Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දියණියකගේ මල්වරය සිදු වූ ස්ථානය අනුව අනාගතය ගැන තතු කියන්නේ මෙන්න මෙහෙමයි

1 year ago 7 Min read
Subha.lk

පවුලට දියණියකගේ පළමු පැමිණීම ඉතාමත් යහපත් මෙන්ම සතුට ගෙන දෙන්නක්. ඒ පුතකුගේ බිහිවීම අසතුටක් ලෙස හෝ අශුභයක් ලෙස දැක නොවේ. නමුත් පවුලේ බොහෝ එදිනෙදා කටයුතු වෙනුවෙන් දියණියකගෙන් ලැබෙන දායකත්වය මහමෙරක් වන නිසාවෙනි. එනිසාම ඇගේ දිවියේ සුවිශේෂී කඩඉමක් වශයෙන් මල්වර වීම පෙන්වා දෙන්න පුළුවන්. මල්වරය බහුලව සිදුවන කාලසීමාවන් මල්වාරය වශයෙනුත්, සිඟිති දියණියගේ ජීවිතයේ කායික මෙන්ම මානසික වෙනස්කම්ද බොහොමයක් මේ කාල සීමාවේ සිදු වන බැවින් මෙම මල්වරය ස්ත්‍රී දිව්යේ දෙවැනි උත්පත්තිය වශයෙන්ද ව්‍යවහාරයේ සලකනු ලබයි. සමහරුන් මල්වරය සිදුවූ දියණියට මල්වර කේන්දරයක් පවා සාදා පවත්නා වූ ග්‍රහ තත්ත්වය පිළිබඳවත් නිවැරදි අවබෝධයන් ඇය කෙරේ ලබා දෙනු ඇත. මෙතැන් පටන් ඇයට නිවෙසේද

පවතින්නේ පෙරට වඩා වැඩි පිළිගැනීමකි. මවුපියන් හා වෙනත් වැඩිහිටියන් වුවද වෙනදා මෙන් නොව වඩා ආරක්‍ෂාවක් ඇය කෙරේ ලබා දෙනු ඇත. කෑම බීම පවා වෙනදාට වඩා පෝෂණ ගුණය ආදිය අතින්ද ඉහළ මට්ටමකින් ලබාදීමට කවුරුත් පෙළ ගැසෙනු ඇත. මෙම කාරණා හමුවේ සත්‍ය වශයෙන්ම දියණියකගේ ජීවිතයේ දෙවැනි උත්පත්තිය වශයෙන් මෙම මල්වරය නම් කළාටද වරදක් නොවන බව කිව හැකිය.

 

කෙසේ නමුත් අද මා ඔබට මෙම ලිපිය මඟින් පෙන්වා දෙන්නට උත්සාහ ගනු ලබන්නේ මෙවන් අයුරින් මල්වරයට පත්වූ දියණිය ජ්‍යොතිෂයේ මතයන්ට අනුකූලව මල්වර සිදුවූ ස්ථානය අනුව අනාගතයේ හැසිරීමත්, අනාගත ඉරණමත් කෙසේ වේවිද යන කාරණාවන් පිළිබඳ අවබෝධයක් ලබාදීමටය. ජ්‍යොතිෂයේ මෙම කාරණාව පදනම්ව බොහෝ දේ ශාස්ත්‍රීය අතින් පෙන්වාදීම් සිදු කර ඇතත් එයින් ඔබේ අවධානය යොමු කළ යුතු එක් අංගයක් පිළිබඳව මෙහිදී පෙන්වා දෙමි. එනම් යම් දියණියක් මල්වරයට පත්වූ ස්ථානය අනුව අනාගත ඉරණම් තීරණය කරයි.

 

අතරමඟකදී හෝ නෑදෑ නොවන ගෙයකදී නම් - කල්ක්‍රියාව එතරම් හොඳ නැත. අධික වියදම් කාරියකි.

 

ගවයන් සමීපයේදී හෝ ගව ගාලකදි නම් - කල්ක්‍රියාව ඉතාමත් යහපත් වන තැනැත්තියකි. දිවියේ කෑම බීමවලින් අගහිඟයක් ඇති නොවේ.

 

ගෙදරින් පිට තනිවම සිටින විට නම් - අනාගතයට දුක්කරදර ඇති

කරයි. ස්වාමියාට ඒ තරම් හිතකර නොවේ.

 

ස්නානය කරනවිට නම් - නිරෝගී භාවය ඇතිවේ. අලංකාර වස්තු ආදිය ලැබේ.

 

ළිඳ හෝ ගඟ ළඟදී නම්- ආයුෂ වැඩිවේ. අනුන්ට උපකාර කරන ගතියෙන් යුතුවෙයි.

 

ප්‍රීති උත්සව සහිත ජනකායක් මධ්‍යයෙහි නම් - සැප සම්පත් ලැබී දියුණුව ප්‍රසිද්ධිය ලැබීම ඇතිවේ.

 

තමාගේ ගම මැද හෝ අන්‍ය ගෙවල් සහිත තැනකදී නම් - නිතර අසල්වැසි ගෙවල්වලට යෑම කැමැති වෙයි.

 

පිට ගමකදී නම් - ඇවිදිලි වැඩිවේ. පිට අය සමඟ ආශ්‍රය වැඩිවේ.

 

නෑ ගෙදරකදී නම් - නෑයන්ට ඉතා හිතවත් වෙයි. උදවු උපකාර ලැබෙයි.

 

තම ගෘහයේ ඇතුළේදී නම් - ඉතාමත් වාසනාවන්ත වෙයි. නම්බුව ආරක්‍ෂා කරගනී. දියුණුව ඇතිවේ.

 

සභාවක් මධ්‍යයේ හෝ පාසලේ ළමයින් මධ්‍යයේ නම් - නිර්භීත වෙයි. ලැජ්ජා බිය අඩුවේ. ස්ථාන ගැන නොතකා ඉදිරියට විත් කතා බහ කරයි. තනිවම වුවත් ඇවිදීමට බිය නැතිවේ. අනුන්ට යටත් නැතිවේ.

 

ස්ත්‍රීන් මධ්‍යයේ නම් - වස්තු සම්පත් ලැබී සැපසේ වාසය කිර්මට ලැබේ.

 

පිරිමි මධ්‍යයේ නම් - ලැජ්ජා බිය අඩුවේ. සැපවත් නොවේ. ශරීරය ශක්තිමත්වේ.

 

සිටගෙන සිටියදී නම් - සැප ආයුෂවලටද හොඳ නැත. අඩුවේ.

 

නිදාගෙන සිටියදී නම් - ගතිගුණ ඉතා යහපත් වෙයි. සැප සම්පත් ලැබෙයි. ගෙවල් ඉඩම් වාහන ලැබේ.

 

අසුනක වාඩි වී සිටින විට නම් නිරෝගී නොවේ. ආයුෂද අඩුවේ. නමුත් ධනවත් වෙයි.

 

දර ගෙන එද්දී නම් හෝ දර පලද්දී නම් නිරෝගී වෙයි. එහෙත් අග හිඟකම් ඇතිවේ. ගති ගුණ යහපත්වේ.

 

හිස් භාජනයක් රැගෙන යන විටදී නම් දුප්පත්වේ. තම වැඩ කටයුතු සපල නොවේ.

 

වාහනයක ගමන් කරන විටදී නම් වරින් වර අසනීප ගති ඇතිවේ. අනුන්ගෙන් කරදර ඇතිවේ. සැප අඩුවේ.

 

පහත් ගතිගුණ සහිත අය සිටින නිවෙසකදී නම් - කුල මල අසන්නට සිදුවේ. දුප්පත් වෙයි. අනුන්ගේ ගරු සැලකිලි නොලැබේ.

දේවස්ථානයකදී නම් - දුක්, කරදර අපල උපද්‍රව වැඩිවේ.

 

විහාරස්ථානයකදී වන්දනා පිරිසක් සමඟ සිටියදී නම් - ගති ගුණ යහපත්වේ. සැප ලැබේ ධාර්මිකවේ. අනුන්ගේ උපකාර ලැබේ.

 

සෙල්ලම් කරමින් ප්‍රීතියෙන් සිටින අවස්ථාවකදී නම් - ඉතා යහපත්වේ. නිරෝගීවේ. ධනවත්වේ. සැපසේ වාසය කරන්නට අවස්ථාව සැලසේ.

 

පිරුණු භාජනයක් රැගෙන එන විටදී නම් - ඉතා

වාසනාවන්තය. ධනයෙන් දියුණුවේ. උසස් තත්ත්වයකට පත්වේ.

 

වී, හාල්, එළවළු ආදිය තිබෙන තැනකදී නම් - ධනවත්වේ.

අඟහිඟකම් ඇති නොවේ. පවුලේ අන් අයට වඩා හොඳින් ධනවත්ව වාසය කිරීමට ලැබේ.

 

ධාන්‍ය සහිත කමතකදී හෝ ගොයම් නොකැපූ කුඹුරකදී නම් - ධන ධාන්‍ය වස්තු සම්පත් ලැබේ. ධනවත් විවාහයක් සිදුවේ. සැපසේ වාසය කිරීමට ලැබේ.

 

සොහොනක් ළඟදී නම් හෝ මළ ගෙදරකදී හෝ මරණයක් සිදුවී දින හතක් ඇතුළතදී නම් - දුක් කරදර වැඩිවේ. භූත දෝෂ ඇතිවේ. අසනීපයක් වැලඳුණු විට ඉක්මනින් සුව නොවේ.

 

ළිප ළඟදී හෝ ගිනි ළඟදී නම් දුක් මහන්සි වී ජීවත්වීමට සිදුවේ. ගතිගුණ යහපත්වේ. කේලාම් අසන්නට ළැදිවේ. නිරෝගීවේ.

 

ඔබත් ඔබේ දියණිය මල්වරය සිදුවූ ස්ථානය පිළිබඳ යම් සිහිපත් කිරීමක් කර බලා අනාගතය කුමන ආකාරයකින් හසුරුවා ගනීවිදැයි නිසි 

අවබෝධයක් ලබා ගන්න.

 

අශුභකාරි ස්ථාන පලා පලයක්වේ නම් ඉන් මිදීමට අවැසි ශාන්ති කර්මවලට යොමුව පිහිට ඇයට ළං කර දෙන්න.ඔබේ දියණියට පතිනි මවුන්ගේ ආශීර්වාදය ලැබේවා!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk