Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රට යන්න පුලුවන්ද අත බලා දැනගන්න

1 year ago 7 Min read
Subha.lk

මිනිස් ජීවිතයට හස්ත රේඛා මොන තරම් බලපාන්නේ දැයි  ඒ පිළිබඳව ගවේෂණය කළ ශාස්ත්‍රවන්තයන් දනී. එක් එක් කරුණු පිළිබඳව ලියන හස්ත රේඛා ලිපි පෙළින් මෙවර ඉදිරිපත් කරන්නේ විදේශ ගමන් කෙරෙහි බලපාන හස්ත රේඛා සලකුණු පිලිබදවයි ,

ඒ සඳහා බලපාන හස්ත රේඛා සලකුණු බොහෝ තිබෙන බව මෙම ශාස්ත්‍රය පෙන්වා දේ. මෙවර ලිපියෙන් ඒ සඳහා බලපාන මූලික කරුණු ටිකක් ඉදිරිපත් කරමි. රූප සටහන බලන්න. එහි A. A. සලකුණ මඟින් පෙන්වා ඇත්තේ දේශාටන හෙවත් සංචාරක රේඛාවයි. මෙය මූලික වශයෙන් බලපාන හස්ත රේඛාවකි.

 

මීළඟට රූප සටහනේ B. B සලකුණු බලන්න. මෙම රේඛාවන් සඳු මණ්ඩලය පාමුලින් සලකුණු වේ. මෙම රේඛාවන් ඉතා කෙටි රේඛාවන් ආකාරයට දෙවන කුජ මණ්ඩලය දෙසට ගමන් කරයි. මේවාද දේශාටන හෙවත් සංචාරක රේඛාවන් ලෙස හස්ත රේඛා ශාස්ත්‍රයේ උගන්වයි. මීළඟට රූප සටහනේ C. සලකුණු දෙස බලන්න. ජීවන රේඛාවෙන් ශාඛාවක් සඳු මණ්ඩලයටත් තව එකක් සිකුරු, මණ්ඩලයටත් ගමන් කරයි නම් මේවාද සංචාරක රේඛාවන් හැටියට ශාස්ත්‍රයේදී උගන්වයි. මෙසේ පිහිටි අය තම නිවෙස අතහැර බොහෝ දුර ගමන් කරයි. තවත් සංචාරක රේඛාවක් හඳුනා ගනිමු. රූප සටහනේ D.D සලකුණු බලන්න. මේ ආකාරයට සිකුරු මණ්ඩලයෙන් රේඛාවන් දෙවැනි කුජ මණ්ඩලය දක්වා ගමන් කර ඇත්නම් එයද සංචාරක හෙවත් විදේශ ගමන් පෙන්වන රේඛාවක් හැටියට ශාස්ත්‍රය උගන්වයි. තවද දෛව රේඛාවෙන් ශාඛාවක් සඳු මණ්ඩලයටත් තවත් ශාඛාවක් සිකුරු මණ්ඩලයටත් ගමන් කරයි නම් එයද සංචාරක රේඛාවන් හැටියට උගන්වයි. රූප සටහනේ EE සලකුණු බලන්න. තවද සූර්ය හෙවත් රවි රේඛාවෙන් ශාඛාවන් සඳු හා සිකුරු මණ්ඩලයන් වෙත ගමන් කරයි නම් එයද සංචාරක හෙවත් විදේශ ගමන් කෙරෙහි බලපාන හස්ත රේඛා සලකුණකි. රූප සටහනේ G. G සලකුණු බලන්න. තවත් සංචාරක හෙවත් විදේශ ගමන් කෙරෙහි බලපාන රේඛා සලකුණු බොහෝ තිබුණද මූලික වශයෙන් බලපාන සලකුණු කිහිපයක් මෙහිදී සඳහන් කළ බව සලකන්න. මෙම හස්ත රේඛා සලකුණු වැඩි හරියක් ඉතා පැහැදිලි ලෙස සලකුණු වීමෙන් එම අත්ල හිමියාගේ විදේශ ගමන් ඉතා සාර්ථක වන බව සලකන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk