Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සූනියම් දෙවියන්ට ගෙදරදී වැඳුම් පිදුම් කරන හරිම පිළිවේල

1 year ago 7 Min read
Subha.lk

සූනියම් දෙවියන්ට පහන් තැබීමට කැමැති නවකයන්ටත් දැනටමත් සූනියම් දෙවියන්ට පහන් තබන ඇත්තන්ටත් පහත සඳහන් වූ පුද පූජා වත්පිළිවෙත් විස්තර, සූනියම් දේව වන්ද ස්තෝත්‍ර හා මල් යහන් කවි ඉතා ප්‍රයෝජනවත් වනවා නොඅනුමානයි. පහත දැක්වෙන වන්දනා ක්‍රමය විශේෂයෙන් දෛනිකව ගම්භාර සිද්ධ සූතිය දෙවියන්ට නිවෙසේ පහන් තබන ඇත්තන්ට වඩාත් සුදුසු වන බවත් සිහිපත් කරමි.

කෙම්මුර දිනයන් සූනියම් දෙවියන්ගේ බලය ශක්තිය වඩාත් සක්‍රියව බලපැවැත්වන අතර ඉන් ‘බදාදා’ දින විශේෂයෙන් ‘ගම්භාර දෙවියන්ටත් ‘සෙනසුරාදා’ දිනය ‘සිද්ධ සූනියම්' දෙවියන්ටත් විශේෂ වේ. සිද්ධ සූනියම් දෙවියන්ට පහන් දැල්විය යුතු වේලාවන් වන්නේ බදාදා දින රාත්‍රි 09.05ත් 09.45ත් අතර කාලයත් සෙනසුරාදා දින රාත්‍රි 09.45ත් 10,00ත් අතර කාලයත්ය. සුනියම් දෙවියන්ට හා ගම්භාර දෙවියන්ට පහන් දැල්වීම සඳහා නිවෙසින් පිටත පිරිසුදු හා … සුදුසු ස්ථානයක පහන් පැල තනා වි ගැනීම ඉතාම වැදගත්ය. සුනියම් දෙවියන් සඳහා සුදුමල් සුදුසු වන අතර සමන් පිච්ච්

මල් ඉතා විශේෂ වේ. පහන් දැල්වීමේදී පොල්තෙල් පහනට කොහොඹ තෙල් බිඳුවක් දෙකක් මිශ්‍ර කර පහන් දැල්වීම යහපත්ය. පිච්ච මල් මාලා පැලඳවීම, පිරිසුදු පැන් වීදුරුවක් පූජා කිරීම, නැවුම් එළකිරි වීදුරුවක් පූජා කිරීම, තැඹිලි ගෙඩියක් පූජා කිරීම, බුලත් පුවක් පූජා කිර්ම, විලඳ මීපැණි බුලත් කොළයක තබා පූජා කිරීම, ඇඹුල් කෙසෙල් ගෙඩියක් බුලත් කොළයක් මත තබා පූජා කිරීම, වේවැලක් පූජා කිරීම, නව ගුණ වැල් පූජාව, පිත්තල ත්‍රිශුල පූජා කිරීම ආදිය පුද පූජා වශයෙන් පූජා කළ හැකිය.

 

සූනියම් දෙවියන් වැඳීමට ප්‍රථමයෙන් බුදුන් වැඳ පිරිත් සූත්‍රයක් දෙකක් හෝ කිහිපයක් කියා මහා දේවතාවුන් වහන්සේලා සිහි කර (ශිව, විෂ්ණු, කතරගම, සමන්, දුර්ගා, පත්තිනි, ගණ දෙවියන් ආදීන්) පින් අනුමෝදන් කර පසුව සූනියම් දෙවියන්ට පහන් දල්වා වන්දනා කිර්ම ඉතාම වැදගත් හා නිවැරැදිම ක්‍රමයයි.

 

අංක යොදා ඇති පිළිවෙළට වන්දනාවන් සිදු කරන්න.

 

සූනියම් දේව නමස්කාරය ශිව මස්තු නමෝ රාමඃ කන්ධ සේනා සමාගමඃ වඩිගතන්ත්‍ර මණී කණ්ඨක් ඔඩ්ඩි මංගල නමෝ නමඃ අග්නික් කන්ධංච හස්තීන හස්නේන වඩිග කර්ගතේ මුඛෙන විෂ සර්ජෙන ශීර්ෂෙ පංච කේශකේ උදරේ නාග බංදාමි නීලොත් තුරඟ වාහනක් සූනියම් දේවතා නාම මහියංදි පාදකේ නමෝ

 (07 වරක් කියන්න)

 

සූනියම් දෙවියන් උදෙසා මල් යහන් කවි

 

පින් සාරවූ බෙලෙන් ඔබ නිවන් පතා යනවා

සංසාරේ නරයන් හට නිතර පිහිට වෙනවා

මං බාරේ දෙන දළුමුර දෙවිඳුට කැප වෙනවා

ගම්භාරවූ දෙවි සැණකින් මල් යහනට එනවා

 

සුරත රන් කඩුවක් දරාගෙන

ලොවට තෙද බල පෙන්වතා

දිව්‍ය තෙවිටක් මෙලක් දිවයින

ගමන් වාහන නැඟ යතා

 සූසැට වරමින් කබැල්ලෑවට දි

වැස් ලා කෙළි පුද ගතා

වඩිනු තෙද ඇති සූනියන් දෙවි

ගන්ඩ පූජා රිසියුතා

 

වඩිග පුර වඩිග රජු හට දා

වෙමින තුසරි පත්ම නම් බිසවගේ කුස

උපන

නිතර තුරඟ වාහන පිට වැඩම

වන

තෙදැති සූනියන් දෙවි යහනට

වඩින

 

ගනිමින් ත්‍රිශූල ආයුධ මවාගෙන

මුඛයෙන් නිතර ලේ පොළඟෙකු

විකාගෙන

නියමින් දෙවැනි පුදපූජා ලැබ

ගන්න

සැණකින් ගම්භාර දෙවි යහනට

වඩින

(03 වරක්)

 

කෙටි සිද්ධ සූනියම් දේව කන්නලව්ව

සාධු... සාධු... සාධු...තුරඟ

වාහනාරූඪව මෙසිරිලක ගම් කොරටු වෙත බැල්ම හෙළමින් මහා විෂ්ණු දෙවිහාමුදුරුවන්ට පණිවුඩ පයින්ඩ කරමින් දසත දිගත එකලු කරවා පිරිවර කැටුව

වැඩම කරන්නාවූ උතුම් සිද්ධ සූනියන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, ඔබවහන්සේ වරෙක මහා බලසම්පන්න ඊශ්වර දෙවිඳුන් පිට කළාවූ, විස ධූමයෙන්ද, තවත් වරෙක පඬුවස්දෙව් නිරිඳුන් නිසා විෂ්ණු දේවතාවුන්ගේ දකුණු නාස්

පුඬුවෙන්ද, තවත් වරෙක තුසැරි බිසවගේ පුතු ලෙසින්ද, ‘පුවසල්’ නැකතෙන් උපත ලබා හිරණ්‍ය වනයේ සැරිසරමින් ලේ පොළ ඟුන්ද, කරවලුන්ද, නාගයින්ද ගත දවටාගෙන, සිරසේ ශ්වේත වර්ණ ජටාවක්ද, ගතේ දිවි සමක්ද දරාගෙන අසරණ නරයන්ගේ දුකට පිහිට වන්නට සැදී පැහැදී සිටින්නේ නම්, ඔබවහන්සේ නමින් ඔප්පු කර සිටින්නාවූ මේ මල් පැන්, බුලත්, කපුරු, පහන්, අඳුන්, සඳුන් ඇතුළු පුද පූජාවන් දෙස දිවැසින් බලා කැප භාරගෙන මා කියන්නාවූ

කන්නලව්ව දිව සවනින් අසා මාගේ සකලාභිමතාර්ථයන් ඉෂ්ට කර සාක්ෂාත් කරදෙන සේක්වා. ඔබ කීර්ති පස්වාන් දහසකට ආයු බෝ වේවා.... ආයු බෝ වේවා... ආයු බෝ වේවා......!!!

(01 වරක් හෝ 03 වරක්)

 

සූනියම් දෙවියන්ට පින් දෙන ගාථාව

 

නානාවණෝ මහා තේජෝ

 

ඕදාතහය වාහනෝ ගාම සංචාරක්කෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතේ 03 වරක් ඔබ සැමට සිද්ධ සූනියම් දෙවි පිහිටයි...

 

 

"ඕම් ශ්‍රීෂී ශශ්රවණභවාය නමඃ"

 

කතරගම දේවකාරණාවන් සඳහා කතරගම දෙවියන්ට බාරහාර විය හැකිය. කතරගම දෙවිදුන්ට

විශේෂ දිනය වන්නේ අඟහරුවාදා දිනයයි.

කතරගම දෙවිඳුන්ට පහන් දැල්විය යුතු කාල හෝරාව ලෙස රාත්‍රි 10.48ත් 11.12ත්

අතර කාලය විශේෂ වේ.

කතරගම දෙවිඳුන්ට විශේෂ වූ වර්ණය ලෙස රතු වර්ණය සැලකේ. ඒ අනුව රතු වර්ණ මල්, මල් දම්, පලතුරු, සළුපිළි පූජා කිරීමත් තල තෙලින් හා අබ තෙලින් පහන් දල්වා පූජා කිරීමත් කතරගම දෙවියන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට ඉතා යහපත්ය. කතරගම දෙවියන්ට වෙන්වූ යහන් බල කර ගැනීම සඳහා වේලායුධ, මොනර පිහාටු පූජාසනයේ තැන්පත් කිරීම, පූජාසනය අඹ කොළවලින් සැරසීම ඉතා ගුණවේ. කතරගම දේව මූල මන්ත්‍රය

 

 ආරාධනා ස්තෝත්‍රය

 

විමල නිජ පදා බිදං - වේද වේදන්ත වෛද්‍යන්

මම කුල ගුරු දේහං වාද්‍ය ගාන ප්‍රමෝහම්

රවණා සුගුණ ජාලං රග රභාගි නේසා

කල ජනිත පාදං - කාර්ති කේයං භජාමි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk