Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කසාදෙට කලින් බලන්න ඕන දෙන්නගේ කෙන්දරද ? පොරොන්දම්ද ?

1 year ago 7 Min read
Subha.lk

එදා සිහින කුමරු පැමිණියේ සුදු මැටි සිහින කුමරු පැමිණෙන්නේ අසකු පිට නැඟීගෙනය. මෙදා සුවපහසු නවීන රියකිනි.

තරුණියකට තමා පතන මෙම සුබ සිහිනය තුළ කෙතරම් ප්‍රාර්ථනා සැඟව තිබේද?

පෙම් සබඳතා බිඳ වැටෙන්නේද - විවාහය පමාවන්නේද නොගැළපීම් මතය. මෙම නොගැළපීම් අතර ජන්ම පත්‍ර තුළ නොගැළපීම ප්‍රධාන වෙයි.

 

විවාහය සඳහා විමසුම් කිරීමේදී බොහෝ දෙනා මූලිකත්වය ලබා දෙන්නේ පොරොන්දම් පරීක්‍ෂණයටය. පොරොන්දම් තුළ ඇත්තේ යල් පැනගිය සංකල්පයන් රැසකි. එම රීතීන් භාවිත වූයේ පෙරදා ඉන්දීය බ්‍රාහ්මණ වංශිකයන්ගේ පොදු යහපත පිණිසය. එදා බමුණන් යනු රාජ්‍ය වංශිකයනට උපදෙස් සැපයූ පිරිස් විය. වේදය හැදෑරූ බමුණන්හට තම දැනුම වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්නට සිදු විය. ඔවුන්ගේ කල වයස ගෙවී ගියේ ඔවුනටද නොදැනුවත්මය. එවන් වියපත් වූ බමුණකු හට අඩු වයස් දැරිවියක් සරණයට ගැනීමට හැකි වන පරිදී ඔවුන් විසින්ම විවාහයේ පොරොන්දම් පරීක්‍ෂණය තමනට හිතකරවන පරිදි කරුණු කාරණා රැසක් ඇතුළත් කරන ලදී.

 

පොරොන්දම් පරීක්‍ෂණයකට වඩා විවාහයේ රැඳීම බල දුබලකම රැඳී තිබෙන්නේ දෙදෙනකුගේ ජන්ම පත්‍රයන් මතය.

 

විවාහයට ජන්ම පත්‍රයේ හත්වැන්න මූලික වෙයි. හත අධිපති මෙන්ම හනේ රැඳුණු ග්‍රහයාද විමසුම් සහගතය. බොහෝ තරුණ තරුණියන්ට විවාහය පමාවන්නේ ඡන්ම පත්‍රයේ හත්වැනි භාවයේ සිටින ග්‍රහයාගේ දුබල වීම මතය, මේ අතර සෙනසුරු සහ කේතු ප්‍රධාන වෙයි. සෙනසුරු හතේ සිටින අයකුට විවාහය පමාවන්නේ සෙනසුරුගේ මහලු ස්වරූපය ඔහුගේ හෝ ඇයගේ විවාහ දිවියට ආදේශ කර දැක්වීම මතය. ඇතැමුන් ශනි හෙවත් සෙනසුරු හත්වැන්නේ කේන්දරයකට කුජ-රාහු-රවි වැනි ග්‍රහයකු හත්වැන්නේ සිටින කේන්දරයක් ගැළපෙන බව ප්‍රකාශ කරති. මෙය කවර නම් උපකල්පනයන් මත ගොනු කරන්නේ දැයි ගැටලුවකි. කුජ සහ රාහු යනු ආවේගශීලී පෙරළිකාර ග්‍රහ යුගලයකි. ඔවුනට සෙනසුරුගෙන් එකතැන රැඳීමක් නැත. කුජ සහ රාහු යන අතිධාවන කාමභෝගී ග්‍රහයනට හිමිවූ හත්වැන්නට සෙනසුරු හතේ ජන්ම පත්‍රයක කිසිදු පැහීමක් නැත. නළඟනක හා දුබල මහල්ලකු අතර මනරම් රැඟුමක් දැකීමට නොහැකිය.

 

සෙනසුරු මහල්ලෙකි. කේතු ඇකුළුම්කාරයෙකි. එකතැන රැඳී සිටින බුද්ධිමතෙකි. ජන්ම පත්‍රයක හත්වැන්නට සෙනසුරු දිග්ධලය සපයයි. එමඟින්

අදහස් කරන්නේ විවාහය පිළිබඳ අර්ථවත් දැක්මකි. සෙනසුරු මහල්ලෙක් වුවද බොහෝ දේ පිළිබඳව අවබෝධය ඇත්තෙකි. දරා ගැනීමට - ඉවසීමට මනා ශක්තියක් ඇත්තෙකි. සෙනසුරු හතේ ජන්මියා තම යුග දිවියේ කවර නම් ආවේගයන් - බාධකයන් මතු වුවද ඒ සියල්ලටම නොසැලෙයි. තම ඒ විවාහ දිවිය කඩා බිඳ නොගනී. සියල්ල දරාගනිමින් යුග දිවිය ආරක්‍ෂාකර ගැනීමේ ශක්තිය සෙනසුරු හතේ ජන්මියාට උරුම වෙයි.

 

හත්වැන්නේ සෙනසුරුගෙන් වන අයහපත නම් ස්ත්‍රිය හෝ පුරුෂයා විවාහ ජීවිතය තුළ නොමරා මරා දැමීමයි. විවාහ දිවිය කවර නම් නීරස ස්වභාවයක් මතු කළද හතේ සෙනසුරු විවාහ ජීවිතය කඩා නොදමයි. සෙනසුරු හතේ නම් හිමිවන්නේ තමනට වඩා මඳක් හෝ වයසින් වැඩි ස්ත්‍රියක හෝ පුරුෂයකු බව තවත් මතයකි.

 

හතේ සෙනසුරුට අනෙක් ජන්ම පත්‍රයේ ගුරු හත්වැන්නේ සිටීම යහපත් බව කියැවෙයි. එය විවාදාත්මකය. ගුරුගෙන් උසස් පාණ්ඩිත්වය පෙන්නුම් කරවයි. සෙනසුරු යනු තපස් - නිවට - ඕලාරික යාචකයකු වැනි ග්‍රහයෙකි.

 

මෙම ග්‍රහ සංයෝගය ගැළපෙන්නේ යැයි සිතීම මුළාවකි.

 

විවාහ දිවියක් සාර්ථක වීමට ලිංගික ජීවිතය සාර්ථක වීම අත්‍යවශ්‍ය වෙයි. සෙනසුරු හතේ ජන්ම පත්‍රයකට නිසි ගැළපීම දෙවන ජන්ම පත්‍රයේ හත්වැන්නේ කේතු සිටීමයි. සෙනසුරු ආවේගයන් තොර වියළි ග්‍රහයකු වන්නා සේම කේතුද ආවේගයෙන් තොර වියළි ග්‍රහයෙකි.

 

හත්වැන්නේ කේතු ලිංගික බෙලහීනයෙකි. කේතු දසාවෙන් උපන් උදවිය කෙසඟ සිරුරක් ඇත්තන්ය. කේතු නපුංසක ග්‍රහයකු ලෙසද පිළිගැනෙයි. මෙම ග්‍රහ ස්වභාවය ස්ත්‍රීන් අතර පුරුෂයකු ලෙසත් පුරුෂයන් අතර ස්ත්‍රියක ලෙසත් ගති ලක්‍ෂණ පෙන්නුම් කරවයි. එය කුහක රහස් ගුණයක් සහිතය. තමනට ක්‍රියාත්මක කිරීමට නොහැකි දේ කිරීමට ගොස් උපහාසයට පත්වීමද කේතුගේ ස්වභාවයයි. එහෙයින් නාකි මනමලයා යන අන්වර්ථ නාමයද කේතුට හිමිවෙයි.

 

ස්ත්‍රී - පුරුෂ ජන්ම පත්‍රයන්හි හත්වැන්නට සෙනසුරු සහ කේතු පතිත වී නම් එහි ගැළපීම අතිමහත්ය.

එවිට දෙදෙනාගේ කාම ආවේගයන් සමාන වෙයි. සමාන ක්‍රියාකාරකම් සහ ප්‍රිය අප්‍රියතාවන් ගැළපේ නම් එවන් යුවතිපති දෙපළකගේ විවාහ ජීවිතය සාර්ථකය.

 

මෙම ගැළපීම තුළ ඔබේ ජන්ම පත්‍රයේ හත්වැන්නේ සෙනසුරු හෝ කේතු යෝග වී නම් විවාහයට පෙර නිසි මඟ දැක්මකට මෙය මහඟු අත්වැලක් වනු ඇත. පලාපල ඔබට සුබ පලම උදාකරනු ඇත.!

 

ජ්‍යොතිෂවේදී කැඩුම් බිදුම් හෙළ වෙදදුරු මතුගම ජයනෙත්ති

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk