Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දිගුකල් පවතින හිසේ කැක්කුම නිට්ටාවටම සුව කරන බෙහෙත් වට්ටෝරුවක්

1 year ago 7 Min read
Subha.lk

තදබල ලෙස හිසේ කැක්කුම බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මිග්‍රේන් නමින්ද ආයුරිවේදයට අනුව අර්ධවේදය යනුවෙන්ද හැඳින්වෙන හිසෙහි අර්ධයක ඇතිවන කැක්කුම හෙවත් ශූලය අද බහුල වශයෙන් ජනතාව තුළ පැතිරි ඇති රෝගයකි. අභ්‍යන්තර රෝගයක පූර්ව රෝග ලක්ෂණයක් ලෙසද උපද්‍රවයක් ලෙසද හඳුන්වන මෙකී රෝගය වාතය සෙම කෝපවීම මත මෙන්ම පිත සම්බන්ධ වීම තුන්දොස් කිපීම මත මෙම රෝගය සෑදෙන බවද මෙම රෝගය සාමාන්‍ය හිසරදයට වඩා පීඩා ගෙන දෙන බවද වසරකට අති විශාල සංඛ්‍යාවක් මෙම රෝගයට ගොදුරුවන බවද සඳහන් වේ.

 

අවුරුදු 16 සිට 65 අතර කාලයේ පසුවන අය බහුල වශයෙන් මෙම රෝගයට ලක්වනු ඇත. මෙකී රෝගය ඇතිවීමට වියළි ආහාර වර්ග අනුභව කිරීම, වරින් වර ආහාර වැඩිපුර ගැනීම, අධික ලෙස ආහාර ගැනීම, උදෑසන පින්නට ගොදුරු වීම, අධික ශීත සුළංවලට ලක්වීම, මල මුත්‍රා කිවිසුම් නිසි ලෙස පිට නොකිරීම, වේග ධාරණය, අධික වෙහෙස, පීනස රෝගයට ලක්ව සිටීම ආදී හේතු මත වාතය, පිත, සෙම, දූෂ්‍ය වී ශරීරය තුළ ආම ගතිය මතුවීම නිසා රස රක්තය ආදී ධාතු දූෂණය වීම මෙම රෝගය සෑදීමට හේතුවන කරුණු අතර පවතී.

 

හිසෙහි අර්ධයක අනින ගතිය, නළල වේදනා වීම, බෙල්ලේ හෝ නළලේ පැත්තක වේදනාව ඇතිවීම, ක්ලාන්තය, කැරකැවිල්ල, ඔක්කාරය, කෑම අරුචිය, හිසරදය, කන හෝ ඇසේ ඇති වන වේදනාව, දැවිල්ල ආදී විවිධ ලක්ෂණ මෙම රෝගයට ලක්ව සිටින අය තුළ දක්නට ඇත.

 

හිස්කබලේ නාසයට සම්බන්ධ වන කුහරයන් තුළ ඇතිවන ආසාදන නිසාද ඇතැම් විට සොටු දියර ගැලීම, කුහරයන් කාලයක් ඇහිරි තිබීම මත සෙම නරක් වීමද මෙම රෝගයට බලපානු ඇත. මොළයේ හටගනු ලබන අර්බුද හේතු කොටගෙනද හිසරදය ඇතිවේ.

 

බින් කරල් හැබ කොළ, ගම්මිරිස්, අමු කහ සමඟ කොටා තලතෙල් දමා රත් කර නළලේ දෙපස ගාන්න. කරාබු නැටි කුඩු තේ හැඳි කාලයි, කුරුඳු තේ හැඳි එකයි එකට මිශ්‍ර කර නළලේ ගාන්න. විනාඩි 20කින් ආලේප ඉවත් කරන්න. සුදු හඳුන් උරච්චි කර නළලේ ගා විනාඩි 10කින් පසු ආලේප ඉවත් කරන්න.

 

කොත්තමල්ලි තේ හැඳි එකයි කලාඳුරු අල 5ක් දමා අඹරා වතුර දමා සතියකට දින දෙකක් සාදාගෙන බොන්න. කටුවැල්බටු, අමු ඉඟුරු, රසකිඳ කළං 4 බැගින් ගෙන වතුර පත 8/1ට සිඳ පෙරා තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න. පීනස් කුඩු නාසයට උරන්න. මහා නිල්‍යාදිය තෙල්වලට දෙහි ඇඹුල් මිශ්‍ර කර හිසට දමන්න. උෂ්ණාධික, අධික තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින්න. දියර ආහාර, පලතුරු යුෂ බිමට ගන්න.

 

 

 ඇඹුල් දොඩම් ලෙල්ලේ පැඟිරි අබ සමඟ විනාකිරි දමා අඹරා රෙදි කඩක ගා නළල මත පැලැස්තරය එලන්න. දෙළුම් මල් ඉස්ම තනකිරි සමඟ මිශ්‍ර කර නස්නය කිරීමේද ඇට, ඉරමුසු කොට්ට තෙල් සමඟ කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා නළල දෙපස තවන්න.

 

අම්බලන්තොට නෝනාගම

රුහුණු මහා භද්‍රකාලි අම්මාන් දේවාලයේ දේවගැති

රූපසිංහ වෙද මහතා

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk