Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගේ හදන්න කලින් අඩුපාඩුවක් නැතුව පාද ටික බෙදමු

1 year ago 7 Min read
Subha.lk

පදිංචියට සුදුසු ප්‍රදේශයකින්, සුදුසු වටපිටාවක් ඇති තැනකින් බිම් කොටසක් තෝරා ගත් පසු, එම බිම් කඩ මත නිවෙසක් ඉදිකිරීම වාස්තු විද්‍යාත්මක න්‍යායන්ට අනුව සිදුකළ යුතුය. එසේ නොමැතිව හිතුමතේට නිවෙසක් ඉදිකිරීමට ගොස්, එම නිවෙසේ වැඩකටයුතු අතරමඟ නැවතී තිබෙන අවස්ථාද දැකගත හැකිවේ.

 

1 ප්‍රේත පාදය

 

2 මනුෂ්‍ය පාදය

 

3 දේව පාදය

 

 4 බ්‍රහ්ම පාදය

 

ඔබගේ ඉඩම දිග පැත්ත සමාන කොටස් හතකටද පළල පැත්ත සමාන කොටස් හතකටද බෙදූ විට කොටස් 49ක් ලැබේ. මෙම කොටස් පදනම් කරගෙන ඉඩමක පාද බෙදීම සිදු කළ හැකිය.

මෙම කොටස් 49න් මැදින්ම බෙදෙන කොටුව බ්‍රහ්ම පාදයයි.

බ්‍රහ්ම පාදය වටා තිබෙන කොටස් වළල්ල දේව පාදයයි.

දේව පාදයට පිටතින් තිබෙන කොටු වළල්ල මනුෂ්‍ය පාදයයි.

මනුෂ්‍ය පාදයට පිටතින් තිබෙන කොටු වළල්ල ප්‍රේත පාදයයි.

එනම් ඉඩමක පිටත කොටස ප්‍රේත පාදය වන අතර ප්‍රේත පාදය ඉඩමේ වැට හෝ මායිම දක්වාම විහිදේ.

 

මේ අනුව බලන කල කොටස් 49කට බෙදන ලද ඔබගේ ඉඩමේ ප්‍රේත පාදය කොටස් 24කින්ද, ඊට ඇතුළතින් තිබෙන මනුෂ්‍ය පාදය කොටස් 16කින්ද පිටත සිට තුන්වැනි රවුමේ තිබෙන දේව පාදය කොටස් 8කින්ද ඉඩම මැද පිහිටි බ්‍රහ්ම පාදය එක කොටසකින්ද සමන්විත වේ.

 

ඔබගේ ඉඩම පාරකට මායිම් ව තිබේ නම් එම පාර පැත්තේ මායිම පාරේ ඉඩමට ප්‍රතිවිරුද්ධ පැත්ත ලෙස සලකා ඉඩම පාද බෙදීමේදී එම පාරේ පළලද සමඟ මැනගෙන එම පාර තිබෙන පැත්තේ ප්‍රේත පාදය බැහැර කළ හැකිය. පිරිසුදුකම අලංකාරය පැලඳීම අඩු වීම නිසා නිවෙස තැනීමේදී ප්‍රේත පාදය මඟහරිනු ලැබේ. මෙසේ ප්‍රේත පාදය අත්නොහැර නිවෙස තැනීමෙන් නිවැසියන් නිතර අසනීප වීම,

අමනුෂ්‍ය දෝෂ, දියුණුවක් නැති වීම ආදිය ඇතිවිය හැකි බවයි, වාස්තු විද්‍යා මූලාශ්‍රවල සඳහන් වන්නේ. සාමාන්‍යයෙන් ඉඩමක ප්‍රේත පාදය සීමාව ගෙදර ඇති කරන තිරිසන් සතුන් සඳහාද කුණු කසළ දැමීම වැසිකිළි කැසිකිළි ආදිය සඳහාද යොදාගත හැකිය. ඉතා කුඩා ඉඩමක නිවෙස තැනීමේදී හතර පැත්තටම ප්‍රේත පාදය අතහැරීමට නොහැකි අවස්ථාවන්හිදී ඉඩමේ එක පැත්තක හෝ ප්‍රේත පාදය මඟහැරිය යුතු යැයි වාස්තු විද්‍යාවේ සඳහන් වේ. එසේම ප්‍රේත පාදය තුළ ළිඳ කැපීමද සුදුසු නැත. ඉඩමක් පාද බෙදූ පසු ප්‍රේත පාදයට ඇතුළතින් ඇත්තේ මනුෂ්‍ය පාදයයි. නිවෙසේ අත්තිවාරම් දැමීමට ඉතාමත්ම සුදුසු කොටස මෙයයි. එබැවින් අවශ්‍ය වන පරිදි ඉඩකඩ තිබෙන ඉඩමක පාද බෙදීමෙන් පසු මනුෂ්‍ය පාදයේ නිවෙස තැනීමට වග බලා ගත යුතුය. සැනසිලිදායක ජීවිතය, නිරෝගී බව මනුෂ්‍ය පාදයේ නිවෙස තැනීමෙන් අපට අත්වේ.

 

ඉඩමක මනුෂ්‍ය පාදයට ඇතුළතින් ඇති කොටස දේව පාදයයි. භාරත වාස්තු විද්‍යාවට අනුව, ඉඩමක දේව පාදයේ නිවෙස තැනීම, වඩාත් උචිත වන්නේ, රජයේ ආයතන, රාජකීය ප්‍රභූවරුන්ට සහ ධාර්මිකව ජීවත් වන අයටය. දේව පාදය කොටසේ අත්තිවාරම් දමා ගොඩනැඟිල්ලක් ඉදිකළ විට පදිංචිකරුවන්ට උසස් ආර්ථික තත්ත්වයක් සහ ශ්‍රියාව ඇති වන බව සඳහන්ය. මෙහිදී දියුණුව දිගින් දිගටම සිදුවන බවත්, දර්ද්‍රතාව නැතිවන බවත් සඳහන් වේ.

 

දේව පාදයත් මනුෂ්‍ය පාදයත් එක්ව ගෙන නිවෙසක අත්තිවාරම පහසුවෙන් දැමිය හැකිය. ඉඩමක හරි මැද පිහිටි බ්‍රහ්ම පාදය, පූජනීය ස්ථානය ලෙස සැලසේ. විශාල ඉඩමක සම්පූර්ණ නිවෙස බ්‍රහ්ම පාදයට පමණක් හසුවන සේ ඉදිකළ හොත් එම නිවෙස මනුෂ්‍ය වාසයට සුදුසු වන්නේ නැත. එහි වාසය කරන්නන් දිනෙන් දින පිරිහී

ගොස්, විනාශය කරා යොමුවේ. වැසිකිළියක් හෝ නිවෙසේ මුළුතැන්ගෙය මෙම බ්‍රහ්ම පාදය මත ඉදිනොකළ යුතුය. බ්‍රහ්ම පාදයේ ළිඳ තැනීමද ඉතා අසුබය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk