ගණදෙවි සරස්වතීය නමදිමු. මතක ශක්තිය වඩවමු.
පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ටද කොව්ඩ් - 19 වසංගතය නිසා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට සිදුව ඇත. ජන්ම කේන්දරයක ධනස්ථානය හා බන්ධුස්ථානය අධ්‍යාපනය පිළිබඳවද පූරිව පුණ්‍යස්ථානයට ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳවද සහජස්ථානය හා ධර්මස්ථානය උසස් අධ්‍යාපනය පිළිබඳවද දක්වයි.
සඳු බුද්ධිමත් බවද බුධ අධ්‍යාපනය ඇති ඇල්ම හා තියුණු නුවණද ගුරු බුද්ධි වර්ධනයද නිවේදනය කරයි. ශනි බලවත් විමේදී බුද්ධිය වර්ධනය කරවයි. ගුරු මහ දශාවේදී විභාග ජය හිමිවීම බුධ මහ දශාවේදී නැණ ගුණ වර්ධනය වන බවද පැවැසෙයි.
අධ්‍යාපනය ලබන දරුවාගේ මතක ශක්තිය වර්ධනය කර බුද්ධි වර්ධනය උදෙසා ගණ දෙවියන්ගේ හා සරස්වතී දේවියගේ පිහිට පැනීමද වැදගත්ය, අධ්‍යාපනය ලබන දරුවා අලුයට හතරට අවදිව මුවදොවා පිරිසුදුව ගණ දෙවියන්ගේ රූපයට පහනක් දල්වා මේ සමඟ ඇති ස්තෝත්‍ර ගායනා කිරීම දෛනිකව සිදුකර පාඩම් කටයුතුවල නියැළීම සුදුසුය. එසේම සරස්වතී දේවියගේ රූපයට පහනක් දල්වා මේ සමඟ ඇති ස්තෝත්‍ර ගායනා කිරීම දෛනිකව සිදුකිරීම කර පාඩම් කටයුතුවල නියැළීම සුදුසුය. සරස්වතී යන්ත්‍රය පැලඳීමද මතක ශක්තිය වර්ධනය වී ලැබීමට සුදුසුය. යහපත් ජෙජ්‍යොතිෂවේදියකු ලවා නිවැරැදි ලෙස මෙම යන්ත්‍රය සකස් කර ගැනීම සුදුසුයි.
ගණදෙවි ස්තෝත්‍රය
චක්‍රතුණ්ඩ මහා කාය සූරිය කෝට් සමප්‍රභා නිර්වසනම් කුරුමාදේව සර්ව කාරියේසු සර්වදා
ගජ වදන විචිත්‍රං තීක්ෂණ දන්ත ත්‍රිනේත්‍ර බුහ දුදර මහේෂාං භූත රූපං පුරාණං
අමරවර සුපුජ්‍යං රක්ත වණං සුරේසං ගප්පති සුත මිසං විග්නරාජා නමාමි
සරස්වතී පූජා ස්තෝත්‍ර
ඥානධාරි සරසසරසී
භාරතී . සුප්‍රසුන්නී
වීණාධාරී ඥාන ඉසුරි මහා දේවි චාරුමදනී
චන්දෝදර් ශනිමරූපී කෝමළ මුදු මදූ ලෝචනී
වර්ගීස්වර් ශ්‍රී සරසවි භගවතී. වන්දාමි පත්මපානී.
ජයවේවා!