Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාඵල 2022 සැප්තැම්බර් 05 දින සිට සැප්තැම්බර් 11 දක්වා

1 year ago 7 Min read
Subha.lk

මේෂ

 

ආහාර නොදිරවීමේ ආබාධ ගතියක් හෝ මල මුත්‍රා පහ වීමේ අපහසුතාවක් ඇතිවන්නට මේෂ ලග්න හිමියන්ට මෙම සතියේ බොහෝ දුරට ඉඩ ඇත. දණහිසෙන් පහළ කෙණ්ඩා ප්‍රදේශයේ හෝ තුනටිය ආශ්‍රිතව කැක්කුම් ගතියක් ඇතිවන්නට පුළුවන. සතිය ආරම්භක දින කිහිපය තුළදී විවිධාකාර ශරාබාධ මතු කරන ස්වභාවයක් දක්නට තිබේ. නිෂ්ඵල ගමන්ද අධික වියදම්ද ඇතිවිය හැකිය. සර්පයන් පිළිබඳ බියක් හෝ සර්ප දෂ්ටනයකට ඉඩ ඇති කාලයක් බැවින් වඩාත් ප්‍රවේශම් සහගතව කාලය ගත කිරීම යහපත් වේ. අමුතු දෙයක් පිළිබඳව කැමැත්තක් ඇති කරයි. පිනට දහමට ආශාව වැඩිවීමද ආගම කෙරෙහි දැඩි භක්තියද ඇතිවන සතියකි. තම වාග් ශක්තිය උපයෝගී කරගෙන බොහෝ ලාභ අත්කර ගැනීමට හැකිය. ලේඛන කලාවට සම්බන්ධ අයට හා මාධ්‍යවේදීන්ට ඉතා යහපත් සතියකි. කරන කියන කටයුතුවල දියුණුවක්ද ඒ හා බැඳුණු කීර්ති ප්‍රශංසාද අත්වන බවක් දක්නට තිබේ.

 

සුබ දිනය :- අඟහරුවාදා

සුඛ වර්ණය :- දම් පාට

ජය අංක :- 03, 2

 

 

වෘෂභ

 

බඩුමුට්ටුද හොඳ ආහාරපානද මිල මුදල්ද ලැබෙන සතියක් වෘෂභයට උදාවේ. සැප පහසු ඇතිව හොඳ නින්දක් ලැබෙන සතියකි. ප්‍රීතිමත් ගමන් යෙදේ. ගරු සැලකිලි ප්‍රශංසා ආදිය ලැබීමට හේතුයි. විනෝදයෙන් කල්ගෙවීමට සිත්වේ. දියුණුවට මං සැලසෙන බවක් පෙනී යයි. තරග, වාද විවාද ආදියට ප්‍රියකරන අතර එයින් ජයග්‍රණ අත්කර ගැනීමට ද හැකිවේ. තනතුරු උසස්වීමටද රැකියා අවස්ථා උදාවීමටද පුළුවන. අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගැනීමට හැකිවේ. රජයෙන් පවා ගරු සැලකිලි ලැබීමට භාග්‍ය ඇති සතියකි. එහෙත් නරක අය හා ආශ්‍රයට වැටෙන්නට ද ඉඩ ඇත. එයින් තම හොඳ නාමයට කැළැලක් ඇතිවීමට පුළුවන සිත හා සිතිවිලි කිලිට් වීමට හැකි බැවින් කල්පනාකාර්ට කල්ගෙවීම යහපති සතියේ අවසන් දිනවල වියදම් ඉහළ යා හැකිය. සඳුගේ දසා හෝ අතුරු දසා ගතකරන අය වඩාත් ප්‍රවේශම් වියයුතු සතියකි. ආමාශයේ ආබාධ තත්ත්වයන් මතු විය හැකිය. වැඩිහිටියකුගේ තර්ජනයකට ලක්විය හැකිය.

 

සුඛ දිනය : සිකුරාදා

සුඛ වර්ණය :- නිල් පාට

ජය අංක - 06, 15

 

 

මිථුන

 

විශාල වශයෙන් නොවුණද සුළු සුළු වස්තු ලාභ ලැබෙන තරමක් යහපත් සතියක් මිථුන ලග්න හිමියන්ට උදාවේ, විවිධ ජයග්‍රහණයන් ලැබීමට හැකිවේ. ගෙදර දොර තත්ත්වය වාසනාවන්ත වනු ඇත. ශරීර සනීපය යහපත් වන අතර සැප පහසුකම් ඇතිව කල්ගෙවීමට සතියේ මුල් දිනවල හැකිවේ. දෛනික ආදායම්වල දියුණුවක් ඇතිවීමට ඉඩ ඇත. සතුරු බල බිඳීයන අතර ආහාරපාන ලැබීමද සතුටුදායක වනු ඇත. බලාපොරොත්තු ඉටුකරගැනීමට හැකිවේ. සිත් සතුටට කරුණු යෙදෙනු ඇත. එහෙත් ජන්ම කේන්දරයෙහිද චන්ද්‍රයා දුර්වලව පිහිටි අයවලුන්ට මෙම සතියේ ආරම්භය අශුභඵල සහිත විය හැකිය. කරගෙන ආ වැඩ කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතුද දියුණුව කරා යනු ඇත. මවගෙන් හෝ මවුපස ඥාතීන්ගෙන් ලාභ ප්‍රයෝජන ඇතිවේ. තරග විභාගවලට ඉදිරිපත්වන අයට එයින් ජය අත්කරගත හැකිය. පවුලේ සමඟිය හා වාසනාව ද සැනසීමද උදාවන කාලයකි. ගෙදරට කුඩා ළ මයින්ගේ පැමිණීම් වැඩිවිය හැකිය.

 

සුබ දිනය :- බ්‍රහස්පතින්දා

සුබ වර්ණය : සුදු පාට

ජය අංක : 09, 18

 

 

 

කටක

 

අමුතු කටයුතු පිළිබඳව අදහස් ඇතිවෙන සතියක ආරම්භයක් කටක ලග්නයට උදාවේ. ප්‍රේම සම්බන්ධතාව. ගැටලුකාරී තත්ත්වයන් උදාවිය හැකිය. සිත්තැවුල්, වා භේද, වෙන්වීම්, විරහ වේදනා ආදිය ඇතිවීමට පුළුවන. විවාහක අය අතරද බලාපොරොත්තු බිඳ වැටීම්, සමගිය අඩුවීම් දැකිය හැකි අතර එයින් යම් වේදනාකාරි බවක් සිතට දැනෙනු ඇත. බාහිර කරදර වැඩිවීමක් සිදු වේ. යම් යම් වැරදි වලට දඬුවම් ලබන්නට සිදුවිය හැකි කාලයකි. කරන කටයුතු වලට යම් පමණකට හෝ බාධා ඇතිවීමට නියමයි. ශරීරයේ අසනීප ගති වැඩිවිය හැකිය. බඩේ අජීර්ණය, මන්දාග්නිය, මූලික වන අතර රක්තවාත රෝගීන්ගේ රෝගී තත්ත්වය තරමක් උත්සන්න විය හැකිය. මවුපස හිතවත් ඥාතියකුට අපලදායක බවක් පෙන්නුම් කරයි. අලුත් මිතුරන් ලැබීමට ඉඩ තිබේ. නමුත් පවුලේ ළඟම ඥාතියකු හා අමනාපකමක් ඇතිවිය හැකිය. වියදම් වැඩිවීමට හේතුයි. ප්‍රීතිමත් දුරබැහැර ගමනක් යෙදෙන්නට පුළුවන. මුහුදු හෝ ජලාශයක ගමනක් පෙන්නුම් කරයි.

 

සුබ දිනය - සඳුදා

සුඛ වර්ණය :- කොළ පාට

ජය අංක : - 06,15

 

 

සිංහ

 

මිශ්‍රඵල සහිත සතියක් සිංහ ලග්නයට උදාවේ. හිතවතකුගෙන් ආදර සංග්‍රහයක් ලැබෙනු ඇත. සමහර විට තෑගි බෝග ලැබීමටද පුළුවන. උදරාබාධයක් ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇත. පපුවත් බඩත් අතර පීඩාකාරී බවක් ඇතිකරයි. කුසගින්න දරා සිටීමට සිදුවිය හැකිය. ඥාතීන් හිත මිතුරන් සමඟ ආරවුල් ඇති විය හැකි සතියක් බැව්න් ඉවසීමෙන් ක්‍රියාකළ යුතුය. මුදල් හානියක් හෝ අනවශ්‍ය අධික වියදමක් ඇතිවිය හැකිය. වැඩ කටයුතු වල ප්‍රමාද බවක් දැනෙනු ඇත. ධන ලාභවලටද හේතු පවතියි. ආදායම යම් පමණකට හෝ වැඩිවනු ඇත. කතාව ප්‍රබල වේ. විද්‍යුත් මාධ්‍යයන්හි මාධ්‍යවේදීන්ගේ තත්ත්වය, ජනප්‍රියත්වය ඉහළ යා හැකිය. උසස් මෙන්ම තමාට මතුවට ප්‍රයෝජනවත් අය හඳුනා ගැනීමට හැකිවනු ඇත. තම සාංසාරික පින ඉස්මතුවන කාලයකි. පොත් පත්, ලිපිද්‍රව්‍ය ආදිය සඳහා වැඩි වියදමක් දැරීමටද සිදුවිය හැකිය. අයුතු දෝෂාරෝපණයකට හෝ අවනම්බුවකට ලක්වීමට සිදුවිය හැකි සතියකි. ඉගෙනීමට ඉතා යහපත් වේ.

 

සුබ දිනය :- ඉරිදා

සුඛ වර්ණය :- අළු පාට

ජය අංක :- 04, 13

 

 

කන්‍යා

 

තමාගේ ගුණ වර්ණනාවක් අසන්නට කන්‍යා ලග්න හිමියන්ට හැකි වන සතියක් අදින් ඇර පැලඳුම් ලැබීමක්ද පෙන්නුම් කරයි. මුදල් ලැබීම දුර්වල විය හැකිය. එයින් මහත් කරදර ඇති කරයි. මේ දිනවල සතුරන් ඇතිවීමට හෝ සතුරන් ඇතිවන සේ කතා කරන බවක් දක්නට හැකිය. දියුණුව පිළිබඳ අදහස් ඇතිවන මුත් ඒවා සාර්ථක වීම අවිනිශ්චිතය. ලේඛන කලාව සම්බන්ධ බොහෝ අදහස් ඇති වේ. ගමන් බිමන් යෑමටද ඉගෙනීමට ද හිතවත් ඥාතීන් ආශ්‍රයට ද වැඩි වශයෙන් හිතයයි. මේ අතරම තමා කරගෙන යන වැඩ කටයුතු වලට අවහිරතාවක් ඇතිවීමට පුළුවන. තම කටයුතුවලට පවුලේ අයගෙනද පිටස්තර අයගෙන්ද කුඩා ළමයින්ගෙන්ද බාධා ඇති විය හැකිය. හිසේ බර ගතියක් හෝ හිසේ කැක්කුමක් දැනෙනු ඇත. තොල්, දිව, දත්වලට අසුවී තුවාල වීමට හෝ උගුරේ අමාරුවක් ඇතිවීමට පුළුවන. කටහඬේ ස්වර බිඳීගිය ස්වරූපයක් දැනෙනු ඇත. අනුන්ගේ පණිවුඩ ගෙනයෑම අහිතකර විය හැකිය.

 

සුබ දිනය :- බ්‍රහස්පතින්දා

සුබ වර්ණය - රතු

ජය අංක - 09, 36

 

 

තුලා

 

මෙම සතියේ ආරම්භය තුලා ලග්න හිමියන්ට එතරම් ශුභදායක යැයි කිවනොහැකිය. වියදම් අධිකය. මුදල් හානි ඇතිවේ. තමා සතු වස්තූන්ගේ හානිවීමක්ද සිදුවිය හැකිය. තිබුන ගෞරවය නැති වී යා හැකිය. අන් අයගෙන් රොස් පරොස් වචන අසන්නට සිදුවේ. දියුණුවට තිබෙණ මාර්ග අවහිර වන්නට පුළුවන. බලාපොරොත්තු කඩවන බවක් පෙනේ. විවාහකයන්ගේ සහකරුට එනම් බිරියට හෝ සැමියාට සුළු හෝ අසනීප ගතියක් ඇතිවිය හැකිය. කරන්නට සිතා සිටින වැඩකට අවශ්‍ය මුදල් සොයාගැනීමට වෙහෙසවන නමුත් එය අසාර්ථකවීමට ඉඩ තිබේ. සතිය ආරම්භයේ එසේ වුවත් සාමාන්‍ය දියුණවක් ඇතිවීමටද හේතුයි. නැවත නම් හොඳවීමට පුළුවන. ප්‍රසිද්ධයට පත්වේ. වාසනාවන්ත ප්‍රීතිමත් ඇසුරුකිරීම් ඇතිවීමට හේතුයි. මිතුරන් සමඟ රහස් සාකච්ඡා මෙන්ම රහස් ගමන්ද ඇතිවිය හැකිය. ගුප්ත විද්‍යාව ජ්‍යොතිෂය වැනි වැඩ කටයුතු කරන අයට විශේෂ ලාභ ලැබෙනු ඇත. ඒවා පිළිබඳ උනන්දුව වැඩි වීමක් දැකිය හැකිය.

 

සුබ දිනය - සඳුදා

සුඛ වර්ණය :- නිල් පාට

ජය අංක - 03,07

 

 

වෘශ්චික

 

වෘශ්චිකයෙන් උපන් ඔබට හෝ අඹුදරු ආදී කෙනෙකුට අසනීපයක් හෝ පීඩාවක් ඇතිවිය. හැකි සතියකි. උස් අයගෙන් කරදර හිරිහැර හෝ තර්ජන ගර්ජන සිදුවිය හැකිය. ඔවුන්ගේ තත්ත්වය, බලය උපයෝගි කරමින් යම් යම් බලපෑම් කිරීමටද ඉඩ ඇත. ගිනි බියක්ද ඇතිවිය හැකිය. ලේ ධාතුව දූෂ්‍ය වනු ඇත. අධි රුධිර පීඩනය, අර්ශස්, ලේ රත්වීම, උණ ආදී රෝග ඇතිවීමට හෝ එවැනි රෝග ඇත්නම් ඒවා උත්සන්න වීමට බොහෝදුරට ඉඩ ඇත. නීති විරෝධී කටයුතු වල නියැළීමට සිදුවිය හැකි බැවින් කල්පනාකාර්ව කාලය ගතකරන්න. හදිසි අනතුරුවලට මුහුණදීමට සිදු විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. පියාට හෝ පිය පාර්ශ්වයේ අයෙකුට ගුරුවරයකුට, වැඩිහිටියකුට තරමක් අශුභ සතියකි. මුදල් හානි, අධික වියදම්, උපකරණ හෝ වාහන ආදියට හානි සිදුවිය හැකිය. විවාහක අයගේ සහකරුට සුළු වශයෙන් හෝ රෝගාබාධයක් වැලඳෙනු ඇත. සතිය අග භාගයේ දියුණුව පිළිබඳ අදහස් හෝ සාකච්ඡාවලට යොමුවේ.

 

සුබ දිනය :- අඟහරුවාදා

සුඛ වර්ණය :- දම්

ජය අංක :- 12, 21

 

 

ධනු

 

වාහන පහසුකම් හෝ වාහන ලාභ සහිත මෙම සතිය ධනු ලග්නයෙන් උපන් ඔබට සමඵලදායක වනු ඇත. අන් අයගෙන් ආදරණීය සංග්‍රහ ලැබීමට හැකිවේ. ප්‍රේම සම්බන්ධයක් ගැන හෝ විවාහයක් පිළිබඳ හැඟීම් ඇතිවේ. ඒවා සඵල වන්නට ද ඉඩ ඇත.වියදම් පක්ෂය තරමක් අධික විය හැකිය. තත්ත්වයට නොගැළපෙන වචන කීමට හෝ ඇසීමට සිදුවේ. විටින් විට වෙනස්වන ස්වභාවයක් සිතේ පවතී. කරගෙන යන වැඩ කටයුතු අඩාල විය හැකිය. ඒ පිළිබඳව සිතා මහන්සි වී උනන්දුවෙන් කටයුතු කරන්න. රිය හෝ සැමියා සමඟ බහින් බස්වීම් සිත්තැවුල් ආරවුල් ඉස්මතු ව්යහැකි කාලයක් බැවින් ඉවසීමෙන් සිටීම වටියි. සෙම් දෝෂ, පාචනය, උණ, අර්ශස්, අක්මාවේ දෝෂ වැනි රෝගවලින් පෙළෙන අය දැඩිසේ ප්‍රවේශම් වියයුතුය. ඉකිළි ආශ්‍රිතව යම් යම් ආසාධන මතුවිය හැකිය. ඇස්වහ කටවහ හෝවහ ආදියට ලක්විය හැකි කාලයකි. මුදල් වියදම් කිරීමේදී සැලකිලිමත් වන්න. දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ දැඩි අවධානය යොමු කරන්නේ නම් මැනවි.

 

 

සුබ දිනය :- සිකුරාදා

සුබ වර්ණාය - නිල් පාට

ජය අංකය- 06, 24

 

 

 

මකර

 

 

මකරයට ඉතාම ශුභ සතියක් ලෙස මෙම සතිය පෙන්වා දිය හැකිය. දුක් කරදර වලින් නිදහස් වීමට ආධාර උපකාර ලැබෙනු ඇත. සිතට සතුට දැනෙන කාලයකි. කරන කියන කටයුතු සාර්ථක කරගත හැකිය. ආදායම් මාර්ග පෑදී ආදායම වැඩිවේ. රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටුවනු ඇත. යම් දෙයක් අලුතින් ආරම්භ කිරීමට සුබ සතියකි. අසනීපයෙන් පෙළෙන අයට නිරෝගී සුව අත්වනු ඇත. අලුතින් යමක් මිලදී ගැනීමට හෝ ලැබීමට හේතුයි. ස්වාමියාගෙන් හෝ රජයෙන් යමක් ලැබෙන්නට හෝ ගෞරවයට පාත්‍රවීමට නියමයි කැපීම්, කෙටීම්, සිරීම් වැනි තුවාල ඇතිවිය හැකිය. ඕපාදූප කතාවකට හෝ කේලාම් කීමක් වැනි යමක් නිසා තත්ත්වය තරමක් පිරිහී යයි. නිවෙස වතුරට යටවීමක් හෝ වතුරේ බැස ගමන් කිරීමක් සිදුවිය හැකිය. සතිය මැද හරියේදී මුළාවීමකට ලක්විය හැකි බැවින් කල්පනාකාරී වන්න. විශේෂයෙන් සමීප හිතවතුන් හා පවුලේ ඥාතීන් සමඟ ගනුදෙනු කිරීමෙන් වැළකී සිටීම යහපත් වනු ඇත.

 

 

සුබ දිනය :- බදාදා

සුබ වර්ණය :- රන්වන් පාට,

ජය අංක :- 05, 14

 

 

කුම්භ

 

 

ඔබට මෙම සතියේ උසස් අයගෙන් කරදර සිදුවිය හැකිය. දරුවන්ගේද ශිෂ්‍යයන්ගේද හිතුවක්කාරකම්, අහංකාරකම් දකින්නට සිදුවේ ඔවුන්ට තරමක් අපල කාලයකි. අතරමඟදී කරදරයක් හෝ හදිසි අනතුරක් සිදු විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. සිත කැලඹීමට හේතුවේ. සතුරන් පිළිබඳ බියක් මතු විය හැකිය. තරග විභාග ආදියට සහභාගි වන අයට කිව හැකි තරම් ප්‍රතිඵලයක් පෙන්නුම් නොකරන බැවින් මනා පූර්ව සූදානමක් ඇතිකර ගන්න. තම තත්ත්වයට, ප්‍රමාණයට වඩා වියදම් කිරීමට ඉදිරිපත්වී ධනය නැති කර ගන්නට ඉඩ ඇති බැවින් අරපිරිමැස්මෙන් කටයුතු කරන්නේ නම් මැනවි. සතියේ මුල් දින කිහිපය ගත වීමෙන් පසු තරමක් දුරට අස්වැසිල්ලක් ලැබෙනු ඇත. දියුණුව පතා යමක් ආරම්භ කිරීමට සිත් පහළ වේ. පැවැති මූල්‍යමය අපහසුතා මගහැරී යන ලකුණු පෑදේ ගොවිතැනින් දිවිගෙවන අයට ගොවිතැන් වැඩ ඇරඹීමට මෙම කාලය යහපත් වේ. ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාරය දියුණු කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක වේ.

 

 

සුබ දිනය සෙනසුරාදා

සුබ වර්ණය :- අළු පාට,

ජය අංක :- 08, 17

 

 

 

මීන

 

ගෙදර දොර වැඩ කටයුතු හරිහැටි අවබෝධ කර නොගැනීම හේතුකොටගෙන මීන ලග්න හිමියන්ට විවිධ කරදර හා ගැටලු පැනනැඟෙනු ඇත. ආමාශයේ ආබාධයක් ඇතිවිය හැකිය. ඉතාම ආදරයෙන් සංග්‍රහ කරන්නෙක් ළඟට යෑමට හැකිවේ. වස්තු ලාභ සහිත කාලයකි. රැකියා පිළිබඳ උනන්දුව වැඩිවනු ඇත. පොළොව කැණීමක් වැනි කටයුත්තක නිරත වීමට සිදුවේ. අවනම්බුවක් හෝ ලැජ්ජා වීමක් ඇතිවේ. පවුලේ අය සමඟ ආරවුලක් ඇති විය හැකිය. අනුමානයට කටයුතු කිරීමෙන් වළකින්න. ඒවායින් පරාජයට පත්විය හැකිය. ගමන් බිමන්වලදී වඩාත් ප්‍රවේශම් වන්න. මහතොට අනතුරු සිදුවීමට හේතුයි. නහර හා ස්නායු සම්බන්ධ රෝගයක් වැලඳීමට හෝ ලේ ගලන තුවාලයක් වීමට නියමයි. ණය ලබාගෙන ඇත්නම් ඔවුන්ගෙන් විවිධ බලපෑම් එල්ලවිය හැකිය. නීතියේ පිහිට පැතීමට හෝ නඩුහබවලට පැඹීමට ඉඩ ඇත. උණ, කැස්ස හෝ පපුවේ ආබාධයක් සිදුවිය හැකිය. අධි රුධිර පීඩනය ඇති ඇයට තරමක් අශුභයි.

 

 

සුබ දිනය : බ්‍රහස්පතින්දා

සුබ වර්ණය - සුදු පාට

ජය අංක - 09,45

 

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk