Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

හරි විදියට නව ග්‍රහ පූජාවක් කරමු

1 year ago 7 Min read
Subha.lk

ඔබේ ජ්‍යොතිෂ මහතා ඔබගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කර බැලුවාට පසු ඇතැම් විට ඔබට “නවග්‍රහ පූජාවක් හෝ නවග්‍රහ ශාන්තියක් කරගන්න යැයි උපදෙස් දී තිබෙන්න පුළුවන. එසේම ඇතැම් ග්‍රහ අපලවලට මෙන්ම නිවෙසේ පවතින දෝෂ තත්ත්වයන් මඟහරවා ගන්නටද මේ නවග්‍රහ පූජාව වැදගත් වේ.

අනෙක් ග්‍රහ අපලවලදී ඔබ බෙල්ලේ හෝ ඉණ ප්‍රදේශයේ යන්ත්‍රයක් (සුරයක්) පැලඳ ගැනීම හෝ යම්කිසි මැණික් වර්ගයක් යොදා මුදුවක් පැලඳීම කළද නවග්‍රහ ශාන්තියේදී එසේ සුර මුදු පැලඳීම සිදුවන්නේ නැත. එය “ශාන්ති කර්මයන්ට” පමණක් වන නිසාය. නොදන්නාකම නිසා බොහෝ දෙනා මේ නවග්‍රහ පූජාව තනිව කරන්නට ගොස් මුදලක් වැයකර ප්‍රතිඵලත් නොමැතිව දුක් විඳින ආකාරය දැකිය හැකිය.

ඒත් නවග්‍රහ පූජාවක් හරියාකාරව සිදුකිරීමෙන් ඔබගේත් ඔබේ පවුලේ අයගේත් නිවෙසේත් ව්‍යාපාර ස්ථානයේත් රැකියාවේත් දියුණුවක් ලබාගත හැකිය. අපේ වෙනත් ග්‍රහ අපලවලදී “එක්” “එක්” ග්‍රහයාගේ අපල දුරු කරගත්තද මෙහිදී සියලුම ග්‍රහයන්ගෙන් සිදුවී ඇති හෝ ඉදිරියට සිදු විය හැකි දෝෂ භංග කරගත හැකිය.

මුලින්ම අප නවග්‍රහයන් හඳුනාගත යුතුය. පාසල් අධ්‍යාපනය ලබන කාලයේදී සූර්යයා වටා කරකැවෙන ග්‍රහයන් ගැන ඉගෙන ගත්තද ජ්‍යොතිෂයේ ඒ ග්‍රහයන් ගැන ඔබට වෙනස් ග්‍රහයන් නව දෙනකු ගැන ඉගෙන ගත යුතුය. පාසලේදී ග්‍රහයන් භ්‍රමණය වූයේ “සූර්යයා” වටා වුවද ජ්‍යොතිෂයේදී ග්‍රහයන් භ්‍රමණය වන්නේ “පෘථිවිය” නැතහොත් “අප" (අපගේ ලෝකය) වටාය.

 

ඒ ග්‍රහයන් නව දෙනා හඳුනා ගනිමු.

1.      රවි

2.      චන්ද්‍ර

3.      කුප්

4.      බුධ

5.      ගුරු

6.      සිකුරු

7.      ශනි

8.      රාහු

9.      කේතු

 

නවග්‍රහ පූජාවේදී මේ ග්‍රහයන් නවදෙනා වෙනුවෙන්

 

1.      1 කැවිලි

2.      2 කොඩි

3.      3 මල්

4.      4 පලතුරු

5.      5 ශාක පත්‍ර

6.      6 පහන්

 

පූජා කළ යුතුය. ඒවා මොනවාදැයි හඳුනා ගනිමු, ආහාර (කැවිලි) අතරට කිරිබත්, මුං ඇට මුං කිරිබත්, කඩල, පරිප්පු, වඩේ උළුදු වඩේ, කෙසෙල් උක්ගස්, තල, තිරිඟු, ආදිය වේ.

 

එසේම රන්වන්, රතු, කහ, නිල්, සුදු, කළු, විවිධ වර්ණ (මිශ්‍ර වර්ණ) කොඩි අවශ්‍ය වන අතර ශාක පත්‍ර (කොළ ඉති) අවශ්‍ය වේ. ඒවාට

 

 

1.      1 බෝ

 

2.      2 නුග

 

3.      3 කොහොඹ

 

4.      4 බුලත්

 

5.      5 කෙසෙල්

 

6.      6 වැටකේ

 

7.      7 නා

8.      8 කරද

9.    9 අඹ

 

අවශ්‍ය වේ. එසේම රතු, නිල්, කහ, ආදී විවිධ වර්ණ පුෂ්ප (මල්)

  

1.      පොල් තෙල්

2.      තල තෙල්

3.      එළඟි තෙල්

4.      මී තෙල්

5.      පස් තෙල්

6.      කොහොඹ තෙල්

7.      අධ තෙල්

 

ආදී තෙල් වර්ගවලින් දල්වන ලද පහන්ද පූජා කළ යුතු වේ. වෙනත් පූජාවන්ට මෙන්ම

 

1.      1 විෂ්ණු

2.      2 කතරගම

3.      3 ශිව

4.      4 පත්තිනි

 දෙවිවරුන්ට පූජා පවත්වන

 

ස්තෝත්‍ර ගායනා කළ යුතු අතර මේ සියල්ලටම වඩා බුදුන් වහන්සේට මුල් තැන දී කටයුතු කළ යුතුවේ. එහිදී පහත දැක්වෙන පිරිත් දේශනා අනිවාර්යයෙන්ම දේශනා කළ යුතුය.

 

1.      රතන සූත්‍රය

2.      සූරිය පිරිත

3.      චන්ද්‍ර පිරිත

4.      අභිසම්භිදාන පිරිත

5.      අභිවෘධි පිරිත

6.      කරණීය මෙත්ත සූත්‍රය

1.      7 මහා ජයමංගල පිරිත

 

ඊට අඩංගු වේ. එසේම මල් පූජාවේදී විවිධ වර්ණ මල් වර්ග යොදා ගන්නා අතර පුවක්, පොල්, අරලිය, වැටකේ, විවිධ නෙළුම් මල් වර්ගද යොදා ගත යුතුය.

 

මේ නවග්‍රහ පූජාව පැවැත්වීමේදී සුදු හඳුන්, රත් හඳුන්, ගෝරෝචන, දේවදාර, සැවැන්දරා ආදී සුවඳ වර්ග සමඟ සාම්බාණි දුම් යොදාගත යුතුය. (දුම්මල යෙදීම සුදුසු නැත) නෙළුම් කොළ මත හෝ බුලත් කොළ මත පූජාව පැවැත්වීම සිදු කිරීම විය යුතු අතර ඊට පසෙකින් කෙසෙල් දලු එළා තැබිය යුතුය. පූජාව පැවැත්විය යුත්තේ පුර පක්‍ෂයේ උදෑසන කාලයේය. සතියක් පමණ නිර්මාංස ආහාර ගෙන ජීවී ගෙදර පිරිසුදු කොට කිලි හරවා පිරිත් නූල් ඇද - පූජාව තබන මේසයට ඉහළින් සුදු තිරයක් ඇද සීමා සලකුණු කොට පූජාව පැවැත්වීමෙන් ආරක්‍ෂාව සැලසේ. විහාරස්ථානයක බෝ මළුවක පූජාව පැවැත්විය හැකි නම් වඩා සුදුසුය.

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk