Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අත්ලේ ජීවන සහකාරයා ගැන ලියවෙන්නේ මෙන්න මෙහෙමයි

1 year ago 7 Min read
Subha.lk

විවාහය කෙනකුගේ ජීවිතයේ සුන්දර අත්දැකීමක් වන අතර තවත් අයකුට එය ජීවිතයේ අමිහිරි අත්දැකීමක් විය හැකිය. ඒ පිළිබඳව තොරතුරු ඔබේ කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව වගේම ඔබේ අත්ලේ පිහිටන විවිධ රේඛා සහ සලකුණු මඟින් පැහැදිලි වෙයි. අත්ල අයිනේ සිට සුළැඟිල්ලේ මුලටත් හෘදය රේඛාවටත් අතර ඇති කෙටි රේඛා විවාහ රේඛා නමින් හස්ත රේඛා විද්‍යාවේ හඳුන්වයි. ඒ හැරෙන්නට අත්ලේ වෙනත් ස්ථානවල පිහිටි වෙනත් රේඛා සහ සලකුණු මඟින්ද විවාහය පිළිබඳ යම් යම් කරුණු හෙළිදරව් වෙයි.

 

යමකුගේ අත්ලේ විවාහ රේඛා පිහිටා නැත්නම් ඔහු හෝ ඇය තුළ කිසිවකු කෙරෙහි ප්‍රේම හැඟීමක් නොමැත. මෙවැනි රේඛා කිහිපයක් තිබුණොත් ඔහුගේ හෝ ඇයගේ සිත දුටු දුටුවන් කෙරෙහි බැඳී යන ස්වභාවයක් ඇත. විවාහ රේඛාව ප්‍රමාණයට වඩා පළල්ව පිහිටා ඇති විට විවාහයට කිසිදු උනන්දුවක් නැත. විවාහ රේඛාව ඉදිරියට ගමන් කර කරුවකින් අවසන් වේ නම් (1- 1) එය කලහකාරි විවාහයකි. සිකුරු මණ්ඩලයේ සිට ඇදී එන ඕනෑම රේඛාවක් විවාහ රේඛාව හා සම්බන්ධ වේ නම් විවාහය කරදරකාර්ය. ගැඹුරු ස්වභාවයෙන් යුත් පැහැදිලි තනි විවාහ රේඛාව වාසනාවන්ත විවාහයක් ප්‍රකට කරයි. දැන් අපි බලමු, විවාහ රේඛාවන්වල පිහිටීම අනුව එම රේඛා විවාහයට කෙසේ බලපායිද කියා.

 

විවාහ රේඛාවේ කෙළවර හෘදය රේඛාව දෙසට බෑවුම් වුයේ නම් (2-2) එය වඩා අසුබ තත්ත්වයකි. සහකාරයාගේ හෝ B සහකාර්යගේ වෙන්වීමක් හෝ මරණයක් එමඟින් ප්‍රකට කෙරේ. අග බෙදුණු කරුවක් මෙන් පිහිටි රේඛාවද කුමන හේතුවක් නිසා හෝ අඹු-සැමි වෙන්වීම හෙළිකරයි. වෙන් වීමට හේතුව ස්වාමි පුරුෂයා හෝ භාර්යාව රැකියාවකට හෝ වෙනත් කාර්යයක් සඳහා දුර ප්‍රදේශයක හෝ විදේශ රටක වූයේ නම් ප්‍රශ්නයක් නොවේ.

 

 

නමුත් එකට ජීවත් වීමේදී සාමය නැති වූ නිසාම හෝ ප්‍රේමයේ පලුදු වීමක් නිසා නම් දික්කසාදයකට ඇති ඉඩකඩ බලවත් වේ.

 

විවාහ රේඛාව අග (3-3) උඩින් සමාන්තරව ඇති කෙටි රේඛාවකින් පෙන්නුම් කරන්නේ විවාහයට පසුව ඇති කරගන්නා වූ සම්බන්ධතාවකි. මෙය ස්ථිර අනියම් සම්බන්ධතාවක් විය හැකිය. විවාහ රේඛාවේ පහළ යටින් (4-4) සමාන්තරව ඇති කෙටි රේඛාවකින් පෙන්නුම් කරන්නේ විවාහයට පෙර ඇති කරගන්නා වූ ප්‍රේම සම්බන්ධයක් තවදුරටත් පවත්වාගෙන යන බවය. අවස්ථා දෙකේදීම රේඛා ඉතා පැහැදිලිව ඇති නම් සම්බන්ධතා ශක්තිමත් වෙයි. නමුත් එම අයගේ ආත්මශක්තිය මත ප්‍රතිඵල වෙනස් වී වෙන්වීමේ රේඛා සලකුණද නොපෙනී යනු ඇත.

විවාහ රේඛාව හෘදය රේඛාවට ළංව පිහිටීම (5–5) ඉක්මන් විවාහයකට හේතුවක් ලෙස සැලකේ. විවාහ රේඛාව දෙකඩ වී ඇති නම් විවාහ ජීවිතයේ හදිසි බිඳවැටීමකි. විවාහ රේඛාව ආරම්භයේ සිහින්ව පසුව ගැඹුරුව ප්‍රබල වී නම් මුලදී යන්තමින් පැවැති ආදරය පසුව බලවත් වේ. රේඛාව ආරම්භයේ ගැඹුරුව පසුව සිහින් වී නම් මුලදී පැවැති ආදරය පසුව හීන වී යයි.

 

දැන් බලන්න මේ සමඟ පළවන 2 රූප සටහන, මනාව පැහැදිලිව ඇති දෛව රේඛාවට (1-1) චන්ද්‍ර මණ්ඩලයේ සිට ඇදී එන ප්‍රබල රේඛාවක් සම්බන්ධ ව වී නම් (2-2) එසේ සම්බන්ධ වන දෛව එ රේඛාවට අදාළ වයස් සීමාවේදී ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදු වෙයි. මනාව ඍජුව සටහන් වි ඇති දෛව රේඛාවක් පිහිටි අතක ප්‍රබල වාහ රේඛාවකුත් පැහැදිලිව සටහන් වී ඇත් නම් එමඟින් සදා සැපවත් විවාහ දිවියක් පෙන්නුම් කෙරේ. ප්‍රබල රේඛාවක් වුවත් එහි දූපත් සලකුණු වැටී ඇත්නම් විවාහය සාර්ථක නොවේ. ඇතැම් අයගේ කුජ රේඛාව (3) ජීවන රේඛාවන් සමඟ ආරම්භ වී ටික දුරක් ගොස් වෙනස්වෙයි. (3– 3) එම වෙනස්වන ස්ථානයට අදාළ වයස් සීමාවේදී එම අයගේ විවාහය සිදුවන බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. වෙන්වීම සටහන් වන්නේ ජීවන රේඛාවට අදාළ අවු. 25 කාලසීමාවේදීය. එකට ජීවත් වූ මවුපිය, සහෝදර, සහෝදරියන්ගෙන් තාවකාලිකව වෙන්වී සහකාරයාගේ හෝ සහකාරියගේ සරණයට පත්වෙන බව එම කුජ රේඛාව මඟින් පෙන්වයි. ඔවුන්ගේ ඇසුරේ ගත කළ ජීවිතය කුජ රේඛාවේ පළමු කොටසෙනුත් ඉදිරි යුගජීවිතය දෙවැනි කොටසෙනුත් අනාවරණය වෙයි.

 

කෙනකුගේ දෛව රේඛාව ශීර්ෂ රේඛාව මතදී අවසන් වී නම් (4) ඔහුගේ හෝ ඇයගේ ව්වාහය සිදුවනු ඇත්තේ හදිසි තීරණයක් අනුවය. දෛව රේඛාවේ වයස් සීමාව අනුව අවුරුදු 35ට පළමු සිදු විය හැකිය. දෛව රේඛාව හෘදය රේඛාවෙන් අවසන්වීම (5) ප්‍රේම සම්බන්ධයකින් සිදුවන විවාහයකි. ගුරු මණ්ඩලය මත පිහිටන කතිර සලකුණ සදා සැපවත් වාසනාවන්ත විවාහ ජීවිතයක සැබෑ සලකුණක් වෙයි. එය බොහෝ දෙනකු වැලන්ටයින් කතිරය ලෙස හඳුන්වයි. එහෙත් ගුරු මණ්ඩලය මත සටහන් වූ තාරකා ලකුණ නම් සුඛ නොවේ. විවාහ දිවියට සම්බන්ධ නොයෙකුත් අවුල් වියවුල්වලට එය හේතු වෙයි.

දැල් සලකුණද ඒ වගේම අසුබදායකය. ඇතැම් අයගේ අත්ල මත මෙම විශේෂ සලකුණු තිබිය හැකිය. එහෙත් කෙනෙකුගේ අත බලා පලාපල ප්‍රකාශ කරන්නට පළමු සැබෑ සටහන් වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කර තීරණ ප්‍රකාශ කළ යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk