Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

හැමෝටම නවරත්න මුදු පැළදිය හැකිද ?

1 year ago 7 Min read
Subha.lk

නවරත්න මැණික් එකතුව සොයා බැලීමේදී අදින් වසර 3000ක පමණ කාල පරාසයක් කරා දිවයයි. පුරාණ හිමාලවාසී ඍෂිවරුන් සිය ජ්‍යොතිෂපත් සැකසීමේදී මිහිතලය මත ජීවත්වන මිනිසාට බලපැවැත්වෙන ග්‍රහයන් නව දෙනෙකු හඳුන්වා දී ඇති අතර පොළෝ ගර්භය තුළින් හමුවන රත්නයන් පැලඳිය යුතු බවට ඔවුන් සිය වෛදික ග්‍රන්ථයන් තුළින් ගෙනහැර දක්වන ලදී. මෙම නව ග්‍රහයන් මඟින් මිනිසාට එල්ල වන අහිතකර කිරණ දුරස් කොට යහපත් ශක්තීන් රඳවා ගැනීම සඳහා ඉවහල් වන මිණි කැට පිළිබඳ මින් පෙර ලිපි මඟින් කරුණු දක්වා ඇති බැවින් නවරත්න මුදු පැලඳීම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් අපගේ අදහස.

නවරත්න මුදු පැලඳීම සඳහා පහත මැණික් උපයෝගී කරගනී.

  • රවි - පද්මරාග
  • සඳු - මුතු
  • කුජ - රතු කොරල්
  • බුධ - පච්චතෝර
  • ගුරු - පුෂ්පරාග
  • සිකුරු - දියමන්ති
  • ශනි - ජාති නිල්
  • රාහු - ගෝමේද
  • කේතු - වෛරෝඩි

 

පද්මරාග

හිරුට අයිති මැණිකක් වන අතර පද්මරාග යනු සංස්කෘත යෙදීමකි. එහි සිංහල තේරුම වන්නේ නෙලුම් පැහැය යන්නයි. පද්මරාග පැලඳීමෙන් තම තේජස,නායකත්වය සේම සිය අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට ඉවහල් වේ.

 

මුතු

මුතු යනු සඳුට නිර්දේශ වූ ඛනිජමය වස්තුවකි. මුතු විවිධ වර්ණයෙන් තිබුණද සුදු සහ රතු වර්ණයෙන් යුතු මුතු ග්‍රහ දෝෂ හරණය සඳහා වඩා සුදුසු වේ. අනර්ඝ මුතු වන්නේ රවුම් හැඩයේ මුතු වේ. මානසික පීඩා, ආතතිය, යහපත් සිතුවිලි උද්දීපනය සේම ආයුෂ වර්ධනයටද ඉවහල් වේ.

රතු අඟහරු ග්‍රහයා නිවේදනය වන රතු කැට බුද්ධි වර්ධනය, අභීත බව, උත්සාහය, සතුරන් මර්දනය සඳහා උපයෝගී වේ.

 

පච්චතෝර

බුධ ග්‍රහයා සඳහා නිර්දේශිත පච්ච ගල කොළ පැහැයෙන් යුක්ත වේ. බුද්ධිය වර්ධනය, වාසනාවට ධනය ලැබීමටද ඉවහල් වේ.

 

පුෂ්පරාග

බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා නිවේදනය කරනු ලබන පුෂ්පරාග මැණික අධ්‍යාපනයට දැහැමි ජීවිතයකට දියුණුව, ගෞරවය, කීර්ති, ප්‍රශංසා ආදී යහපත් ගුණාංග රාශියක් මෙමඟින් ජන්මියාට හිමිවේ.

 

දියමන්ති (සුදු නිල)

සිකුරු ග්‍රහයා අයත් දියමන්ති වර්ග ප්‍රභේද කිහිපයක්ම ඇති අතර මෙම මැණික් වර්ගය පැලඳීම, ලෞකික ජීවිතයේ බොහෝ ගැටලු නිරාකරණයට සේම ආදර සබඳතා සඳහා ඉතා යෝග්‍ය වේ.

 

ජාතිනිල

නිල් මැණික ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාට අයත් මැණිකකි. රැකියා උසස් වීම, අඹු සැමි සමඟියට, ගැටලු බාධා දුරු කර ගැනීමට ඉවහල් වේ. පෙර රජ දරුවන් පවා නීල හෙවත් නිල් මැණික් ඉතා වුවමනාවෙන් භාවිත කර ඇත.

 

ගෝමේද

ගෝමේද යනු රාහු ග්‍රහයාට නිර්දේශිත මැණිකක් වන අතර කුෂ්ඨ රෝග, පිළිකා, දරුණු සතුරන් මැඬලීමට උපකාරි වේ.

 

වෛරෝඩි

කේතු ග්‍රහයාට අයත් මැණිකක් වන අතර බිඳ වැටුණු ව්‍යාපාර යළි ගොඩනඟා ගැනීමට මෙන්ම ජයග්‍රහණය, උවදුරු දුරු කිරීමට මෙන්ම තම දියුණුවට උපකාරී වන බව අත්දැකීම් තුළින් අවබෝධ වී ඇත. 

 

සියලු දෙනාටම නවරත්න මුදු පැලඳිය හැකිද? 

නවග්‍රහයන් නව දෙනාටම පොදු ලෙස සකසා මුදුව පැලඳීම මෙමඟින් සිදුවේ.

නමුත් සමහර මැණික් සතුරු මැණික් නිසා ඒවා එකට පැලඳීම ඍෂිවරුන් විසින් නිර්දේශ කර නැත. උදාහරණ ලෙස රවි ග්‍රහයාට අයත් පත්මරාග මැණික් සමඟ ශනිට අයත් නිල්මැණික් පැලඳීම සුදුසු නැත. එසේ වීමට හේතුව රවිට - ශනි සතුරු බැවිනි. එසේම රවි ග්‍රහයාට සිකුරු සතුරු බැවින් සුදු නිල් පැලඳීම සුදුසු නැත. ගෝමේද රාහුගේය. රවි සමඟ රාහු සතුරු බැවින් එයද සුදුසු නැත. වෛරෝඩි කේතුගේය. රවි ග්‍රහයා සමඟ කේතු ග්‍රහයා සතුරු බැවින් වෛරෝඩිය පැලදීම සුදුසු නැත. එසේ නම් නවරත්න මුදුවක් පැලඳීම සඳහා තම ජන්ම පත්‍රයේ ග්‍රහයන් වැඩි දෙනකු උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව සිටිය යුතුය. නිවැරැදි ලෙස නවරත්න මුදුව පැලඳීම තුළින් එම පුද්ගලයාට සතුටින් නිරෝගිමත්ව සහ ධනවත්ව ජීවත්වීමට මහෝපකාරි වේ.

නවරත්න මැණික් එකතුව සඳහා කොරන්ඩම් හෙවත් කුරුවින්ද කුලයේ මැණික් වර්ග හතරක් සහ ක්‍රිසෝබෙරිල්, ගෝමේද, බෙරිල් ආදී කුල කිහිපයක මැණික් වර්ග අන්තර්ගත වේ. මෙම නවරත්න ගල් සඳහා යොදා ගනු ලබන්නේ දියමන්ති කැපුම හෙවත් ඩයමන්ඩ් කට් වේ. ප්‍රධාන අතුරු මුහුණත යොදන්නේ අංශක 42ක කෝණයක් සෑදෙන ලෙසය. මේ සඳහා එකම ප්‍රමාණයක මැණික් ගල් භාවිත කළ යුතු අතර ඉතා පිරිසුදු ගල් විය යුතුය. මේ සඳහා ආදේශක මැණික් භාවිත නොකළ යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk