කසාදයේදී පොරොන්දම් හරියට ගැලපෙන්න ඕනද ?
තරුණ ජීවි ගත කරන්නන්ගේ ප්‍රාර්ථනා දෙකකි.
(1) හොඳ රැකියාවක් සොයාගැනීම
(2) හොඳ සාර්ථක විවාහයක් කරගැනීම.
තම තමන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්වලට ගැළපෙන රැකියා හෝ රැකියාවලට අවශ්‍ය සුදුසුකම් නොමැතිව අසරණව සිටින පිරිස් දහස් ගණනක් නොව ලක්ෂ ගණනකි. මෙහි දී බොහෝ යෞවනයන් "රජයේ" රැකියාවන්ම අපේක්ෂා කරන අතර ඇතැම් පිරිසක් කුමන හෝ ආකාරයක රැකියාවක් තෝරාගනී. එසේම පාසල් වියේදී අධ්‍යාපනයට නොව වෙනත් අරමුණු ඉටුකරගන්නට පෙලඹී ඇතැමුන් සමාජයට - රජයට දොස් කියමින් මත්ද්‍රව්‍යවලට හෝ පෙලඹී තරුණ ජීවිත විනාශ කර ගනිති.
එසේම තමාට සුදුසු විවාහයක් කරගන්නට සෑම තරුණ තරුණියකුගේම අපේක්ෂාවයි. ඇතැම්විට ප්‍රේම සබඳතා කඩාවැටීම් නිසා හේ තමාගේ ආර්ථිකය
ශක්තිමත් නොමැති නිසා හෝ වෙනත් කරුණු නිසා විවාහ නොවී සිටීම හෝ විවාහය ප්‍රමාද වීම් සිදු වේ. එසේම ඇතැම් විට ප්‍රේම සබඳතා ඇති කරගෙන නිවෙස්වලට දැනුම් දුන් පසු පොරොන්දම් නොගැළපීම නිසා අසරණ වන අයද ඕනෑතරම් ඇත. ඒ නිසා ජ්‍යොතිෂ මහතකු හෝ මහත්මියක කරා නොගොස් ඔබටම ඔබේ පෙම්වතා හෝ පෙම්වතියගේ පොරොන්දම් ගැළපෙන්නේද? නැද්ද? යන්න බලාගැනීමට පහසුවක් ලබාදෙන ලිපි පෙළක් ඉදිරියට පළකරමි, ඒ නිසා ඔබ මේ ලිපියේ සිට ඉදිරියට පළකරන පොරොන්දම් ගැළපීම' ලිපි මාලාව එකතු කරගන්න. එමඟින් ඔබටම ඔබේ පොරොන්දම් ගළපා ගන්නට හැකියාව ලැබෙනු ඇත. නමුත් ඔබ එක් කරුණක් තරයේ මතක තබාගත යුතුය. ලිපි මාලාවෙන් විස්තර කරන ලිපි සියල්ලම ගොනු කරගත යුතු අතර ඔබ ඔබගේ සහ අනෙකාගේ ජන්ම පත්‍රයේ විස්තර නිවැරදිව අංග සම්පූර්ණව දැනගත යුතුය. මෙයින් අත්වැලක් ලබාදීම පමණක් සිදුකෙරේ.
පොරොන්දම් බැලීමේදී අපට පළමුව දෙදෙනාගේ ජන්ම පත්‍ර අත්‍යවශ්‍ය වේ. එසේම ඒ ජන්ම පත්‍රවල ඇති නැකැත - ගණ - රාශි ආදිය පිළිබඳව සටහනක් අවශ්‍ය වේ. ඒ නිසා අද සිට ඉදිරියට හැකිතාක් සරලව ලිපි පෙළක් දක්වමි. එනිසා ඔබටම ඔබේ පොරොන්දම් පහසුවෙන් බලාගන්නට හැකියාව ලැබෙතැයි සිතමි. පොරොන්දම් ගැළපීමේදී පළමුව ලග්න 12 (දොළහ) සහ ඒ ලග්නවලට අධිපති ග්‍රහයන් අවබෝධ කරගත යුතු අතර ඒ ලග්න අනුපිළිවෙළට පවත්නා පිළිවෙළද වටහා ගත යුතුයි. එසේම ජන්ම පත්‍රයේ ඇති නැකැත් (27) විසිහත හා පොරොන්දම් ගැළපීමේදී අවශ්‍ය වන "අභිපින්" නැකැතද අවබෝධ කරගැනීම වැදගත්ය.