Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කර්මය හා කර්ම ඵලය නිවැරදිව හදුනා ගනිමු

1 year ago 7 Min read
Subha.lk

කර්මය හා කර්ම ඵලය හඳුනා නොගන්නා මෙම සමාජය තූළ අකටයුතුකම් බෙහෙවින් සිදුවේ. එයට හේතුව අප මේ උපත ලබා ඇති භවය පමණකැයි අපට ඇත්තේ යැයි සිතමින් බොහෝ දෙනා කටයුතු කිර්මයි. මේ ආත්මයේ සැප විඳිමින් ජීවත්වීම පමණක් සෑහේ යැයි සිතමින් අකුසල් කරමින් ධනය රැස්කිරීම තුළින් සිදුවී ඇත්තේ රෝග පීඩා ඇති කරමින් මානවයා පිරිහීමට ලක්වීමයි.

 

ඉස්ලාම්, ක්‍රිස්තියානු යන ආගම් දෙක අදහන බොහෝ දෙනා මරණයෙන් පසු උපතක් පිළිබඳ විශ්වාස නොකරති.බොහෝ දෙනා අදහස් කරන්නේ ස්වර්ගයට යෑමට මරණයෙන් පසු හැකිවන බවයි. එහෙත් සියලුදෙනා තුළම කුසල් කළහොත් එම ස්වර්ගයේ උපත සිදුවන බව විශ්වාස කරයි. එහෙත් මරණයෙන් පසු මිනිස්භාවය, තිර්සන් භවය, දිව්‍යලෝකය, අපාය ආදී ස්ථානවල උපත ලබන බව බෞද්ධ දර්ශනයට අනුව සියලුදෙනා පිළිගනිති.

 

ජ්‍යොතිෂයෙන් කේන්දර සටහන අනුව කියවෙන්නේද තමා පෙර කරන ලද කුසල් අකුසල් පිළිබඳවයි. තමා පෙර කරන ලද කුසල් අනුව ධනය, ඉගෙනීම, නෑදෑ මිතුරන් ආදිය සුබ තත්ත්වයෙන් ලැබෙන අතර අකුසල් කර ඇත්නම් ධනය, පිරිහීම, නෑදෑ හිතමිතුරන් අසුඛ ලෙස හමුවේ.

 

සියලු දෙයින් පැහැදිලි වන්නේ කරනා හොඳ වැඩවල ප්‍රතිඵල ලැබෙන බවය. කොරෝනා වැනි රෝග තත්ත්වයට හේතු වන්නේ ක්‍රමවත් පිළිවෙත් අනුගමනය නොකර රෝගය පැතිර යෑමට ඉඩ සලසන්නේ කුසල් පිළිබඳ අමතක කිරීමෙනි. ධනවත් වීම පිණිස මත්ද්‍රව්‍ය විකිණීම, මත්පැන් විකිණීම, වංචා කිරීම්, අල්ලස් ගැනීම, සතුන් මරණයට පත්කිරීම ආදී කටයුතූ සිදුකිරීම, ලෝකය පිරිහීමට ලක්වන බුදු දහමේ මෙම කටයුතූ සඳහන් කර ඇත. ලෝකයේ පැවැත්ම සේම පිරිහීමටද මානවයාගේ නොපනත්කම් හේතුවේ. මෙරටින් රෝග බිය තුරන් කිරීමට හොඳ සිරිත් අනුගමනය කරමු. දුසිරිත් වළකිමු. අනුන්ට ඊර්ෂ්‍යා කිරීම ආදියෙන් වැළකී ජීවත් වෙමු. එවිට සියලු ලෝක සත්ත්වයාම සුවපත් වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk