Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දිවි ඇති තුරා ආරක්ෂාව සලසන අටදිග සීමා බන්ධන යන්ත්‍රය

1 year ago 7 Min read
Subha.lk

ප්‍රායෝගික ජීවිතයෙදී තමාගේ කියන ගේ දොර ඉඩකඩම්වලට පමණක් නොව මිනිස් ජීවිතවලටත් බාහිර බලපෑම් ලෙස සැලකෙන යක්ෂ, ප්‍රේත හෝ අමනුෂ්‍ය දෝෂවල බලපෑම උග්‍ර වෙලා, ඇතැමුන් මෙම බලපෑම ජීවිතවලින්  ඉවත් කර ගන්නට උත්සාහ දරනවා වගේම තවත් සමහරෙක් මෙවන් දේ සමීප කර ගනිමින් ඒවායින් වැඩ ගන්නටද වෙර වෑයම් දරනවා. ඒ කෙසේ වෙතත් මෙවන් අශුභතාවලින් යුක්ත වූවන්ටත් හා නැවත එවන් දෝෂයන්ට හසු නොවී ජීවිත කාලය පුරාවට මතු ආරක්ෂාව සැලසෙන බලවත් ගුප්ත විද්‍යාවේ පෙන්වා දෙනු ලබන අටදිග් සීමා බන්ධන යන්ත්‍රය ඔබේ දැනගැනීම පිණිස මෙසේ ගෙනහැර දක්වමි.

 

සිදු කරන ක්‍රමවේදය

 

පළමුව මල් යහනක් තනා ඒ යහනාව සඳහා දියේ පිපෙන මල්, පාට පහක මල්, සුවඳ පැන්, තල - අබ - එළඟි තෙල් · තැඹිලි තෙල් පහන බැගින් තබා ආරක්ෂාව සඳහා අනුමත මුහුදු වැලි, එළ අඹ, කුඩා මැටි මුට්ටි 4ක් හෝ 8ක්, යබර, තිරිවාණ ගල්, කුඹුරු ඇට, නාගදරණ, ඉඟිනි ඇට, ඇත් රූප, නාග රූප, ත්‍රිශූල, හෙල්ල, කඩුව, රත් හඳුන් කැබලි, සුදු හඳුන් කැබලි, කොහොඹ පොතු, නෙළුම් මල් රේණු, සාම්ප්‍රාණි, අමු කහ, පුවක් මල් ආදී සියල්ලක්ම පිරිසුදුව තබා ගන්න. පසුව පහන් දල්වා කටයුතු ආරම්භ කළ යහන මත තබාම දී ඇති බලවත් යන්ත්‍රය ඇඳ ගැනීම සිදු කරන්න. මෙම යන්ත්‍ර 4ක් ඇඳ ගත යුතුය. යන්ත්‍රය ඇඳ ගැනීමේදී වෙනසක් නොකර 6x6 ප්‍රමාණයේ හෝ 12x12 ප්‍රමාණයේ තඹ පත්‍රයක ඇඳ ගත යුතුය.

 

මෙසේ කටයුතු හමාර කර ගැනීමෙන් අනතුරුව ස්ථානීය පවිත්‍රභාවයද ආරක්ෂා කරමින් දෙන ලද මන්ත්‍රයෙන් 1008 වාරයක් නිවැරදිවම ඉහත කී සියල්ලක්ම ජීවම් කර ගැනීම සිදු කරන්න. ජීවමේදී යම් වැරැද්දක් සිදු වන්නේ නම් නැවතත් මන්ත්‍රය අලුත් වාරයකින් ආරම්භ කරන්න.

 

බලවත් අටදිග් සීමා බන්ධන යන්ත්‍රය

බලවත් මන්ත්‍රය

“ඕ ජං ජං ප්‍රෝ ප්‍රෝ දාං දාං යක්ෂයා යක්ෂණී ජහා රේ ජං ඕං

ශ්‍රී බන්ධ යං දෙවුනුවන් බුදු වූ අප ලොව්තුරා ස්වාමීන් වහන්සේ විසින් මේ ලෝකයට යන්ත්‍ර ලක්ෂයක් පිහිටුවා සීමා බැන්දේත්, මන්ත්‍ර ලක්ෂයක් පිහිටුවා සීමා බැන්දේත්, මෙම භූමියට ශ්‍රී මහ බෝධීන් වහන්සේ පිහිටවා සීමා බැන්දේන් ,හතරවට ශක්‍රයන් පිහිටුවා සීමා බැන්දේත්, දොර ජනෙල්වල මුන්නේෂ්වරයන් පිහිටුවා සීමා බැන්දේත්, ආකාලයේ පාතාලයේ අංගුලිමාලයන් පිහිටුවා සීමා බැන්දේත්, දෙපයට මහී කාන්තාව පිහිටුවා සීමා බැන්දේත්, ඉදිකඩුල්ල පුෂ්ප ශ්‍රී දේවතාවා පිහිටුවා බැන්දේත්, නරයන් කෙරෙහි ආතුරයන් කෙරෙහි විදුරු දැල් දේවතාවා පිහිටුවා සීමා බැන්දේත්, ඇල්ලේ යකුන් ඇල්ලේ බැන්දේත්,වැල්ලේ යකුන් වැල්ලේ බැන්දේත්, උඩ යකුන් අභිමාන යකුන් සැට කෙළක් යකුන් යක්ෂයන් අප ලොව්තුරා ස්වාමීන් . වහන්සේගේ පටී ධාතුවෙන්බැඳ අගුල්ලිමි නඩත්තු කළෙමි යක්ෂ බන්ධ බන්ධ

ඒස්වාහං”

ජීවම් කිරීම අවසානයේ මැටි මුට්ටි සියල්ල ගෙන ඉහත ආරක්ෂා ද්‍රව්‍ය සියල්ලක්ම පිළිවෙළකට ඒවායේ සමානව අසුරා ගැනීම සිදු කරන්න. පසුව මුට්ටිවල මුඛ ආවරණය කොට තුන්පට නූලෙන් සියල්ලක්ම ගැට ගසාගන්න. නිවෙසේ ප්‍රධානියාගේ උපන් නැකතට බලවත් වන ශුභ හෝරාවකදී මේ ආරක්ෂා බඳුන් භූමියේ හතර කොනත්, නිවෙසේ සමස්ත හතරකොන ආරක්ෂාවත් සිදු කර ගන්න. මෙය ඉතාමත් බලවත් යන්ත්‍රයකි. කටයුතු සිදු කිරීමේදී අඩුපාඩු සිදු නොවන්නට විශේෂයෙන් සැලකිලිමත්විය යුතුය. ඔබට උතුම් විශ්වයේ ආරක්ෂාව හා ආශීර්වාදයම ලැබේවා!.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk