Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

1 year ago 7 Min read
Subha.lk

බුධ ග්‍රහයා 2021 වසරෙහි නොවැම්බර් 2 වැනිදා පෙ.ව. 9.54ට තුලා රාශියට පිවිසෙන අතර 2021 වසරෙහි නොවැම්බර් 21 වැනිදා පෙ.ව. 4.51 වන තෙක්ම තම තුලා රාශි චලිතය පවත්වා ගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව 1952 නොවැම්බර් 25 වැනිදාත්, 1953 අප්‍රේල් 24 වැනිදාත් අතර කාලසීමාව තුළ කුමන හෝ දිනයක ඉපදුණු අයටද, 1953 අගෝස්තු 21 වැනිදාත් 1955 නොවැම්බර් 12 වැනිදාත් අතර කාල සීමාව තුළ ඉපදුණු අයටද, 1982 ඔක්තෝබර් 5 වැනිදාත් 1984 දෙසැම්බර් 20 වැනිදාත් අතර කාල සීමාව තුළ කුමන හෝ දිනයක ඉපදුණු අයටද, 1985 මැයි 29 වැනිදාත්, 1985 සැප්තැම්බර් 16 වැනිදාත් අතර කාලය තුළ ඉපදුණු අයටද, 2021 වසරෙහි නොවැම්බර් 2 වැනිදාත්, 2021 වසරෙහි නොවැම්බර් 20 වැනිදාත් අතර කාල සීමාව තුළ ව්‍යාපාරවලින් විශේෂ ලාභ ලැබීම්, ඉඩකඩම් ගනුදෙනු සාර්ථකවීම් සහ මිතුරන්ගෙන් විශේෂ උදවු ලැබීම් ආදිය පෙන්නුම් කෙරේ. ඒ නිසා ඉහත දින අතර ඉපදී ඇති අය, ඉහත කී කාලසීමාව තුළ ඒ පිළිබඳව උනන්දුවීම සුදුසුය.

තවද 2021 වසරෙහි නොවැම්බර් 2 වැනිදා සිදුවීමට නියමිත බුධ මාරුවට අනුව 2021 වසරෙහි නොවැම්බර් 2දා ආශ්‍රිත දිනවල සුළු වශයෙන් හෝ කාලගුණ විපර්යාස වලට ඉඩකඩ ඇති අතරම  අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය යන අංශ සම්බන්ධ අලුත් ආරංචි ලැබෙන්නටද ඉඩකඩ පවතියි. 

2021 වසරෙහි ඔක්තෝබර් 30 වැනිදා ප.ව. 4.10ට ධනු රාශියට පිවිසි සිකුරු ග්‍රහයා 2021 වසරෙහි දෙසැම්බර් 8 වැනිදා ප.ව. 1.58 වන තෙක්ම ධනු රාශිය තුළ හැසිරෙයි. සිකුරු ග්‍රහයා ධනු රාශියට පිවිසි මොහොතෙහි තත්කාල කේන්දර සටහනට අනුව 2021 වසරෙහි ඔක්තෝබර් 30 වැනිදාත්, 2021 වසරෙහි දෙසැම්බර් 8 වැනිදාත් අතර කාලසීමාව තුළ පාර්ලිමේන්තුව තුළ ඇතිවන ඉතා උණුසුම්කාරී සිදුවීම් පෙන්නුම් කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඇති වන අසුබ සිදුවීම්ද පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත් ඉහත කාල සීමාව තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ ගැටලුවලට යම් තරමකට හෝ විසඳුම් ලැබීමක් පෙන්නුම් කළද රටෙහි ආර්ථිකය සම්බන්ධ සුබදායි යමක් පැවැසීමට අපහසු බවත් පෙනේ. මීට අමතර ලෙස සිකුරු මාරුව සිදු වන තත්කාල කේන්දර සටහනට අනුව 2021 වසරෙහි ඔක්තෝබර් 2 වැනිදාත් 2021 වසරෙහි ඔක්තෝබර් 30 වැනිදාත් අතර කාල සීමාව තුළ යම් තරමකින් හෝ අනපේක්‍ෂිත හදිසි අනතුරුවල ඉහළ යෑමක්ද පෙන්නුම් කෙරේ.

2021 වසරෙහි නොවැම්බර් 20 වැනිදා රාත්‍රි 11.25ට ගුරු ග්‍රහයා තම නීච චලිතය නිමා කරමින් කුම්භ රාශිය කරා පිවිසෙයි. මෙම ග්‍රහචලිතයට අනුව 2021 වසරෙහි නොවැම්බර් 20 වැනිදායින් පසුව එළැඹෙන දින 5 තුළ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළ ගැලුවලට යම් තරමක හෝ විසඳුම් ලැබීමක් පෙන්නුම් කළද පාර්ලිමේන්තුව තුළ ඇති වන නොසන්සුන්කාරී සිදුවීම් සහ ජනතා නියෝජිතයන්ට ඇති වන අසුබ සිදුවීම්වලටද ඉඩකඩ පවතින බව පෙනේ. මීට අමතර ලෙස මෙම ග්‍රහගෝචරයට අනුව 2021 වසරෙහි නොවැම්බර් 20 වැනිදායින් පසුව එළැඹෙන දින 5ක පමණ කාල සීමාව තුළ පූජ්‍ය පක්‍ෂයේ උතුමකුට හෝ රටම දන්නා වෙනත් ප්‍රසිද්ධ ප්‍රබල චරිතයකට සිදුවන කම්පනකාරී සිදුවීමක් පෙන්නුම් කෙරේ. මීට අමතර ලෙස 2021 වසරෙහි නොවැම්බර් 20 වැනිදා සිදු වීමට නියමිත ගුරු මාරුවට අනුව 2021 වසරෙහි නොවැම්බර් 20 වැනිදායින් පසුව එළැඹෙන දින 10 තුළ කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රය සම්බන්ධවද අසුබ ආරංචි ලැබීමේ අවදානමක් හට ගනියි.

2021 වසරෙහි නොවැම්බර් 10 වැනිදා ප.ව. 6.28ට බුධ සහ කුජ යන ග්‍රහයන් යුද වදින අතර එම ග්‍රහ යුද්ධයෙන් කුජ පරදවා බුධ ජය ගනියි. ග්‍රහ යුද්ධයට කුජ ග්‍රහයා සම්බන්ධ වන නිසා 2021 වසරෙහි නොවැම්බර් 10 වැනිදා ආශ්‍රිත දිනවල හදිසි අනතුරුවල වැඩිවීමක් පෙන්නුම් කෙරේ. තවද මෙසේ කුජ සහ බුධ නියම ලෙසම සංයෝග වීමට අනුව 2021 වසරෙහි නොවැම්බර් 10 ආශ්‍රිත දිනවල මහ මොළකරුවන්ගේ උපාය උපක්‍රම පිළිබඳව විමසිලිමත් විය යුතු අතර පරිගණක අපරාධ, පරිගණක වෛරස සහ වෙනත් බලාපොරොත්තු රහිත තාක්‍ෂණික ගැටලු පිළිබඳවද විමසිලිමත් වීම සුදුසුය.

ප්‍රවීණ‍ ජ්‍යෙතීර්වේදී

පාරින්ද්‍ර සුගතදාස

 

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk