Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

උසස් පෙළ කරන දූ දරුවන්ට සෙත සලසන බලගතු සරස්වතී පූජාවක්

1 year ago 7 Min read
Subha.lk

සූ සැට කලාවට අධිපති සරස්වතී මෑණියන්ට පූජා පවත්වා පිහිට පතන්නන් පුද්ගල පිරිසුදු බවින් යුක්ත වන්නට අවශ්‍යයි. සරස්වතී මෑණියන්ට පහන් තබා ආශීර්වාද පතන අය ආගිය තැන ජය ලබන, සභාවේදී දක්ෂ කථිකයකු වන බුද්ධියෙන් යුතු අයකු වෙයි.

ඊර්ෂ්‍යා, ක්‍රෝධ, සිතුවිලිවලින් තොරව මෙත් සිතින් පූජා පැවැත්වීමෙන් ආශීර්වාද ලබාගත හැකි වෙයි. කථිකත්වයට, සබකෝලය දුරු වීමට, මතක ශක්තිය වර්ධනයට මියුරු හඬක් ලබන්නට සරස්වතිය මහෝපකාරි වෙයි.

 

උසස් පෙළ විභාගයට පෙර අවශ්‍ය පූජා ද්‍රව්‍ය සූදානම් කරගෙන නියමිත වෙන් වූ කාමරයක් පිරිසුදු කර කහ දියර ඉස ආසනය සාදා ගත යුතුයි.

 

අවශ්‍ය පූජා ද්‍රව්‍ය සුවඳැල් හෝ සීනි කෙසෙල්,

සහිත පලතුරු වර්ග පහක් හෝ හතක්, උක් දඬු (කළු) තැඹිලි - බුලත්, උඳු - මුං - තල ධාන්‍යවලින් සකස් කළ කැවුම්, අතිරස, අග්ගල, වැනි කැවිලි වර්ග, මුං කිරිබත්, ලද පස්මල්, විලඳ - මී පැණි, ඛෙලි කොළ මාලයක්, සරස්වතී පින්තූරයක්, පිච්ච මල් සහිත මල් වර්ග, පහන්, කපුරු, සුවඳ දුම් සකස් කරන ලද ස්ථානයේ මේසය මත සුදු පිරුවට එළා කෙසෙල් දල්ලක් අතුරා පින්තූරය තබා ඒ මත බෙලි කොළ මාලය පලඳවා, කහ දියරින් සෝදා සකස් කළ පූජාවන් තැන්පත් කර පහන් දල්වා සුවඳ දුම් දී පූජා කටයුතු මෙසේ ආරම්භ කරන්න. රාත්‍රි හෝ උදේ 9න් පසු ඉතා හොඳයි.

 

ආරාධනා

 

සරස්වතී මහා දේවි විනා පුස්තක

ධාරණී

හංස වාහන සමායුත්තං - විද්‍යා

ඥානං කුරුමම

ශාස්ත්‍රාගම ධාරී ගුණ ඥාන

සම්ප්‍රයුක්තං

ලෝකචාරි පියංගනා විචා චාරං

විද්‍යාචාරි මනුෂ්‍යා මුඛ සේවිත

නිත්‍ය

සරස්වතී දේවී සුර ආසන ප්‍රවිෂ්ටං

 

 

ශ්‍රී දී ධර ගීතිකාම මධුරස්වර

වාව්‍යං

ශ්‍රී හස්තක කීර පෝතකා දෘශ්‍යානි

නිත්‍යං

ශ්‍රී මුඛ වාසානුබද්ධ මහා බ්‍රහ්ම

රාජං

සරස්වතී දේවී පුෂ්ප ආසන

ප්‍රවිෂ්ටං

 

විද්‍යාධර සකලා බහු ජනනායක

චිරං

අත්‍යාධාරක වී ශ්‍රැත බහුජන මන

ප්‍රීතිං

නිත්‍යාස්වර ගීත ශාස්ත්‍ර ඡන්‍ද්‍ර

සභාධිපතිං

සරස්වතී දේවී පුෂ්ප ආසන

ප්‍රවිෂ්ටං

 

 

සරස්වතී ශාන්තිය

 

බ්‍රහ්ම රාජිත මුඛ්‍ය පද්මජ

වාරනිර්භය දානතුං

විද්‍යාධාරිත සත්වමානුෂ දේව

නාගාධීපතිං

ධර්ම අර්ථය කාම මොක්ෂය

සාධනාකෘත නිශ්චිතං

බ්‍රහ්ම රාජිනි පාද පංකජ වන්දතෙ

ප්‍රිය සෞගතං

 

කීර පෝතක හස්තධාරණ ශිෂ්ට

සම්මත වාචකං

නිත්‍යා වාදන ශුද්ධි බුද්ධික ගීතිකා

ඡන්දස්කෘතං

දිට්ඨ මංගලිකා නිබදධතු

කීර්තිරාවය ධාවනං

ශාන්ති සෞඛ්‍යං නිත්‍යා සම්මත

දානතේ සාරස්වතිං

 

ප්‍රාඥ සාගර සජ්ජනානන පූජනී

බහු භාණ්ඩකං

රාඥ බ්‍රහ්මික පාද සේවිත ශාස්ත්‍ර

ආගම් ධාරණං

කීර්ති මාලකදම්බ සජ්ජිත ත්‍රි

භවන්තර නිශ්‍රිතං

ආයු ශ්‍රී සාරාභිරණ්‍යාත් ෂේත්‍ර

සම්පත්ති ප්‍රදානං

 

හස්ත පාදක ජානු ශිර්ෂක ඌරු

පිට්ටික කේශජං

හෘදය ගර්භක, පිත්ත, දාහක,

රුධිර ශ්ලේමො රෝගිකං

දුෂ්ට දුර්ගුණ දුර්විපාකජ අන්තරා

භය නාසකං

බ්‍රහ්ම රාජනි ශාන්ති දානය

කෘත්වතේ රෝගාතුරං

 

වක්ත්‍ර කණ්ඨජ ශීර්ෂ තාලුජ දන්ත

නේත්‍රා නිට්ඨිතං

සර්ව දෝෂාන්ධකාරං විහතමාලං

මනසාචයං

මෛත්‍රී පූර්වක ශාන්ති දානක

නිත්‍යා ජීවිත ආතුරං

රක්ෂතෙ ජය මංගලං වො රාජිනි

සරස්වතී

 

ආරාධනා කර බලසම්පන්න සරස්වතී ශාන්තිය කියා මෙම කන්නලව්ව කරන්න.

සාදු! සාදු! සූසැට කලාවන්ට අධිපති වන්නා වූ ධාරණ ශක්තිය නම් වූ විශ්ව ශක්තියට අධිපති වූ ස්වේත වර්ණ වස්තු ගත දරා පද්මාසනය මත වැඩ සිටින්නා වූ වීණාවක් අත දරා හංස වාහනරූඨ වූ සරස්වතී මැණියන් වහන්සේට නමස්කාර කර ඔබ දේව මෑණියන් වහන්සේට නැවුම් පූජාවක්, මල්, පහන්, සුවඳ දුම් දී වැඳ වැටී ඉල්ලා සිටින්නේ. මා හට ඇත්තා වූ සියලු අපල උපද්‍රව දුරු කරදී ශිල්ප, ශාස්ත්‍ර වරක් ඇසූ පමණින් ධාරණ වන්නටත් ප්‍රඥාව, බුද්ධිය වර්ධනය කර දෙන ලෙසත් ඉල්ලා සිටින වගයි. මාගේ ධාරණ ශක්තිය බුද්ධිය වර්ධනය කරදී මා යන සභය දිනවා දෙන සේක්වා.

 

 

සෙත් කවිය.

 

සයුර මෙත් රැළ නෙපුද පෙරහර

ඉසුරුවන් විමනේ සුරන්

පතුර වන තද තෙදින් අධිපති

මෙසිරිලක හිමි දෙව් නරන්

 නිතර සෙත් කොට බලා දිවැසින්

නොයෙක් රෝ දුක් දුරු කරන්

පතර යස සිරි නුවණ දෙන් මට

කදිර සුරිඳුනි සුර වරන්

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk