Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාඵල අ‍ගෝස්තු 29 දින සිට සැප්තැම්බර් 04 දක්වා

1 year ago 7 Min read
Subha.lk

මේෂ

දරුවන්, ශිෂ්‍යයන් සිටී නම් ඔවුන්ට අසනීප වැනි අපලකාරී තත්ත්වයන් ඇති විය හැකි බවක් මේෂ ලග්නය තුළින් පෙන්නුම් කරයි. අහංකාර ගතියක් ඉස්මතු විය හැකිය. බඩේ උෂ්ණගතිය වැඩිවන බවක් දැනෙනු ඇත. ගිනියම් ගතියෙන් ඇතිවන රෝගාබාධ ඇතිකරයි. සිතටද කයටද පීඩාකාරී බවක් දැනේ. සතුරන් හා ගැටුම් ඇතිවිය හැකි බවක් දක්නට හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. උස් අය හා ආරවුල් ඇති කර ගන්නා අතර ඔවුන්ගෙන් අගෞරව ලැබීමටද පුළුවන. හදිසි අනතුරුද අතරමඟ කරදරද නිතර ඇතිවිය හැකි සතියකි. ඥාතීන් හෝ මිත්‍රයන්ගෙන් වෙන්විය හැකිය. රැවටීමකට ලක්විය හැකි අතර තම නම නරක්වීමටද ඉඩ ඇත. පලක් නැති ගමනක් යෑමට සිදු විය හැකිය. පමණට වඩා තම තත්ත්වය පෙනෙන්නට වියදම් කිරීමක් සිදු විය. හැකිය. විනෝද ක්‍රීඩා ආදියට සහභාගි වීමට හැකිවේ. වියදම් අධික විය හැකි සතියකි.

සුබ දවස ඉරිදා

සුබ වර්ණයඃ ළා කහ පාට 

ජය අංක: 01, 04

 

වෘෂභ

 

අවනම්බුවක් හෝ ලැජ්ජාවක් ඇති වීමට ඉඩ ඇති බවත් වාෂභයෙන් දක්නට හැකිය. සැනසීම අඩු, සිත්වේදනා වැඩි කාලයකි. පවුල් අය සමඟ හෝ හිතවතුන් සම්භ ආරවුල් ඇතිවිය හැකිය. ගමන්වලදී අනතුරු මෙන්ම කරදරද ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව සිටිය යුතු කාලයකි. ණය වීමට සිදුවිය හැකි අතර ණයකරුවන් සිටී නම් ඔවුන්ගෙන් බොහෝ කරදර ඇති වීමට පුළුවන. ආදායම පහළයන සතියකි. නහර සම්බ රෝගයක් හෝ තැපීමකින් ලේ ගලන තුවාලයක් ඇති වීමට හේතුයි. කර්ම සැපයට බාධා ඇති කරයි. නඩු හබවල පැඹීමක් හෝ නීතියේ පිහිටා පැනීමට සිදුවිය හැකිය. නොතේරුම්කරින් කරන දෙයක් නිසා පාඩුවක් ඇති වේ. පපුවේ වේදනාවක් හෝ උණ, කැස්ස වැනි රෝග තත්ත්වයන්ද ඉස්මතු කරයි. ස්ථාන, ගෙවල්, ඉඩම් ආදිය සම්බන්ධ ගැටලූකාරී තත්ත්වයන් උදාවිය හැකිය. අධිරුධිර පීඩනය ඇති රෝගීන් වඩාත් ප්‍රවේථි වියයුතු කාලයකි. 

සුබ දවස සඳුදා 

 සුඛ වර්ණය සුදු පාට

ජය අංක 02, 07

 

මිථුන 

ලග්නාෂ්ටම ඒරාෂ්ටකයෙන් කාලය ගත කරමින් සිටින ස්ථුන ලග්න හිමි ඔබලා මෙම සතියේ තරමක් සැනසිලි දායකව විසීමට හැකිවනු ඇත. හදිසි ධනලාභයක්ද පෙන්නුම් කරයි. වෙළෙඳාමෙන්ද ජය අත්වෙන බවක් දක්නට තිබේ. තමා කරගෙනයන අනෙක් කටයුතුවලද විශේෂ දියුණුවක් ඇතිවන කාලයකි. මිතුරු ඇසුර වැඩි වීමට නියමයි. රජයේ උසස් නිලධාරීන්ගේ සැලකිල්ලට භාජන වේ. අසගීපවලින් සුවය ලැබීමට හැකි බවක්ද පෙන්නුම් කරයි. තම බලාපොරොත්තු ඉටුවීමක් නිසා සතුටට පත්වේ. පුණ්‍යවන්ත අය හා ආශ්‍රයට අවකාශ සැලසෙනු ඇත. සහෝදරයන් සිටින අයට ඔවුන්ගෙන් බොහෝ උපකාර ලබාගැනීමට හැකි වේ. ඇලුත් දේ ඉගෙන ගැනීමටත් සුළු සුළු හස්ත කර්මාන්ත වැඩවල නිරත වීමටත් සිදුවනු ඇත. අමුතු ගමන් යමටද අමුතු ස්ථානවල සැර්සරයට ද හැකිවේ. සතුරු කරදර පහව යන අතර ධෛර්යය, ශක්තියද වඩා වර්ධනය වේ. 

සුබ දවස බදාදා

සුඛ වර්ණය: කොළ 

 ජය අංක: 05, 14

 

කටක 

මුදල් ලැබීම අතින් ඉතාම අසීරු තත්ත්වයක් ඇති වීමට කටක ලග්නයෙන් උපන් අයට මෙම සතියේ ඉඩ ඇත. උජාරුවට වියදම් කරන බවක් පෙනෙන්නට තිබේ. එයින් මහත් ධන හානියක් සිදුවිය හැකිය. මුහුණේ, හිසේ දැඩි උෂ්ණ ගතියක් පවතියි. ඇස්වල ආබාධ තත්ත්වයන් ඇතිකරයි. මුහුණේ කුරුලෑ ගෙඩි වැඩි වශයෙන් ඇතිවේ. මෙම කාලය තුදු අසනීප ඇති වීමේ අවකාශ වැඩි වශයෙන් පවතියි. සමහරවිට මිතුරන් හා නඥයන් සමඟද පවුණු අය සඟද ආරවුල් ඇතිකර ගැනීමට පුළුවන, වවා පුගවලටද හසුවිය හැකිය. ගමමන්ද වැඩිවේ. භාරගෙන කරන වැඩකටයුතු ප්‍රමාද වීමට හෝ කඩාකප්පල් වීමට පුළුවන, එයින් මහත් පාද ඇති කරයි. රැකියාවේ ගැටලුකාරී ස්වභාවයක් පෙන්නුම් කරයි. තමා සතු යම් යම් බඩුමුට්ටු කැඩීබිඳී යෑමට ඉඩතිය දියුතුවට ඇති මාර්ග ඇතීර් යන බවත් දැකිය හැකිය. විහක අයගේ සැමියාට හෝ රියට සුළු හෝ අසනීප තත්ත්වයක් ඇතිකරයි. 

සුඛ දවස - සිකුරාද, 

සුඛ වර්ණය:   සුදු පාට

ජය අංක 06, 15

 

සිංහ

ඇස් වල දෝෂ හෝ පීඩාකාරී බවක් සිංහ ලග්න හිමියන්ට ඇතිවන බවක් පෙනීයයි. සමහර විට ඉතා දුක්ඛර පුවතක් අසන්නට සිදුවිය හැකිය. ස්ථිර හේතුවක් නැතිව තැන තැන ඇවිදින්නට සිදුවේ. උණ ගතියක් දැනෙන්නටද පුළුවන. ඇදුම රෝගීන් වඩාත් ප්‍රවේශම් වියයුතු කාලයකි. ශරීරය වෙව්ලන ගතියක් හෝ ගින්දර පිළිබඳ බියක් දැනෙනු ඇත. කවුරුන් විසින් හෝ තමාට බොරු චෝදනාවක් ගොඩනඟන බවක් පෙනීයයි. විශේෂිත රාජකාරියක් නැතත් විවේකය අඩු බවක් දැනේ. විශ්වාසවන්තභාවයටද හානි පැමිණේ. ආදායම් වර්ධනය කරගැනීමට අදහස් ඇතිවේ. සුළු හෝ කරුණක් නිසා සිතට සතුටක් ඇතිකරයි. වෙනදාට වඩා තරමක් කටුක ආහාරයක් භුක්ති විඳින්නට සිදුවිය‍ හැකිය. දෛනික කාලසටහනේ වෙනසක් ඇතිවේ. ගෙදර දොර පිරිසුදු කිරීමක් හෝ අලුත්වැඩියා කිරීමක් සිදුකරන්නට හැකිය. පදිංචි ස්ථානය පිළිබඳව සුළු හෝ වෙනසක් ඇතිවේ.

 සුබ දවස ඉරිද

සුබ වර්ණය: ළා රතු පාට

ජය අංක: 01, 14

 

කන්‍යා 

නිතර සිත්තැවුල් ඇති වීමට ඉඩ ඇති සතියක් කහ ලග්න හිමියන්ට උදාවිය හැකිය. කරගෙන යන සියලුම කටයුතුවල පිපවීමක් හෝ පහළ වැටීමක් වීමට පුළුවන. අවුල් වියවුල් මෙන්ම කෝලාහලවල පැටලීමටද ඉඩ තිබේ. නිකරුණේ තැන තැන ඇව්දීමට සිදුවේ. ආයම අඩුවන අතර වියදම ඉහළ =යි තත්ත්වයද පහළ වැටෙනු ඇත. ලාභ බලාපොරොත්තුව කරන "යෝජනවලින්ද පාඩු වීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු ධර්ම යහපති, වෙළෙද ව්‍යාපෘරවලට ඇශුභදායක කාලයක් බව මතක ලබාගැනීම වටියි. උසස් වීම් වෙනුවෙන් ගන්නා උත්සාහයන් නිෂ්ඵල 5. යාහැකිය. ශරීර සෞඛ්‍යය බොහෝ පිරිහීයන කාලයකි. උණ, ස්කෝපය, ශ්‍රවණාබාධ හෝ දත්වල ආබාධ තත්ත්වයන් මතු කරයි. හිතවත් ඥාතියකුටද අසනීප වන තරමේ අපලකාරී බවක් පෙන්නුම් කරයි. රාජ්‍ය සේවයේ නියුතු අයට විවිධාකාර අර්බුද, ගැටලු මතු වීමට පවතින ඉඩ බොහොය. 

සුබ දවස බදාදා 

සුබ වර්ණයකොළ පාට 

ජය අංක: 05, Z2

 

තුලා 

ගෞරවය, සැලකිල්ල, නම්බුව වැඩි වශයෙන් ලැබෙන කාලයක් තුලාවට උදාවෙන බවක් පෙනීයයි. තත්ත්වය උසස් වීමට නියමයි. වෙළෙඳාම් කටයුතු කරන අයට විශේෂයෙන් ලාභ ප්‍රයෝජන අත්වෙන බවක් පෙනීයයි. රාජ්‍ය සේවකයන්ටද සුවිශේෂී ගරු සැලකිලි මෙන්ම නම්බුව ලැබීමටත් හේතුයි. ටික ටික කොටස් වශයෙන් ලැබීමට තිබුණු මුදලක් එකවර ලැබෙනු ඇත. නියමිත මිලට යමක් අලෙවි කරගැනීමට සිතා සිටියේ නම් ඒ සඳහා සුදුසුම කාලය මේ දිනවල උදාව පවතියි. තම වුවමනා වෙනුවෙන් රිසිසේ වියදම් කිරීමට ප්‍රමාණවත් මුදල් ලැබෙනු ඇත. ශරීර සනීපය යහපත් වේ. හොඳ ආහාරපාන වර්ගද ඇඳුම් පැලඳුම්ද ලැබීමට නියමයි. සෑම අතින්ම දියුණුවට කටයුතු සැලසේ. ප්‍රීතිමත් ප්‍රියසම්භාෂණ වලට සහභාගි වීමට අවකාශ සැලසෙන සතියකි. හිතවතුන් හිතවතියන් සමඟ සතුටින් විනෝද චාරිකාවලට සහභාගී වීමට අවස්ථාව උදාවේ.

සුබ දවස සිකුරාදා

 සුබ වර්ණය: ක්‍රීම් පාට

ජය අංක: 06, 24

 

වෘශ්චික

කරන කියන වැඩකටයුතු සඵලවන ශුභ සතියක් වෘශ්චිකයට උදාවේ. අමුතුවෙන් ආරම්භ කරන කටයුතුද කරගෙන එන කටයුතුද දියුණුව කරා යනු ඇත. තම බලාපොරොත්තු බොහෝමයක් ඉටුවන කාලයකි. පියා සතු දේ ලැබීමට නියමයි. උසස් අයගෙන්ද, පියාගෙන්ද, වැඩිහිටියන්ගෙන්ද, විවිධ ලාභ ප්‍රයෝජන ඇති වේ. රැකී රක්ෂාවල දියුණුව උදා වෙනු ඇත. එහෙත් උසස් අය හා ඇසුරු කිරීමේදීත් ගනුදෙනු කිරීමේදීත් යම් යම් අතපසු වීම් සිදුවිය හැකි බැවින් වඩාත් ප්‍රවේශම් සහගත වීම ඉතා යහපති රාජකාරි ස්ථානයේ ප්‍රධානීන්ගෙන්ද උදවු උපකාර ලැබීමට හේතුයි. අලංකාරයටත් ප්‍රසිද්ධියටත් හේතුවන බඩුමුට්ටු ලැබිය හැකිය. නව රැකියා හෝ තනතුරු සඳහා කැඳවීම් ලැබෙන කාලයකි. ප්‍රසිද්ධ වීමටත් ප්‍රසිද්ධ තැන්වලට යෑමටත් අවස්ථාව උදාවෙනු ඇත. සමාජයේ උසස් තැනක් හිමිවේ. නම්බුව, කීර්තිය, ගෞරවය ලැබෙන කාලයකි. 

සුබ දවස බ්‍රහස්පතින්දා

සුබ වර්ණය: කහ පාට

ජය අංක: 09, 18

 

ධනු

මලානික, උදාසීන ගතියකින් කාලය ගත කිරීමට ධනු ලග්නයෙන් උපන් අයට මෙම සතියේ සිදුවි හැකිය. ශරීරයට පණ නැති ගතියක් දැනේ. බොහෝවිට සුළු සුළු අනතුරු සිදුවීමට ඉඩ ඇත. අගෞරවයට ලක්වේ. නින්දා අපහාස පදයක් අසන්නට සිදුවිය හැකිය. කුමන හෝ ආරවුලකට මැදිවිය හැකි බැව්න් කල්පනාකාරීව කාලය ගත කරන්න. නිෂ්ඵල වියදම් වැඩිවේ. ආදායම අඩු වීම අලාභ හානි, මුදල් හානි ආදියට මුහුණ දීමට සිදුවිය හැකිය. නොයෙක් ආකාරයේ කරදර ඇතිවේ. අනුන්ට යටත් වීමට ද සිදුවිය හැකිය. බලාපොරොත්තු කඩවී යන කාලයකි. දන්දීමටද, පින් කිරීමටද, තරමක් මැළිවන ගතියක් පෙන්නුම් කරයි. සහෝදර සහෝදරියන්ට අසනීප වැලඳීමේ වැඩි ඉඩක් පවතියි. පවුලේ වැඩිහිටියකුට තරමක් අපල ඇති විය හැකිය. ගුප්ත විද්‍යාවන් කෙරෙහි උනන්දුව වැඩිවනු ඇත. ඥාතීන් සොයා යෑමට සිත්ත්වේ. වැඩිහිටියන් සමඟ අමනාපකම්ද ඇති විය හැකිය. 

සුබ දවස සඳුදා

සුබ වර්ණය: සුදු පාට

ජය අංක: 02 09

 

මකර

උසස් අයගෙන්ද, ස්වාමියන්ගෙන්ද කරදර, බලපෑම් ආදිය ඇති වීමට වැඩි ඉඩක් මකර ලග්න හිමි ඔබට පවතියි. තමාට හෝ අඹුදරු ආදී පවුලේ අයකුට අසනීපයක් හෝ පීඩාවක් ඇති වීමට නියමයි. ගිනි බයක් හෝ තද අවුවේ සිටින්නට සිදුවිය හැකිය. අධිරුධිර පීඩනය, ලේ උෂ්ණ වීම, උණ ආදියද, අර්ශස් අමාරුවද ඇති විය හැකි කාලයකි. සොර බිය ඇතිවේ. වංචාවකට හසුවීමට පුළුවන. වෙහෙසකර දුර ගමන් යෑමට සිදුවිය හැකිය. නීති විරෝධී කටයුතු කරන්නට සිත් වේ. හදිසි අනතුරු ඇති වීමට ඉඩ ඇති බැවින් ගමන්බිමන්වලදීත් උස්තැන්වල කටයුතු කිරීමේදීත් වඩාත් ප්‍රවේශම් සහගත වීම වටියි. අසතුටුදායක ආරංචි අසන්නට ලැබේ. රාජ බියක් හෝ රාජ දඬුවම් විඳින්නට හේතු යෙදෙනු ඇත. සිත්තැවුල් අමනාපකම් ආදිය ඇතිවන කාලයකි. පියාට, ගුරුවරයාට හෝ පවුලේ වැඩිහිටියාට තරමක් අපලකාරී බවක් පෙන්වන සතියකි. නිෂ්ඵල ගමන් යෙදේ. 

සුබ දවස සෙනසුරාදා

සුබ වර්ණය: නිල් පාට

ජයඅංක: 08,17

 

කුම්භ

සැමියා හෝ බිරිය සමඟ වැඩි වශයෙන් ආරවුල් ඇති වීමට ඉඩ ඇති සතියකි. කුම් ලග්නයෙන් උපන් අයට දැඩි සේ චිත්ත පීඩ දැනෙන්නට පුළුවන. මුදල් අතින් බොහෝ අපහසුතා ඇතිකරයි. සමහරවිට යම් යම් අය අධියස බැගෑපත් වීමටද සිදුවනු ඇත. ගමන් බිමන් අධික වේ. සෙමිදෝෂ ඇති විය හැකි අතරම එය මුල්කරගෙන විවිධ වූ රෝගාබාධයන් ද ඇති විය හැකිය, උදරාබාධ, පාචනය, උණ, අර්ශස්, අක්මාවේ දෝෂ වැනි රෝගයන් ද වැලඳෙන්නට හේතුයි. තම ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවටද අසනීප තත්ත්වයක් ඇති වීමට පුළුවන නිකරුණේ මුදල් වියදම් විය හැකි සතියකි. සතුරන් සමඟ ප්‍රසිද්ධියේම අවුල් ඇතිකර ගන්නා බවක් දක්නට තිබේ. ඇස්වහ කටවහ මෙන්ම ශාප කිරීම්වලටද ලක්විය හැකිය. ස්ත්‍රීන්ගෙන් සැපද ප්‍රීතිමත් ගමන් යෑමට අවස්ථාවද ලැබේ. විනෝදබර දෙයට හිත යයි. තරගවලටද වාද විවාද වලටද හිත ඇදී යා හැකිය. 

සුබ දවස සඳුදා

සුබ වර්ණය: නිල්, කොළ පාට,

ජය අංක: 02, 06

 

මීන

වස්තු ලාභ ලැබීමට ද සතුරන් ජයගැනීමට ද මෙම සතියේ මීන ලග්න හිමියන් හැකිවනු ඇත. දුක් කරදර වලින් නිදහස් වීමට ආධාර උපකාර ලැබිය හැකිය. තත්ත්වය ආරක්ෂා කරගනී ඇලුතින් ආරම්භ කරන ලද වැඩ මෙන්ම කරාගෙනයන වැඩ කටයුතු ද දියුණුවට පත්වේ. ආදයම යහපත් අතට හැරෙනු ඇත. රැකීරක්ෂා මෙන්ම තනතුරු අපේක්ෂාවෙන් සිටි අයගේ අදහස් ඉටුවන ලකුණු ඇත. ශරීර සෞඛ්‍යය යහපත් විය යුතුය. අසනීපයන්ගෙන් පෙදුමින් සිටි ආයට නිරෝගී සුව ලැබීමට නියමයි. ඥාතිමිත්‍රාදීන් තමා සොයාගෙන පැමිණෙනු ඇත. අලුත් බඩු ලැබීමක් හෝ මිලදී ගැනීමක් පෙන්නුම් කරයි. රජයෙන් හෝ තම සේවා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගේ ගෞරවයට ලක්වෙනු ඇත. වැටුප් වර්ධක ඇති වීමට හේතුයි. දෛනික ආදයම් තත්ත්වයද ඉහළ යනු ඇත. වෙනදාට වඩා වැඩියෙන් මහන්සි වී යම් වැඩක් කිරීමට සිදුවිය හැකිය. 

සුබ දවස - බ්‍රහස්පතින්දා

සුබ වර්ණය - ළා කහ  පාට,

ජය අංක - 09, 27

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk