී සුළුවට කොහොමද සාමාන්‍ය හෝමම් එකක් ගණ දෙවියන් උදෙසා කරගන්නේ කියා ලිවීමට සිතුවෙමි.

 

 

ප්‍රථම පූජ්‍ය ගනෙෂ් යනුවෙන් හින්දු දහමේ ගණ දෙවියන් හඳුන්වයි. ඒ ගණ දෙවියන්ට අපි කිසියම් සුබ කටයුත්තක් පටන් ගැනීමට පෙර පූජා උපහාර දක්වා සහ ඔහුව මතක් කර එම කටයුත්ත පටන් ගැනීමට ඔවුන් පුරුදුව සිටින නිසාවෙන්. ඒ ගණ දෙවියන් විසින් සියලුම බාධක සහ අනෙකුත් දුර් දේවල් විනාශ කොට වාසනාව සහ සියලු කාර්යයන් සඵල කරන බව ඔවුන් තරයේ විශ්වාස කරන නිසාවෙනි.

 

ඉතින් සියලු පූජාවන්ට ප්‍රථමයෙන් ගණ දෙවියන්ට පූජා කරන නිසාවෙන් ගණපති හෝමම් එකක් කර අනෙක් පූජාවන් කිරීම සුබ බව පුරාණ ග්‍රන්ථවල පවා සඳහන්වේ.

 

එම නිසාවෙන්ම ගණපති හෝමම් එකක් කිරීම නිවෙසටද ඔබේ ව්‍යාපාර ස්ථානවලටද කිරි ඉතා සුබවේ. ඔබට සාමිවරයෙක් හෝ දන්න කියන අයෙක් මේ හෝම පූජාව කිරීමට ගියොත් බොහෝ විශාල මුදලක් අයකරනු ලබයි. ඉතින් මම අද ඔබ වෙත ගෙන ඒමට සිතූ මේ හෝමම් එක කුඩා සාමාන්‍ය එකක් වුවත් බලගතු දෙවියන්ගේ ප්‍රසාදයට ලක්වෙන පූජාවකි. එය ඔබට ගෙදරදීම තනියෙන් කරගැනීමට හැකි එකකි. දෙවියන්ගේ සියලු පූජාවන්, මන්ත්‍රවලට ප්‍රථමයෙන් භක්තිය සහ විශ්වාසය බලපායි. ඒ වගේම මේ හෝම පූජාවටත් ඔබේ විශ්වාසය සහ භක්තිය ඉතා වුවමනාවේ. මේ ගණපති හෝමම් එක ඔබ විසින් කිරීමෙන් ඔබට දෙවියන්ට ළංවී ආශීර්වාදය ලබා ගැනීමට උපකාර්වේ.

 

දැන් අපි මේ හෝම පූජාව කෙසේද කරන්නේ කියා බලමු.

 

අවශ්‍ය දෑ

 

1. හෝම කුණ්ඩය (හෝමය කරන ස්ථානය) (එය ඔබට පූජාව කරන ස්ථානයේ ගල් සතරක් හතරැස් පෙට්ටියක් ආකාරයට තබා සකසා ගත හැකිය)

2. ගිනි පෙට්ටියක්, කපුරු.

3. කුංකුම, කහ, සුදුහඳුන්, කුඩු,

4. තුල්සි කොළ දමාගත් පැන් භාජනයක්,

5. එළඟි තෙල් දමා ගත් භාජනයක් හා හැන්දක්.

6. මල්, කහ තැවරූ සුදු හාල්.

7. අෂ්ට ත්‍රිද්‍රව්‍ය (පොල් කැබලි, හකුරු, හබල පෙති, උක් ගස් කැබැල්ලක්, කළු තල, කුඩා කෑලි කපාගත් කෙසෙල්, මෝදක) (මෝදක නැතිනම් පැණි දැමූ කිසියම් හෝ ආහාරයක්)

8. කුණ්ඩයම දෙපැත්තෙන් තැබීමට පොඩි කුකුල් පහන් දෙකක්.

9. කුඩා දර කැබලි (අඹ, නුග වඩා හොඳයි)

10. තැටියක්.

11. ප්‍රධාන දෙවියන් ළඟින් තබා ගැනීමට කුම්බම් එකක්. (මේ 

කුම්බම් එක ලෝහ කළයකට වතුර දමා අඹ කොළ 5ක් හෝ 7ක් කළය කට

වටේ දමා එයට උඩින් සුද්ද කරගත් පොල් ගෙඩියක් තබන්න. එම කුම්බය ප්‍රධාන දෙවියන් (ගණ දෙවියන්) ඉදිරියෙන් සුදු හාල් ටිකක් දමා එයට උඩින් තබා ගන්න).

 

ලෑස්ති කරගත් සියලුම දේවල් ඔබ පූජාව කරන ස්ථානයේ ඔබේ ළඟින් තබා ගන්න.

දැන් හොඳින් පිරිසුදු වී අපි පුජාව අරඹමු. උතුරට මුහුණලා ඉඳගන්න.

ඊට ප්‍රථම ඔබ නිතර වඳිනා පූජාසනයට ගිහින් ගණ දෙවියන් සිහි කරන්න. හෝමයත් ඔබේ පූජාසනය ඉදිරියෙන්ම කරගැනීමට හැකි නම් එය බොහෝ

වටී. නැතිනම් පහසු තැනක කරගත්තාට කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබ සදාගත් කුම්බම් එක හෝමය කරන ස්ථානයේ කෙළින් තිබිය යුතුයි.

 

මෙම මන්ත්‍රය කියන්න.

 

ඔම් සර්වේයෝ ගුරුඛයෝ නමහා

ඔම් සවේයෝ දේවඛයෝ නමහා

ඔම් සර්වේයෝ බ්‍රහ්මනේඛ යෝ නමහා

ප්‍රාම්බ කාර්යම් නිර්විග්නමස්තු

සුභම් සෝභනමස්තු ඉෂ්ට දේව කුල දේවතා

සුප්‍රසන්න වරධ බවතු අනුජනම දේහි.

 

කුණ්ඩය බිම සදාගත යුතුයි.

ඔබත් බිම ඉඳගත යුතුයි. කුකුල් පහන් දැන් දල්වන්න.

1.මෙම මන්තරය වරක් කියන විට වතුර හැඳි තුන් වරක් වරකට එක බැගින් බොන්න.

 

 

ඔම් කේසවාය ස්වභා

ඔම් නාරායනාය ස්වභා

ඔම් මාදවාය ස්වහා

 

දැන් තුල්සි වතුර හැන්දක් ඔබේ දකුණු අතට අරන් එම වතුර ඔබේ හිසට ඉසගන්න.

දැන් නැවත මෙම මන්ත්‍ර කියන්න. කුණ්ඩලම ඉදිරියට එක මන්ත්‍රයකට එක මල ගානෙ දමන ගමන්.

 

ඔම් ගෝවින්දාය නමහා. 

ඔම් විස්නවේ නමහා.

 

ඔම් මදුසුදනාය නමහා. 

ඕම් වාමනාය නමහා

 

ඔම් ශ්‍රි ධරාය නමහා.

ඔම් ග්‍රිසිකේසාය නමහා

 

ඔම් සන්කරසනාය තමහා.

ඔම් වාසුදේවාය නමහා.

 

ඔම් ප්‍රද්යුම්නාය නමහා.

ඔම් අනිරුද්දාය නමහා

 

ඔම් පුරුෂෝත්තමාය නමහා,

ඔම් අධොක්සජාය නමහා.

 

ඔම් නරසිම්හාය නමහා.

ඔම් අව්යුතාය නමහා. 

 

ඔම් ජනාර්දයාය නමහා.

ඔම් උජේම්රිය නමහා,

 

ඔම් හරායේ නමහා,

ඔම් ශ්‍රී ක්‍රිෂ්ණාය නමහා

 

2. ප්‍රණාමය

 

ඔම් ප්‍රනවස්ය ප්‍රරම්මා ඝෘෂි පරමාත්මා දේවතා දෛවි ගයත්‍රි චන්ද්‍රා ප්‍රාණා 21 යාමේ විනියෝගහා.

 

ඔම් බුහු /ඔම් බුවහා/ඔම් ස්වහා/ඔම් තපහා/ඔම් සත්‍යම්/ ඔම් බුර්බුහව ස්වහා/ ඔම් තත්සතුර්වන්යම් භර්ගෝ දේවස්යදී මහි දියෝ යෝ නහ

ප්‍රචෝදයාත්.

 

3. දැන් ඔබ මෙම මන්ත්‍රය කීමෙන් පසු ඔබගේ ඇස් තුල්සි වතුරෙන් තෙමන්න.

 ඔම් ආපෝජියෝති රසෝත්තෙමි බ්‍රාහම්ම භූම්බුවස්නුවරෝම්.

 

4. සංකල්ප මෙහිදී ඔබ සිතින් සිතන්න “මම අද මෙම ගණ දෙවි හෝමය කරනව. මාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉටු කරවා දෙන්න දෙවියනේ.”

 

දැන් හාල් මිටක් අතට ගෙන එය තැටියේ මැදින් තියන්න. ඉන්පසු වතුර හැන්දක් වටේ දමන්න.

 

දැන් කපාගත් කෙසෙල් ටිකක් අතට ගෙන මෙම මන්ත්‍රය කියන්න.

 

ඔම් ශ්‍රීමත් මහාගනා දිමත්යේ නමහා.

ශ්‍රී ගුරුයෝ නමහා.

ශ්‍රී සරස්වත්යේ නමහා.

ශ්‍රී වෙදාය නමහා.

ශ්‍රී වේද පුරුසාය නමහා.

ඉෂ්ටජ දේවතාබියෝ නමහා. 

කුල දේවතායෝ නමහා.

ස්තාන දේවතායෝ නමහා, 

ග්‍රාම දේවතායෝ නමහ

වාස්තු දේවතාබියෝ නමහා.

සම්පුර්මදරාධියම් නමහා.

උමාමහේස්වරාය නමහා.

ලක්ෂ්මිනාරායනායම් නමහා.

මාතාපිතායම් නමහා.

සරිවේඛීයෝ දේවේයෝ නමෝ නමහා.

සර්වේයෝ බ්‍රාහයෝ නමහා.

ඒතද්කර්ම ප්‍රධාන දේවතායෝ නමහා.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk