Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සූනියම් දෙවිඳුට පහන තබන විට මෙම ස්තෝත්රයන් කියා පින් අනුමෝදන් කරන්න.

1 year ago 7 Min read
Subha.lk

01. ඕ නමෝ නාත දන්ත කෝවිලේ වැඩ වාසස්ථානේ කරන ඔඩ්ඩි සූනියම් දේවතාවුන් වහන්ස මා කීවා අසන්නයි රුවන්මාලි මාලිගාව සත් පොල්ලකට පුපුරා ගිය සත්‍යවාදී සැබෑවී නම් පඬුවස් කුමාරයා වඩා හුරතල් කළා සත්‍යවාදී සැබෑවී නම් බඹරුන් වෙසින් වරෙන් දෙබරුන් වෙසින් වරෙන් අට අනුවක්

 

 

 

සන්නි කැප ගනින් නව අනුවක් නහර කැප ගනින් අසූ තුන් කෙලෙක් ලෝම කූප කැප ගනින් යමපලු යම රජ්ජුරුවන්ගේ යම දොර අගුල් ඇරුණා සත්‍යවාදී සැබැවී නම් ඔඩ්ඩි මස්සිනේ මා හට ඇති වූ සතුරන් දමනය කර ප්‍රලය වී මා දිනවා දෙන්නයි කීවා අසන්නයි මාගේ ජීවිත රක්ෂන්තු රක්ෂන්තු කුරු කුරු ඒස්වාහා: (බදාදා - සෙනසුරාදා 7 වරක් කියනු)

 

 

2. ඕ ශ්‍රී කෛවීර ඔඩ්ඩියානේ ශිව ශිවායනේ ගිනි ගිනි ප්‍රලේ නමඃ (හල් දුම්මල දුම් දෙමින් 21 වර කියනු)

 

ක්‍රමය: බදාදා - සෙනසුරාදා සූනියම් දෙවිඳුට පහන තබන විට පිච්ච මල්, විලඳ, මී පැණි, කොහොඹ ඉති 7ක් පුදට තබා සුදුවතින් සැරසී පළමුව මල් C පහන් පුදා තුනුරුවන් වැඳ රාත්‍රි

 

9.5ට හල් දුම්මල දුම් දෙමින් පළමු ස්තෝත්‍රය 7වර බැගින්ද දෙවැනි දිෂ්ටි මන්ත්‍රය 21 වරද කියනු. මෙය සෑම අතින්ම තදබල ආරක්ෂාවකි. යක්ෂ, භූත, ප්‍රේත, දෝෂ දුරුවේය. අණවින කොඩිවින නොවදී. සූනියම් දෙවිඳු ඔබ හා බැඳේ. පියකු ලෙස ඔබද සිය පවුලද ආරක්ෂා කරනු ඇත. මස් මාංසයෙන්, සුරා සූදුවෙන් දුම් පානයෙන් වැළකී නිවැරදි  ක්‍රමවේදයට පහන දල්වනු. සූනියම් දෙවිඳු ඔබට සිහිනෙන් පෙනෙනු ඇත.

 

 

එච්. විජිත කුමාර සින්දුරගේ කපු මහතා

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk