Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගැළපෙන රැකියාව ගැන අත්ලෙන් කියන්නේ මෙහෙමයි.

1 year ago 7 Min read
Subha.lk

සමාජයේ ජීවත්වන හැමෝම කුමක් හෝ රැකියාවක් උප්පත්තියෙන් අරගෙන එයි. ඒ ඒ අයට හිමිවන රැකියාවන් අත්දැකීම් බහුල හස්ත රේඛා ශාස්ත්‍රඥයකුට හඳුනා ගත හැකිය.ඒ ඒ රැකියාවන්ට යොමුවන හස්ත රේඛා සලකුණ මෙම ලිපියෙන් විමසා බලමු.

 

අතක කුජ රේඛාවන් එකක් හෝ දෙකක් පිහිටා පළමු කුජ මණ්ඩලයේ (2) දෙවන කුජ මණ්ඩලයක් ප්‍රබලව වැටී ඇත්නම් එවැනි අයට ත්‍රිවිධ හමුදාවේ රැකියා හොඳින් ගැළපේ. මහා චතුරස්‍රය තුළ ගුප්ත කතිරය පිහිටා බුධ රේඛාවක් පිහිටා බුධ මණ්ඩලය තුළ ශාස්ත්‍රීය රේඛාවන්ද පිහිටා ඇති අය ජ්‍යොතිෂවේදීන් හස්ත රේඛා පරීක්ෂකයන් ඇතුළු ගුප්ත විද්‍යා අංශයේ රැකියාවන් තෝරා ගනී. මෙහිදී බුධ මණ්ඩලය ප්‍රබලව වැඩී තිබිය යුතු බව සලකන්න. බලවත් රවි රේඛාවන් පිහිටා අත්ල කලා හස්තයන් වී රවි, සිකුරු, කුජ මණ්ඩලයන් බලවත්ව පිහිටා ඊට සමඟාමීව ශනි වක්‍රය හෙවත් සිකුරු වක්‍රයත් පිහිටි අය විවිධ ක්ෂේත්‍රයේ කලාකරුවන් වේ. මහපට ඇඟිල්ල පිටට නෙරා දෛවය රේඛාව පිහිටා නොමැති ප්‍රධාන රේඛාවන් (3) තුනක් පමණක් පිහිටි අය කම්කරුවන් වේ. සියලුම ග්‍රහ මණ්ඩලයත් යටට නෙරා ගොස් ප්‍රධාන රේඛාවන් (3) තුනක් පිහිටි අය කැටයම්කරුවන්ය. අත්ල රෝස පාට වීම නියපොතු චතුරස්‍ර වීම- බුධ-රවි-ශනි- ගුරු මණ්ඩල බලවත්ව වැඩී ඇති අය, විද්‍යුත් හා මුද්‍රිත අංශයේ රැකියාවන් හට හිමි වේ. අල්ල පළල් වීම ශනි මණ්ඩලය ප්‍රබලව පිහිටි අය ප්‍රධාන රේඛා පිහිටි අය කෘෂිකර්මාන්ත අංශයේ රැකියාවන්ට යොමු වේ. බලවත් දෛවය හා රවි රේඛාවන් පිහිටා ගුරු මණ්ඩලය තුළ චතුරස්‍රයක් පිහිටා ඇති අය දේශපාලන ක්ෂේත්‍රයේ රැකියාවන්ට යොමු වේ. ජීවන හා ශීර්ෂය රේඛාවන් ඈත්ව පිහිටා මහපටඇඟිල්ල පළල්ව ඝනව වැඩී ශීර්ෂය රේඛාව ශාඛාවන්ගෙන් යුක්තව බලවත් කුජ මණ්ඩලයන් පිහිටි අය නීති හා අධිකරණ ක්ෂේත්‍රයේ රැකියාවන්ට යොමු වේ.

 

බුධ, රවි, ශනි, ගුරු මණ්ඩල උස්ව පිහිටා රවි හෙවත් සූර්ය රේඛාවන් පිහිටි ප්‍රධාන රේඛාවක් හොඳින් පිහිටි අය වෛද්‍යවරුන් වේ. මේ ආකාරයන්ට විවිධ රැකියාවන්ට යොමුවන හස්ත රේඛා සලකුණුවලින් කීපයක් පමණක් මෙම ලිපියෙන් ඉදිරිපත් කළ බව සලකන්න.

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk