Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සුව නොවන දත් කැක්කුමට ප්රත්යක්ෂ සුවය ගෙනදෙන බලවත් මන්ත්රයක්

1 year ago 7 Min read
Subha.lk

මුහුනේ නැඟෙන සිනහව ලස්සන කරනුයේ මුවෙහි දත් පෙළයි. දත් පෙළ මිනිසාට වගේම සතුන්ටත් මහත් ශාරීරික කෘතනයක් ඉටු කරයි. ඒ නිසා දිව්ය පුරාවටම වරක් හිමිවන දත් පෙළ ආරක්ෂා කර ගැනීම කාගේත් අවශ්‍යතාවකි. ලොකු - පොඩි කාට වුවත් දත් කැක්කුම ලෙහෙසියෙන් පහසුවෙන් දරා සිටිය හැක්කක් නොවේ. තවත් සමහරුන්ට බෙහෙතක් බොන වේලාවට පමණක් සුවය මතුවීම ඇතිවේ. නමුත් එය සාර්ථක පිළියමක්ද නොවනු ඇත. ඒ වගේම දත් කැක්කුමට පිළියම් සෙවීමේදී සැලකිලිමත් විය යුතුද වන්නේය මන්ද ප්‍රායෝගිකව ඇතැම් නිසි දත්ත ප්‍රතිකාර නොවන අවස්ථාවන්හිදී විසබීජ ශරීරගත වීම ආදියද මතුවී නැති කරදරවල වැටෙන්නටද සිදු වන බැවිනි.

 

ප්‍රායෝගිකව මේ ගැටලුවෙන් පෙළෙන ඔබ වෙනුවෙන් අද මෙසේ ඉඩ වෙන් කරන්නේ ලොකු කුඩා කාගේත් දත් කැක්කුමට නිත්‍ය සහනය ගෙනෙන ප්‍රතිකර්මයක් පිළිබඳවයි. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ,

 

01. නැවුම් මැටි ජල බඳුනක්

02. පලුදු නොවූ බුලත් කොළයක්

03. සුදු මල් ටිකක්

04. හඳුන්කූරු

05. පොල් තෙල් පහනක් පමණකි.

 

 

අසුනක් මත කෙසෙල් කොළයක් එළා ඒ මත සුදු මල් තබා පහන දල්වන්න. මෙම කටයුත්ත සඳහා ශුභ දින හෝ ශුභ දිශා, ශුභ හෝරා යොදා ගැනීමක් නොකෙරේ. දැන් යහන මත මැටි බඳුන තබා බුලත් කොළය ඒ තුළට දමන්න. ජලය අඬු කෝප්ප දෙකක් පමණ මෙයට දැමීම ප්‍රමාණවත්ය. හඳුන්කූරු දල්වා සුවඳවත් කොට මෙම දෙනු ලබන මන්ත්‍රයෙන්, ජලයට දමා ඇති බුලත් කොළය ඒ තුළ තිබියදීම 108 වාරයක් නිවැරදිව ජීවම් කරන්න.

 

බලවත් මන්ත්‍රය -

 

 ඕං නමේ ඉරු දෙවියන්නේ වෑයා සඳ දෙවියන්නේ වෑයා පසේ බුදුන්නේ මුල් හක්කේ කෑ වෑයා බිමට බසින් දත් වෑයා උඩු නියේ දතුයි. යටි නියේ දතුයි, ඉසේ නොසිට පල දතුයි නමෝ ඊශ්වර දෙවියන්නේ දකුණු කකුලේ කෑ ව්‍යයා, දේව රජ්ජුරු දෙවියෝ පිටි අතින් ගසා

තඩුත්තු කළ ආනුභාවෙන් අදත් මේ වෑයාට නිදිගන්ඩ දෙවොල් දෙවියන්නෙන් දේව රජ්ජුරු දෙවියන්නෙන් වරම්, නමෝ නලගවුර ඒස්වාහඃ නමෝ ටං ටං කුරු කුරු ඒස්වාහඃ නමෝ හරිස්ස ඒස්වාහ: නමෝ හරිස්සුවාහ : 

 

අවසානයේ දෙවියන්ට ශබ්ද නඟා පින් දෙන්න. පුද ප්‍රාණ, පලිප්පු ආදී මන්ත්‍රයන්ද යොදා ගැනීමට අවශ්‍ය නොවේ. නිසි ලෙසින් ජීවම අවසානයේ ආතුරයාට එතැනදීම ජීවම් කළ නැවුම් ජලය පානය කරන්නට දෙන්න. පසුව බුලත් කොළයද දත් කැක්කුම සහිත ස්ථානය වැඩි ලෙස යොදා ගනිමින් හපන්නට දෙන්න. ක්ෂණික සුවය අත්වේ. අත්දුටුවයි! ඔබ සැම නිදුක් නිරෝගී භාවයටම උරුමකම් ලැබේවා.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk