Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වාස්තු හරියට නොබැලුවොත් ගෙහිමියාට මාරක වෙන්නත් පුළුවන්

1 year ago 7 Min read
Subha.lk

අත්තිවාරම හතර වටේම බිත්ති බැඳීම අසුබ නැතත් අත්තිවාරමෙන් නිවෙස තුළට විහිදී යන බිත්ති ආරම්භ කළ යුතු ස්ථාන මෙන්ම ආරම්භ නොකළ යුතු ස්ථානද වාස්තු විද්‍යාවේදී සඳහන් කර තිබේ. මෙහිදී අත්තිවාරමේ දිග පැත්ත සමාන කොටස් 15කටත් පළල පැත්ත සමාන කොටස් 15කටත් බෙදීමෙන් ලැබෙන එක කොටසක් පාදයක් ලෙස සලකනු ලැබේ. අත්තිවාරමේ දිග පළල අඩි අඟල් හෝ මීටර් සෙන්ටිමීටර් ක්‍රමයට මැන ගත හැකිය.

 

අත්තිවාරමේ දිග පළල සමාන කොටස් 15කට බෙදා ලැබෙන පාද පිළිවෙළින්, නන්දා, භද්‍රා, ජයා, ඊක්කා, පූර්ණා ලෙස නම් කරගෙන යා යුතුය. නන්දා සාදයෙන් ආරම්භ කර පූර්ණ පාදය අවසන් වූ පසු නැවත නන්දා පාදයෙන් ආරම්භ කළ යුතුය. පහත රූපසටහනේ පරිදි පාද බෙදා ගත හැකිය. මෙම පාද අතුරින් නන්දා, ජයා, පූර්ණා, සුබ පාද වන අතර භද්‍රා සහ රික්තා අසුබ පාද වේ.

 

රූපසටහනේ 1, 3, 5, 6, 8, 10, 11, 13, 15 යන පාද නවය සුබ බවත් 2, 4, 7, 9, 12, 14 පාද අසුබ බවත්, අප විසින් දැනගත යුතු කරුණකි. නිවෙසක අත්තිවාරම බෙදෙන ස්ථාන අසුබ පාදවලට හසු නොවිය යුතු අතර උළුවහු, ජනෙල් ආදියද අසුබ පාද මත නොතැබිය යුතුය. නිවාස ඉදිකරන විට නිතරම ඇතිවන ප්‍රශ්නයක් වන්නේ, අසුඛ පාද කැපී යන ලෙස, අසුබ පාද හරහා හරස් බිත්ති ඉදිකිරීම අසුබද? යන්නයි. අසුබ පාද හරහා හරස් බිත්ති ඉදිකිරීමට වාස්තු විද්‍යාවේ විරුද්ධත්වයක් නැත

.

නිවෙස තුළ බිත්ති බැඳීමේදී විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණකි. හරියටම නිවෙස දෙකට බෙදෙන අටවන ජයා පාදය මත බිත්ති නොබැඳීමට වග බලා ගැනීම. එමෙන්ම නිවෙසේ බිත්ති බැඳීමට කලින් මරු සුලම සහ ගිනි කතිරය ගැන නිවැරදි අවබෝධයක් ලබාගෙනම ඉදිරි කටයුතු සඳහා යොමු විය යුතුය. භාරත වාස්තු විද්‍යාවට අනුව නිවෙසක ඇතිවන ප්‍රධානතම වාස්තු දෝෂ නිර්මාණය වන්නේ මරු සුලම සහ ගිනි කතිරය ආශ්‍රිතව බව සඳහන් වේ.

 

නිවෙසක මුලු යා කරමින්, එකිනෙක කැපී යන විකර්ණණ රේඛා දෙක ගිනි කතිරය ලෙස හඳුන්වනු ලැබේ. විශ්වයේ ග්‍රහයන්ගේ ගමන හේතු කොටගෙන ඇතිවන විශ්ව ශක්තිය මුලින්ම අල්ලා ගනු ලබන්නේ නිවෙසක යටලීය මඟිනි. එම ශක්තිය නිවෙසේ බිත්ති ඔස්සේ අත්තිවාරමට ගලා යයි. ඉන් පසුව නිවෙසේ ප්‍රධාන අක්‍ෂ හතර ඔස්සේ ක්‍රියාත්මක වන විශ්ව ශක්තිය, එම අක්ෂයන්හි මුලු යා කරන විකර්ණ ඔස්සේ ක්‍රියා කරමින්, ඒ ඔස්සේ ගලා එයි.

 

නිවෙසේ විකර්ණ දෙක කැපී යන ස්ථානය හඳුන්වන්නේ, මරු සුලම වශයෙනි. විකර්ණ ඔස්සේ ගලා එන ශක්තිය මරු සුලමේදී එක්වන අතර එය නිවෙසේ ඇති අධි ක්‍රියාකාරිත්වයක් පවතින විශ්ව ශක්තීන්ගේ සංලක්ෂ්‍යය බවට පත් වේ. ඕනෑම නිවෙසක ප්‍රධාන මර්මස්ථාන බවට මෙම මරු සුලම පත් වෙයි. මරු සුලම නුසුදුසු තැනකට යෙදීමෙන් ගෘහ වාසීන්ටද, ගෘහ නායිකාවටද, ගෘහ අධිපතියාටද, අසුබ ඵල ගෙන දීමට හේතුවේ.

 

ඔබ නිවෙස ඉදිකරන විට මරු සුලම මතින් බිත්තියක් නොබැඳීමටද, ස්ථම්භයක් ඉදිනොකිරීමටද, වග බලා ගත යුතු අතර ඔබගේ ඉඩමේ බ්‍රහ්ම පාදයේ මධ්‍ය ලක්ෂ්‍යය මතට හරියටම මරු සූලම සමපාත වුවහොත්, එම වරද නිවැරදි කර නිවෙස ඉදිකිරීමට උත්සාහ දැරිය යුතුය.

 

ගිනි කතිරයේ රේඛා, නිවෙසේ උළුවහු, බිත්ති මුලු, යට ලී සන්ධි, ආදියට හසු වූ විට ඉතාමත් දැඩි අසුබ ඵල නිවැසියන්ට භුක්ති විඳීමට සිදුවේ.

 

දිගු කලක් නිවාස පරීක්ෂාවේ යෙදෙන වාස්තු විද්‍යාඥයන් සතුව මෙම ගිනි කතිරය සහ මරු සුලම දෝෂය නිසා අකාලයේ මියගිය ගෘහ මූලිකයන්, ගෘහණියන් සහ දිනෙන් දින පරිහානියට පත්වූ පුද්ගලයන් ගැන දත්ත විශාල වශයෙන් රැස් කරගෙන ඇත. ගෙහිමියන් තමන් පදිංචි නිවෙසේ වාස්තු දෝෂ තිබේ දැයි සොයා බලන්නේ තමන් එම දෝෂයේ අයහපත භුක්ති විඳීමෙන් පසුවය. ඉදිරි අනාගතයේදී නිවෙසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන ඔබ වාස්තූ විද්‍යාවේ එන මෙවැනි සිද්ධාන්ත ගැන මූලික දැනුමක් ලබා තිබීම ඉතා වැදගත්ය.

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk