සුබ ග්රහයෝත් අපල ගෙනවාද ?
ගුරු ග්රහයා සිකුරු ග්රහයා ඉතාමත් සුබ ග්රහයන් ලෙස සිතූවත් එම සුබ ග්රහයන්ට රෝග කාරක වී මරණය පවා ගෙන දුන් අවස්ථාවන් ඇත. කම්මජ ආබාධ නමින් පලදෙනම රෝග තත්ත්වයන්ද ඇත. එය වැළැක්වීම කෙසේවත් කළ නොහැකිය. පෙර භවයන්හිදී කළ අකුසල කර්මවල ප්රතිඵල ලෙස මේවා ලැබෙනු ඇත. පිළිකා, වකුගඩු ආබාධ, දියවැඩියාව යන රෝග කම්මජ ආබාධ ලෙස සැලකෙන රෝග වේ. දියවැඩියාව සඳහා බොහෝ දෙනාගේ අත්පා සැත්කම් මඟින් ශරීරයෙන් ඉවත් කිරීමට පවා සිදුවන අවස්ථා අත. එවිට රෝගියා සහ රෝගියාගේ භාරකරුවන්ද මුදලින් හා ශ්රමයෙන් ඉතාමත් අපහසුතාවන්ට ලක්වේ.
පිළිකා, වකුගඩු වැනි රෝගවලදීත් රෝගියා හා භාරකරුවන් මුදලින් හා ශ්රමයෙන් ඉතා අසීරු තත්ත්වයන්ට පත්වේ. මෙවන් රෝග පෙර කර්මවලට කළ අකුසල කර්මයන් නිසාම සිදුවන බව පතපොතේ සඳහන් වේ. ගුරු ග්රහයා 22 දෙර්කාණාධිපති හා අට අධිපති විම නිසා වකුගඩු දිරාගොස් මියගිය කේන්දර හිමි කෙනකුගේ ආදර්ශය කේන්දරය දැක්වේ.
මෙම කේන්දර හිමියාගේ ගුරු 22 දෙර්කාණාධිපති සහ අට අධිපතියා, කුජ ගුරු ලග්නගතවීම කාර්ය ශූර බවට එක් හේතුවක් වී ඇත. උගත්කමට සරිලන රැකියාවක්ද ලැබුවාය. ලග්නාධිපති සිකුරු 5 වැන්නාධිපති සමඟ 11 වැන්නේ සිටීම ධනවත් වීමටද හේතු වූවාය.
එහෙත් පෙර භවයෙන් හිමි වූ කම්මජ ආබාධය වන වකුගඩු දිරායෑම සිදුවී 2009 වර්ෂයේදී මියගියාය. මෙම තැනැත්තා වකුගඩු බද්ධකර බේරා ගැනීමට භාරකරුවන් විශාල මුදලක් හා ශ්රමයක් දැරීය. එහෙත් ඒ උත්සාහයන් අසාර්ථක කරමින් අවුරුදු 53 වැනි කාලයකින් මිය යන්නට හේතු වූයේ ගුරු 22 දෙර්කාණාධිපති හා අට අධිපති වීමය. බොහෝ දෙනා යම් යම් කරුණු සඳහා ඉනා බෙහෙත් වැනි දේ මතුරා දීම වැනි (විෂ දේ දීම) පෙර භවයේ කර ඇත්නම් මෙම භවයේ එවන් මරණවලට ලක්විය හැකිය. එබැවින් එවන් පාපකර්ම නොකර සිටීමට අදිටන් කරගන්න.