Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලස්සන සුවපහසු ගේ පොඩ්ඩක් හදා ගන්න පුලුවන්ද?. කේන්දරයෙන් බලා ගනිමු .

1 year ago 7 Min read
Subha.lk

පෘථිවි තලයට කිරි කැටි ළදරුවෙකු වශයෙන් බිහිවන අප සියලු දෙනාට හිසට සෙවණ ගෙන දෙන්නා වූ වාසස්ථානය හෙවත් නිවෙස කුමන ආකාරයේ එකක්ද යන්න දැනගැනීමට තිබේන ඒකායන මාරිගය උපත අනුව සකස් කරන ජන්මපත මිසක් කිසිවක් නැත.

 

නිවෙසක ජීවත් වීමට වාසනාව තිබේද යන්න මෙතැන් සිට ග්‍රහයක් කරමි. මෙහි පෙන්වා දී ඇති කටු මැටි ගැසූ පොල් අතු සෙවිලි කළ නිවෙස දක්වා මුල් කොටස්වල ජීවත් වීමට සිදුවීම නම් පෙර ආත්මවල කරන ලද මේ ආත්මයේදී තිරිසන් ගණයේ එවැනි වැඩ කරන අයට දෙන පාපී අකුසල කර්ම විපාක බව එකහෙළාම පවසමි. විශේෂයෙන් තමන්ව වදා හැදූ වැඩූ මවුපියන්ව වයසට ගිය පසු මහපාරේ බස් නැවතුම් පොළට ගෙනැවිත් දමා සුපිරි වායුසමීකරණ වාහනේ පැන යන තිරිසනුන්ට සිදුවන්නේ කවදා හෝ එවැනි දෙයකි. මෙය ඔවුන්ගේ ජන්ම පත්‍රයේ මැනවින් ග්‍රහයෝ පෙන්වා දී ඇති අවස්ථා මා හට හමුවිය. එ නිසා කිසිදාක මෙම මනුෂ්‍ය ආත්මයේදී එවැනි වැඩ නම් කරන්න එපා. මේ ආත්මයේදීම ඉහත තැනක ඉඳල තමයි අවසන් හුස්ම ටික හෙළන්න වෙන්නෙ.එයද ඔබගේ ජන්ම පතේ තිබෙන්න පුළුවන්. මේෂ ලග්නය වී සිවුවැන්නේ ලග්නාධිපති කුජ සමඟ රාහුද චන්ද්‍රයා අටවැන්නේ වෘශ්චිකයේද සිකුරු හයවැන්න වූ කන්‍යාවේද උපතින් ජන්ම පත්‍රයේ යෙදී ඇත්නම් පෙර ආත්මයේ එවැනි අකුසල කර්ම කළ අයෙකි. මෙවැනි අයකුට ජීවත්වීමට ස්ථිර නිවෙසක් නොලැබේ. තැන තැන ස්ථාන මාරු වෙමින් අනුන්ගේ නිවෙසක මාසික කුලියට සිටීමටද සිදුවේ. කුලී නිවෙසක් වුවත් එය ගරා වැටුණු අපිරිසුදු ස්ථානයක් වන්නේය. කුලී ගෙවන සුපිරි නිවෙසක් කාමරයක් වුවද එවැනි අයට නොලැබේ. ඊට හේතු වන්නේ නියමිත රැකියාවක්, මුදල් වත්කම නැති දුගී පවුලක් වීමය. ඔබගේ කේන්දරයේ මෙවැනි ග්‍රහ තත්ත්වයක් තිබේ නම් නිවෙසේ හැටි එහෙමයි. එසේ වුවද සිකුරු උපතින් ජන්ම පත්‍රයේ එක, හතර ආදී භවයක මාලව් යෝගය උදා කරමින් උපතින් යෙදී සිටින කුඩා දරුවෙක් සිටී නම් එම දරුවාගේ වාසනා ශක්තිය මත දරුවාට සිකුරු දශාවක් ලැබූ විට රජයේ හෝ පෞද්ගලික ආයතනයක හෝ දානපතියකුගේ පිහිටෙන් ලස්සන කුඩා නිවෙසක් හිමි විය හැකිය. නමුත් ඔබගේ පාපකර්ම අකුසල බලය හේතු කොටගෙන එම නිවෙසේ වැඩි කලක් ජීවත් වීමට හැකිවේද යන්න සැක සහිතය. එයද කේන්දරයෙන් බලාගත හැකි වේ. දරුවා ලොකු මහත් වීමෙන් පසුව දරුවා සමඟ ගැටීම් ඇති වී එම නිවෙසේ වාසය ඔබට අහිමි විය හැකිය.

 

වෘෂභ ලග්නය වී සිවු වැන්නේ සෙනසුරු, රාහුද දෙවැන්නේ ගුරුද උපතින් කේන්දරයේ යෙදී ඇති නම් ස්ථාවර නිවෙසක් නොලැබ ජීවත් වීමට සිදු වන්නේ කුලී නිවෙසකයි. එයද පැරණි අඩුපාඩු සහිත අවලක්ෂණ නිවෙසකි. ලග්නයේ සිකුරු, 11 වැන්නේ රවි තුන්වැන්නේ පුර සඳු උපතින් යෙදී ඇත්නම් වෘෂභ ලග්නයේ ඔබ පෙර භවයේ පින් ඇත්තෙකි. ඒ අනුව ලක්‍ෂණ චාම් නිවෙසක් ඔබට හිමි වේ.

 

රජයේ ප්‍රධාන රැකියාවක්ද හිමිවන අතර ඒ අනුව ලක්ෂණ රජයේ නිවෙසක ජීවත් වීමට වාසනාව යෙදේ.

 

මිථුන ලග්නයේ අයගේ කේන්දරයේ සිවුවැන්නේ කුජ කේතු සමඟද අටවැන්නේ සෙනසුරුද දසවැන්නේ බුධ හා රාහු උපතින්ම යෙදී සිටී නම් මවුපියන්ගේ කුඩා පාරම්පරික ඉඩමක පැරැණිම ගරා වැටුණු නිවෙසක සැමදා ජීවත් වීමට සිදුවේ. භූත දෝෂ, බහිරව දෝෂ නිසා එම නිවෙසේ සැමදා අසරණව ජීවත් වීමට සිදු වේ. මිථුන ලග්නය සිකුරුද සිවුවැන්නේ ලග්නාධිපති බුධ, තුන්වැන්නේ රවි, උපතින් ජන්ම පත්‍රයේ යෙදී තිබේ නම් අංග සම්පූර්ණ කුඩා නිවෙසක ජීවත් වීමට හිමිකම වාසනාව ඇත.

 

කටක ලග්නය හිමියාගේ කේන්දරයේ උපතේදී සෙනසුරු ලග්නයේද සිවුවැන්න අධිපති සිකුරු තුන්වැන්නේ කේතු සමඟද ලග්නයේද සිවුවැන්න අධිපති සිකුරු තුන්වැන්නේ කේතු සමඟද ලග්නාධිපති චන්‍ද්‍රයා පස් වැන්නේද යෙදී සිටීනම් මවුපියන්ගේ පැරැණි නිවෙසේම ජීවත් වීමට සිදුවේ. මෙම නිවෙසේ බිත්ති තැනින් තැන පුපුරා කපරාරු ගැලවී ගිය එකකි. පොළෙ වද ඒ හා සමාන වේ. එසේ වුවද උපතේදී පුර චන්ද්‍රයා වෘෂභ රාශියේ 11 වැන්නේද, සිකුරු සිවුවැන්නේද ගුරු නවවැන්න වූ මීනයේද යෙදී සිටීනම් අලංකාර නිවෙසක * හැඩකාර, දෙමහල් නිවෙසක ජීවත් වීමට පෙර වාසනාව මතු වේ. ජීවිතයද යහපත් වේ. පෙර පින වාසනාවටත් පව අකුසල් අවාසනාවටත් යොමු කරන ඔබගේ නිවෙසේmහැට් එහෙමයි. සිංහ ලග්නය හිමියාගේ කේන්දරයේ උපතින් සිවු වැන්නේ රාහු, චන්ද්‍රයා,

සෙනසුරු මෙම ත්‍රිග්‍රහ යෝගය යෙදීම පෙර භවයේ තම මව, පියා නිවෙසින් පන්නා දැමීම, අනුන්ගේ ඉඩම් බලෙන් පැහැර ගැනීම මෙවැනි තදබල පාප කර්ම සිදු කළ බව පෙන්වන ග්‍රහ තත්ත්වයකි. දරුවකුගේ හෝ වාසනා ග්‍රහ බලයක් නොතිබුණහොත් සැමදා හිමිවන්නේ ව්‍යාපාර, බස් නැවතුම්පොළ ආදී ස්ථානයකි. තමාට කියා නිවෙසක් හිමි නොවේ. භාර්යාවගේ සුබ ග්‍රහ බලයක් තිබුණත් එයද යටපත් වේ.

 

කන්‍යා ලග්නය හිමි අයගේ සිවුවැන්න හිමි ගුරු 10 වැන්නේ යෙදීමෙන්ද සෙනසුරු 10 වැන්නේ යෙදීමද අඩුපාඩු සහිත පැරණි නිවෙසක ජීවත් වීමට හේතු වන්නකි. එසේ වුවද ගුරු, රවි, කුජ සිවුවැන්නේ උපතින් යෙදී සිටී නම් බලවතුන් රැස්වෙන, පෙනුම ඇති විශාල රාජකීය නිවෙසක් ඔබට හිමි වේ. ඔබ එවැනි කෙනෙක් විය හැකිය. ප්‍රසිද්ධ ජනතාව අතරේ සිටින අයෙක් වේ.

 

තුලා ලග්නය හිමි අයගේ සිවුවැන්නේ කේතුද සෙනසුරු දෙවැන්නේද, සිකුරු 12 වැන්නේද කේන්දරයේ උපතින් පිහිටා ඇත්නම් සුබ නැකැතකින් ආරම්භ කළ නිවෙසක කොටසක් වැඩ අවසන් කර පදිංචි වුවත් නිවෙසේ ඉදිරි වැඩ කොටස් කිසි දිනක අවසානයක් නැත. වියදම ඉහළ යනවා මිසක් වැඩ අවසන් නොවේ. එවැනි අඩුපාඩු නිවෙසක් ඔබට හිමි විය හැකිය. නමුත් සිකුරු ලග්නයේදී සෙනසුරු 11 වැන්නේද, ගුරු දස වැන්නේද උපතින් යෙදී ඇත්නම් ඔබට ලස්සන මහල් නිවෙසක් ඉදිකර ගැනීමේ වාසනාව යෙදේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk