Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඕම් ශ්‍රීම් ශරවණභවාය නමඃ බැති සිතින් නමදිමු සුරඳුන් කතරගම

1 year ago 7 Min read
Subha.lk

කතරගම දෙවියන් යනු මහා දෙවි ශිව දෙවිඳුන්ගේ සහ පාර්වතී මෑණියන්ගේ වැඩිමහලු පුතණුවන්ය. මහා ගණපති දෙවිඳුන්ගේ සහෝදරයාය. එතුමන් සියලු දෙවියන් අතරින් යුද්ධයට අධිපති යුද්ධ සේනාධිපති දෙවියන් ලෙස ප්‍රකටය. උත්තර භාරතීය හින්දුන් විසින් කතරගම දෙවියන් "කුමාර් කාර්තිකේ" නමින් හඳුන්වනු ලබයි.

නමුත් උත්තර භාරතීය හින්දු මහා දෙවියන්, දුර්ගා මණියන්, මහා ගණපති දෙවියන් තරමට කුමාර් කාර්තිකේ දෙවියන් වන්දනාමාන කරන බවක් දක්නට නොලැබේ. එයට හේතු කාරණා වශයෙන් කාර්තිකේ කුමාරයා ශිව දෙවියන්ගේ නියමයකට අනුව දකුණු දිග ප්‍රදේශයේ ඇති වෙමින් පැවැති අසුර විනාශයන් මැඬපැවැත්වීම සඳහා කාර්තිකේ කුමරුන්ට එම පෙදෙස භාරදී, පාලනය කිරීම භාරදී ඇත. එම නිසා කාර්තිකේ කුමරුන් උත්තර භාරතයට වඩා දක්ෂිණ භාරතයේ ඉතාම ජනප්‍රිය දේවතාවෙකි. දක්ෂිණ භාරතීය ද්‍රවිඩ හින්දු ජනයා විසින් කතරගම දෙවියන්, මුරුගන්, වේලන්, සරවණභව, ශන්මුගම්, ස්කන්ධ කුමාර්, ශුභරමණියම්, ස්වාමිනාථ ආදී විවිධ නාමයන්ගෙන් හඳුන්වා වන්දනා මාන කරනු ලබයි. මෙතුමන් ශිව දෙවියන්ගෙන් වරම් ලැබ ශිව දෙවියන් හා සමාන ශක්තියක් දරන බව පිළිගැනේ. දමිළ ජනයා කතරගම දෙවියන්ට ඉතා දැඩි භක්තිමත් ජන කොට්ඨාසයකි. එම නිසා ද්‍රවිඩ ජනයාට කතරගම දෙවියන්ගෙන් විශේෂ පිහිටක් සරණක් ඇති බව හැමෝම පිළිගන්නා දෙයකි.

කෙසේ වෙතත් කතරගම දෙවිඳුන් ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ අපටද ඉතාමත් සමීප දේවතාවෙකි. සිංහලයන් විසින් කතරගම දෙවියන් මහසෙන් දෙවියන්, කඳ කුමරුන්, කතරගම දෙවියන් යන නාමයන්ගෙන් වන්දනාමාන කරනු ලබයි. වර්තමාන සතර මහා දේවාලවල ප්‍රධාන තැනක් ගන්නේ ද කතරගම දෙවියන්ය. සිංහල බෞද්ධ සෑම විහාරස්ථානයකම පාහේ කතරගම දෙවියන්ට වෙන්වූ දේවාලයක් නොමැති තරම්ය. මහනුවර උතුම් දළදා පෙරහරේද කතරගම දෙවිඳුන් වෙනුවෙන් පෙරහරක් වෙන් ඇත.

 

ශ්‍රී ලංකාව තුළ කතරගම දේව වන්දනාව ඈත අතීතයේ දුටුගැමුණු රජ සමය දක්වා දිව යයි. දුටුගැමුණු රජුන් එළාර පරාජය කිරීම සඳහා කතරගම දෙවිඳුන්ට බාරවී ඇති බවත්, එම යුද්ධයේදී කතරගම දෙවිඳුන්ගෙන් දුටුගැමුණු රජුට ආධාර ලැබුණු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ අනුව කතරගම දෙවියන් ඈත අතීතයේ සිටම ශ්‍රී ලාංකික අපටද අද වන තෙක්ම නොඅඩුව පිහිටාධාර දෙමින්, මෙරටට දිවැස් කරුණාකර බලමින් යහතින් වැඩ වාසය කරන දෙවියකු බව අප කාගේත් පිළිගැනීමයි. සමහරක් ඇත්තන්ගේ මතයට අනුව කතරගම දෙවියන් වැඩ වාසය කරන්නේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ රුහුණු පුරයේ මහා කතරගම දේවාලයේය. ඒ එතුමන් ලංකාවට වැඩම කොට ලංකාවේ "වල්ලි" නම් දේවතාවිය සමඟ විවාහ වී පසුව වල්ලි මාතාව සමඟ මෙහි නතර වී ඇතැයි යැයි කියනා මතයත් සමඟය. ඒ විශ්වාසයත් සමග ශ්‍රී ලංකික බැතිමතුන් විසින් දළදා මාලිගය, අටමස්ථාන, දොළොස්මස්ථාන හැරුණු කොට ලංකාවේ වැඩිපුරම පිරිසක් වන්දනාවේ යන්නේ රුහුණු මහා කතරගම දේවාලයටය. ඒ එතුමන් කෙරෙහි බැතිමතුන් අතර ඇති දැඩි විශ්වාසයට හා භක්තියටයි.

 

කතරගම දේව වන්දනාව

කතරගම දේව වන්දනාවේ ඇති සුවිශේෂීත්වය නම් කතරගම දෙවියන්ගෙන් බොහෝ කාරණාවන් සඳහා පිහිටාර ලැබීමයි.

එනම් - විවාහ ප්‍රමාදයන් දුරුවීමට, යහපත් පවුල් ජීවිත සඳහා, පෙම්පලහිලව් සඳහා, රැකීරක්ෂාවලට, ව්‍යාපාර දියුණුවට, යාන වාහනවල ආරක්ෂාවට, යුක්ති සාධාරණයට, නඩුහබ ජයග්‍රහණයට, සතුරු කරදරවලට, යුද ජයග්‍රහණවලට, මඟ නැවතුණු ගොඩනැඟිලි ඉදිකිරීම් සඳහා, අපල උපද්‍රව සඳහා, කුඩා දරුවන් වෙනුවෙන් ආදී කොට ඇති අනේකවිද කාරණාවන් සඳහා කතරගම දෙවියන්ට බාරහාර විය හැකිය. කතරගම දෙවිදුන්ට විශේෂ දිනය වන්නේ අඟහරුවාදා දිනයයි.කතරගම දෙවිඳුන්ට පහන් දැල්විය යුතු කාල හෝරාව ලෙස රාත්‍රි 10.48ත් 11.12ත් අතර කාලය විශේෂ වේ. කතරගම දෙවිඳුන්ට විශේෂ වූ වණය ලෙස

 

කතරගම දේවකාරණාවන් සඳහා කතරගම දෙවියන්ට බාරහාර විය හැකිය. කතරගම දෙවිදුන්ට

විශේෂ දිනය වන්නේ අඟහරුවාදා දිනයයි.

කතරගම දෙවිඳුන්ට පහන් දැල්විය යුතු කාල හෝරාව ලෙස රාත්‍රි 10.48ත් 11.12ත්

අතර කාලය විශේෂ වේ.

කතරගම දෙවිඳුන්ට විශේෂ වූ වර්ණය ලෙස රතු වර්ණය සැලකේ. ඒ අනුව රතු වර්ණ මල්, මල් දම්, පලතුරු, සළුපිළි පූජා කිරීමත් තල තෙලින් හා අබ තෙලින් පහන් දල්වා පූජා කිරීමත් කතරගම දෙවියන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට ඉතා යහපත්ය. කතරගම දෙවියන්ට වෙන්වූ යහන් බල කර ගැනීම සඳහා වේලායුධ, මොනර පිහාටු පූජාසනයේ තැන්පත් කිරීම, පූජාසනය අඹ කොළවලින් සැරසීම ඉතා ගුණවේ. කතරගම දේව මූල මන්ත්‍රය

 

 ආරාධනා ස්තෝත්‍රය

 

විමල නිජ පදා බිදං - වේද වේදන්ත වෛද්‍යන්

මම කුල ගුරු දේහං වාද්‍ය ගාන ප්‍රමෝහම්

රවණා සුගුණ ජාලං රග රභාගි නේසා

කල ජනිත පාදං - කාර්ති කේයං භජාමි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk