Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ධනාත්මක ශක්තිය පිරුණු වාසනාවන්ත නිවසක් ඔබටත්

1 year ago 7 Min read
Subha.lk

නිවෙසක් ඉදිකිරීමේදී හෝ නිවෙසක් මිලදී ගන්නා විටදී වැඩිදෙනෙක් නිවෙසක නිවැරැදි වාස්තු පිහිටීම පිළිබඳ සොයා බැලීමට පුරුදු වී සිටින අතර වාස්තු විද්‍යාවට අනුව නිවැරැදිව ගොඩනඟා ඇති නිවෙසක ධනාත්මක ශක්තීන් රැඳී දියුණුව වාසනාව සහ සතුට උදාවන බව විශ්වාස කළ යුතු වේ. ඒ ලෙසම වැරැදි වාස්තු පිහිටීම නිසා ලෙඩරෝග දුක්කම්කටොලු සහ ධන හානි සිද්ධ විය හැකි බවද බොහෝ දෙනා සිතන අතරම එයද තහවුරු වන කරුණකි.

මා අද ගෙනහැර පාන්නේ ඔබේ නිවෙසේ ඇති පිහිටීම සහ ගෘහ භාණ්ඩ වාස්තු විද්‍යාවට අනුව සකස් කර ගන්නා ආකාරයයි. මේ වෙනස්කම් කිරීම තුළ වාස්තු විද්‍යාවේ පවසන ආකාරයට වාසනාව, දියුණුව හා සතුට නිතැතින්ම උදාව්ය යුතුය.

 

ආගමික වතාවත් කිරීම

 

බොහෝ නිවාසවල තමන් අදහන ආගමට අනුව ආගමික වතාවත්වල නිරත වීම සඳහා වෙනම ස්ථානයක් වෙන්කර ඇති අතර ඒ සඳහා සුදුසුම ස්ථානය වන්නේ නිවෙසේ ඊසාන, නැගෙනහිර දිසාව වේ. නිවෙසේ පඩිපෙළ යට නාන කාමරයට යාබදව ආගමික වතාවත් සිදුකිරීම නොකළ යුතුය.

 

විසිත්ත කාමරය

 

නිවෙසේ නිවැසියන් පහසුවෙන් හා සුවපහසුවෙන් විනෝදයෙන් වැඩි වේලාවක් ගත කරන ස්ථානය විසිත්ත කාමරය වන අතර බොහෝ විට රූපවාහිනි යන්ත්‍ර තැබීමටද සුදුසුම ස්ථානය වන්නේ විසිත්ත කාමරයේ ගිනිකොන දිසාව වේ. එම කාමරයේ ඊසාන දිසාවේ වැඩිපුර ගෘහ භාණ්ඩ ගොඩ නොගසා නිදහස්ව තැබිය යුතු අතර ජනෙල් උතුර හෝ නැගෙනහිර දිසාවට යොමු කිරීම සුඛ වන අතරම විසිත්ත කාමරයට හිරු එළිය ගලා ඒම සඳහා දුහුල් හෝ ළා පැහැති දොර රෙදි දැමීම සුදුසු වේ. බටහිර හෝ දකුණු දිසාවට ජනේල පිහිටා ඇත්නම් අඳුරු ජනෙල් තිර රෙදි භාවිත කරන්න.

 

කෑම කාමරය

 

නිවෙසට ඇතුළු වන විටම පේන විදිහට නිවෙසේ ප්‍රධාන දොරට ආසන්නව කෑම මේසය පිහිටා තිබීම නුසුදුසු වේ. නිවෙසේ බටහිර දිසාවට හෝ මැද හරියට වෙන්න කෑම කාමරය පිහිටීම වඩාත් සුදුසු වන අතරම කෑම කාමරයේ උතුරු හෝ ඊසාන

දිසාවෙන් පිහිටි බිත්තියක් මත කණ්ණාඩියක් රැඳවීම මඟින් ධනය හා සෞභාග්‍යය උදාවන බවටද විශ්වාසයක් පවතී.

නිදන කාමරය

 

නිවෙසේ ප්‍රධාන නිදන කාමරය” නිරිත දිසාවේ පිහිටා තිබීම වඩාත් සුදුසු වන අතර කළ හැකි දෙයක් නොවේ නම් එය බටහිරට හෝ දකුණට යොදාගත හැකි වන අතරම බටහිරට හෝ උතුරට හිස දැමීම නොකරන්න. නිදන කාමරයට හොදහැටි ආලෝකය ලැබිය යුතු වන අතර නිදන ඇද පෙනෙන්න විදියට කණ්ණාඩිය තැබීමද අසුබ වේ. එලෙසම මෙට්ට දෙකක් නිදන ඇඳට යෙදීම තුළ අසුබතාවන් ඇතිවන අතර බිරිය සැමියාගේ වම් පසින් නිදාගැනීමද වාස්තු විද්‍යාවට අනුව වඩාත් සුදුසු වේ.

ප්‍රධාන දොර

නිවෙසට ඇතුළු වන ප්‍රධාන දොරටුව වාස්තු විද්‍යාවට අනුව නිවැරැදිව පිහිටුවීම ඉතා වැදගත් වේ. ප්‍රධාන දොර උසින්,පළලින් හා දිගින් වැඩි විය යුතු අතර නිවෙසේ ඇතුව පැත්තට ඇරිය යුතු වන අතර එයින් ධනාත්මක ශක්තීන් හිවෙස තුළ රැඳෙනු ඇත.

(දොර සම්බන්ධවද උස, පළල දිග ගැනීම, ස්ථානගත කිරීම ආදී කරුණු තුළදී වාස්තු උපදේශකයන්ගෙන් උපදෙස් ගැනීම ඔබේ යහපතට හේතු වේ) දොර අරිද්දී වහද්දී ශබ්දයක් නැගෙනවා නම් එය නිවෙසේ අඩදබර ඇති වීමටද හේතු කාරකයක් වන අතර ඒවා නිසි පරිදි සකස් කර ගත යුතුවේ. ප්‍රධාන දොර සම්බන්ධ බොහෝ කරුණු ඇතත් ඒ සියල්ල මේ ලිපියේ ගෙනහැර පෑ නොහැකි වේ.

 

 කුස්සිය හෙවත් මුළුතැන්ගෙය

 

නිවෙසේ කුස්සිය ගිනිකොන දිසාවෙන් පිහිටා තිබීම තමයි වඩාත්ම නිවැරැදි වන්නේ. එලෙසට උයන ළිප ද කුස්සියේ ගිනිකොන දිසාවෙන් තැබිය යුතු අතර එය කළ නොහැකි වේ නම් පමණක් දකුණට බරව තැබිය හැකිය. කුස්සියට ජලය ලබා ගන්නා සින්ක් එක ගිනිකොන දිසාවෙන් නොබන්න.

 

උයන ලිප ද කුස්සියේ ගිනිකොන දිසාවෙන් තැබිය යුතු අතර එය කළ නොහැකි වේ නම් පමණක් දකුණට බරව තැබිය හැකිය. කුස්සියට ජලය ලබා ගන්නා සින්ක් එක ගිනිකොන දිසාවෙන් නොතබන්න. ළිපත් ජලය ලබා ගන්නා කරාමයත් හැකිතාක් දුර පරතරයකින් පිහිටුවීම වාස්තු විද්‍යානුකූලව සුබ වේ.

 

වැසිකිළි සහ නාන කාමර

 

නිවෙසේ උතුර, ඊසාන හෝ නැගෙනහිර දිසාවල වැසිකිළි හෝ නාන කාමර පිහිටුවීම සුදුසුම නැත. එලෙසම වැසිකිළි සහ නාන කාමර නිවෙසේ කුස්සියට ආසන්නව පිහිටුවා නොගන්න. ඒ වගේම පඩිපෙළ යටට වැසිකිළිය පිහිටීමද අසුබය. එහි දොරවල්ද දකුණ හා බටහිර දිසාවට තැබීමටද කටයුතු කරන්න.

 

මා ඉහත සඳහන් කර ඇති කරුණු අනුව වාස්තු විද්‍යානුකූලව ඔබේ නිවෙස නිවැරැදිව පිහිටුවා ගැනීමට එම කරුණු ඔබට රුකුලක් විය හැකිය. වාස්තු විද්‍යාව පිළිගන්නා කෙනෙක් වේ නම් ඔහුගේ හෝ ඇයගේ විශ්වාසයට අනුව ජීවිතයේ ජීවත්වන කාලය තුළ සිතේ සැනසුම සතුට නිරෝගිකම සහ ධනවත්ව ජීවත් වීමට මේ කරුණු කාරණා ප්‍රයෝජනවත් විය හැකිය. ඒ වගේම නිවෙසේ පවතින්නා වූ වාස්තු දෝෂ නිසා තම නිවැසියන්ට ඇතිවන්නා වූ පීඩාකාරී තත්ත්වයන් නිසියාකාරව අවබෝධ කරගත යුතුයි. මා දන්නා පරිදි නොපෙනෙන ශක්තීන් සමඟ නිවැරැදිව කටයුතු කරන්නට හැකියාව ඇති පුද්ගලයන්ද සිටින අතරම බොරුවෙන්, වංචාවෙන් එම ශක්තීන් ප්‍රයෝජනයට ගන්නා පිරිසක්ද අප සමාජය තුළ දක්නට ඇත. කෙසේ නමුත් තම නිවෙසේ ඇති දෝෂ නිවැරැදිව

දක්නට ඇත. කෙසේ නමුත් තම නිවෙසේ ඇති දෝෂ නිවැරැදිව හඳුනා ගැනීමට නම් ඔබේ නිවෙස වාස්තු පරීක්ෂාවකට යොමු කිරීමෙන් පසුව එම කරදර අවම නොවේනම් නොපෙනෙන නිවැරැදි ශක්තීන් සමඟ කටයුතු කිර්ම ඔබේ යහපතට හේතු වේ. එසේම තමන්ගේ හිතේ ශක්තියෙන් වැඩකර පුද්ගලයකුට වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් කරුණු ප්‍රයෝජනට ගනිමින් සතුටින් යහපත්ව ජීවත් වීමට මාගේ ලිපියේ සඳහන් කරුණු හේතු කාරකයක් වේවා!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk