Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දරුවන් පිළිසිද ගැනීමට සුබ හෝරා හා නැකැත්

2 years ago 7 Min read
Subha.lk

සුරතල් දරු උපතක් අපේක්‍ෂාවෙන් විවාහක මවුපියන් බලාපොරොත්තු දල්වාගෙන සිටිති. දරු උපතක් කෙරෙහි ජීවවිද්‍යාත්මක හේතුද බලපායි. ජ්‍යොතිෂ හේතුද බලපායි. කාන්තාවගේ හෝ පුරුෂයාගේ ප්‍රජනන පද්ධතියේ ඇති අඩුපාඩු වේ නම් එය දරු උපතක් කෙරෙහි බලපාන සාධකයකි. එවැනි අවස්ථාවක සුරතල් දරුවකු පිළිබඳ අපේක්ෂාව භංගවීමට පුළුවන.

 

ජන්ම පත්‍රයක පස්වන භාවය පුත්‍ර ස්ථානයයි. ගැබිනි බව, දරුවන් ලැබීම, ගබ්සා වීම, පරපුරුෂ සේවනය, පර ස්ත්‍රී සේවනය මෙම පස්වන භාවයට සම්බන්ධය, ධර්මස්ථානය හෙවත් නවවන භාවයද දරු සම්පත් හා සම්බන්ධය.

 

ලග්නාධිපති පස්වැනි භාවයේ සිටියදී පිරිමි දරුවන් උපත ලබන

නමුත් දරුපල සීමිතය. පුර්‍ණවන්ත දරුවන් මෙලොව ජනිත වන කාල පරාසය ලෙස ජ්‍යෙතිෂයේ දැක්වෙන්නේ ගුරු මහ දසාවේ ගුරු අතුරු දසා කාලය. රවි මහ දසාවේ ගුරු අතුරු දසා කාලය, සිකුරු මහ දසාවේ සඳු අතුරු දසා කාලයයි. විවාහ පොරොන්දම් අනුව හර වෘක්‍ෂය හිමි කාන්තා පුරුෂයන්ගේ විවාහයෙන් දරුවන් අපේක්‍ෂා කළ නොහැකිය. කිරි වෘක්‍ෂය දෙදෙනාටම හිමි නම් දරු සම්පත් හිමිවේ. කිරි වෘක්‍ෂය කාන්තාවට හිමිව හර වෘක්‍ෂය පුරුෂයාට හිමි නම් දරුසම්පත් හිමිය. උඳුවප් මාසයේදී හෝ මිථුන, සිංහ, මීන ලග්නවලින් හෝ විසේනිය තිවියෙන් හෝ පුනාවස, උත්‍රපල්, සුවණ, උපුටුප, රේවතී නැකැත්වලින් මල්වර වූ කාන්තාවන්ට වාසනාවන්ත දරුවන් ලැබෙන බවට ජ්‍යොතිෂ මතයකි.

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk