Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාඵල අ‍ගෝස්තු 22 දින සිට අ‍ගෝස්තු 28 දක්වා

1 year ago 7 Min read
Subha.lk

මේෂ

 

අතහැරදමා තිබුණු යම් යම් වැඩකටයුතු ආරම්භ කිරීමට ශුභ යහපත් කාලයක් මේෂ ලග්න හිමි ඔබට උදාවී ඇත. රැකී රක්ෂාවන් නැවතී තිබුණේ නම් ඒවා නැවත ලැබීමට ඉඩ ඇත. දබර කිරීම් මත හෝ විරුද්ධකම් මත අයිතිවාසිකම් අහිමිව තිබූ යම් දෙයක් ලැබීමටද හැකිය. තමාගේ දියුණුවට කටයුතු සැලසේ. වෙනත් උරුමකරුවන්ටද සුළු සුළු ලැබීම් තිබුණත් තමාගේ කොටස හෝ අයිතිය නිරවුල්ව ලැබේ. එහෙත් වංචා ප්‍රයෝගවලට හසුවීමේ හැකියාවක් ඇතිවිය හැකිය. එයින්ද යම් ලාභයක් ලැබීමට පුළුවන. වංචා සහගත වැඩ එළිදරව් වීමටත් ඒවා ප්‍රසිද්ධ වීමටත් හැකි බැවින් කල්පනාවෙන් වැඩ කරන්න. යම් දෙයක වැරදිකරු තමා යැයි තීන්දු වීමක් දැකිය හැකිය. උසාවියකට ඉදිරිපත්වීමට ඉඩ ඇති බවක්ද පෙනේ. ගමන් බිමන් අධික වේ. එක තැනක සිටීමට අකැමැති වේ. ජීවිතයේ අලුත් කාලපරිච්ඡේදයක ආරම්භය වේ. සමහර විට තිබුණු වාසනාව නොපිට පෙරළෙනු ඇත. දේශපාලනයේ නියුතු අයට ඉතා අශුභයි.

 

ශුභ දිනය :- සඳුදා

ශුභ වර්ණය: සුදු පාට

ජය අංක - 07, 15

 

 

වෘෂභ

 

දිගින් දිගටම පවතින කනගාටු ගතියක් අතින් නිතරම අගහිඟතා පැවතිය හැකි සතියකි. දරුවන්ටද එතරම් ශුභ බවක් නොපෙනේ. දුර පළාතකට ගමන් කිරීමක් යෙදෙනු ඇත. වැඩිහිටියන්ටද, ස්වාමියන්ටද යටත්වීමට සිදුවනු ඇත. හිතවත් ඥාතියකුට තරමක් අපලයි. කල කෝලාහලවලින් දුරස්ව සිටින්න. හදිසි අනතුරු, උසකින් වැටීම් සිදු විය හැකි බැවින් බොහෝ කල්පනාකාරීව විසීම යහපති. බොරු චෝදනාවලට ලක්විය හැකිය. බලාපොරොත්තු බිඳ වැටීමටද ඉඩ ඇත. තිබුණ පිළිගැනීම තරමක් අඩුවී යාහැකිය. සතුරු කරදර නිසා ස්ථාන හැරයෑමකට සිත් වේ. මිත්‍රයකු සම්බන්ධව අශුභ ආරංචියක් අසන්නට සිදු වේ. අශීලාචාර අයකුගෙන් අපහාසයක් හෝ කරදරයක් විඳීමට සිදුවනු ඇත. ඥාතීන්, ස්ත්‍රීන් තමා ගැන සතුටට පත්වේ. සුළු වශයෙන් හෝ වස්තු ලාභයකට හේතුයි. අන්සතු වස්තුවක් හිමිවීමට ඉඩ ඇත. මව ඇසුරේ වැඩි කාලයක් ගෙවීමට සිදුවිය හැකිය. මවගෙන් උපකාර ද ලැබේ. 

 

ශුභ දිනය: ඇඟහරුවාදා

ශුභ වර්ණය රතු පාට

ජය අංක:- 03, 12

 

 

මිථුන

 

පෙර තිබුණු තත්ත්වයට වඩා දියුණුව කරා ගමන්කිරීමේ හැකියාවක් මිථුන ඔබ මෙම සතියේ ඇති වේ. විශේෂයෙන්ම ලැබීම් පක්ෂය ඉහළ යනු ඇත. මුදල් අතින් අගහිඟකම් අඩුවීමට නියමයි. තෑගිබෝග ලැබීම් මෙන්ම ලබාදීම් ද සිදු විය හැක. රෙදිපිළි වර්ග ඒ අතර ප්‍රධාන වේ. විටෙක නපුරු වැඩ කිරීමටද සිත යයි. අධර්මයෙන් පවා යම් යම් ලාභ සොයන, ලැබෙන කාලයකි. ස්ත්‍රී පුරුෂ හිතවත්කම්, බැඳීම් තරවෙනු ඇත. පෙම් සබඳතා වලට හේතුයි. ව්වාහ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු වීමට ඉඩ ඇත. අලුත් මිත්‍රයන් ඇතිවේ. ගේ දොර ඉඩකඩම් ආදී ලාභ ලැබීමට ඇති අවකාශ බොහෝය. රැකියා තනතුරු ස්ථිර වන ලකුණු යෙදේ ජීවිතයේ දීප්තිමත් කාලයක ආරම්භය සිදුවේ. උසස් මිත්‍රයන්ගේ ඇසුර ලැබීමටද පුළුවන මහන්සියෙන් කළ වැඩ කටයුතුවල ප්‍රතිඵල ලැබෙන සතියකි. ගොවිතැනින් විශේෂ වාසි ලැබිය හැකි බැවින් ගොවි මහත්වරු ඒ සඳහා උනන්දු වීම වටී. තමාට හෝ පවුලේ ළඟම ඥාතියකුට දරු ලාභයක් ඇතිවීමට නියමයි.

 

ශුභ දිනය :- බ්‍රහස්පතින්දා

ශුභ වර්ණය සුදු පාට

 ජය අංක:- 09, 27

 

 

කටක

 

 

සේවා ස්ථානයේ ප්‍රධානියා සමග හෝ සමජයේ වෙනත් උසස් අයකු හා බහින් බස්වීමක් හෝ ආරවුලක් ඇතිකර ගැනීමක් කටකයෙන් පෙන්නුම් කරයි. එසේම තම සේවකයන් සමඟද ගැටලු ඇතිවිය හැකිය. යටත් සේවකයන්ගේ සේවය නිසි ආකාරයෙන් සිදු නොවන්නට ඉඩ ඇත. ශරීරයේ අසනීප ගති මතුවීමට කරුණු යෙදේ. අලුත් වැඩක් හෝ රැකියාවක් සොයා මහන්සි වීමට සිදුවේ. අයහපත් අය හා ඇසුරට වැටීමේ වැඩි ඉඩක් පවතියි. කවුරුන් හෝ තමාට විරුද්ධව කේලාම් කීමක් නිසා තද සිත් තැවුලක් ඇතිවිය හැක. නරක සිරිත් විරිත්වලට ඇබ්බැහි වීමට ඉඩ ඇත. මේ අතරම කරගෙන යන යම් වැඩකින් සැනසීමක් ලද හැකිවේ. ලද පමණින් සතුටු වියයුතු සතියකි. විශාල ආයෝජනවලට එතරම් ශුභ නොවනු ඇත. රසවත් කෑමබීම ලැබීමටද ඉඩ ඇත. රැකී රක්ෂාවල් යහපත් වන්නේ වී නමුදු වියදම ඉහළ යා හැකිය. ඉගෙනීමේ කටයුතු වලට බාධා ඇතිවිය හැකි බැවින් දැඩි උනන්දුවක්, උත්සාහයක් ඇති කර ගැනීම වටී.

 

 

ශුභ දිනය: සිකුරාදා

ශුභ වර්ණය: ළා නිල් පාට

ජය අංක:- 06, 15

 

 

 

සිංහ

 

ගොවිතැනින් අපේක්ෂිත ලාභ නොලැබීයන, ඇති කරන තිරිසන් සතුන්ට විපත්ති කර කාලයක් සිංහ ලග්න හිමි ඔබට අත්විඳීමට සිදුවේ. මිල මුදල්වලින් අසීරු සතියකි. ගමන් බිමන්වලදී කරදර අනතුරු සිදු විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. නීතියෙන් කරදර ඇති වීමට ඉඩ ඇත. ප්‍රයෝජනයක් නැති දෙයකට මහන්සි වීමට සිදු වේ. යම් අසනීපයකටද හේතුයි. දුකද, කනගාටුවද වරින් වර ඇතිවේ. මවුපිය වැඩිහිටියකුට හෝ හිතවත් අයකුට තරමක් අපලයි. ගෙදරින් පිට වීමට සිතේ. ස්ථානය හැර යෑමට බොහෝ ඉඩ ඇත. ගුරුවරයකුගේ අසනීපයක් ගැන ඇසීමට සිදුවේ. තැන්පත් ධනයටද හානි වේ. අය වැය තුලනය කර ගැනීමට උනන්දු වන්න. ඊර්ෂියාකාරයින් වැඩිවේ. හොඳ මුහුණ පෙන්වා යටින් උගුල් අදින්නන්ගේ වැඩිවීමක් දැකිය හැකිය. හෘදයාබාධයක් වැනි රෝගයක් ඇතිවිය හැකි බැවින් ඒ ගැන අවධානය යොමු කරන්න.මිත්‍ර ඇසුරක්ද, තෑගි බෝග ලැබීමක්ද විය හැකිය. වාද විවාද වලින් ජය අත්වේ.

 

 

ශුභ දිනය - සඳුදා

ශුභ වර්ණය: - දම් පාට

ජය අංක- 07, 16

 

 

 

කන්‍යා

 

උසස් අය හා අමනාප වීමක්, මත භේද ඇතිකර ගැනීමක් පෙන්වන සතියකි. කන්‍යා ලග්නයෙන් උපන් අයගේ රැකී රක්ෂා කටයුතුවල ගැටලු ඇතිවීමට හේතුයි. කරදර අධික වේ. ලැජ්ජාවක් හෝ අවනම්බුවක් විඳීමට කරුණු යෙදේ. තනිවී සිටීමට සිදු විය හැකිය. ණය වීමට හෝ තිබෙන ණය ගෙවා ගැනීමේ අපහසුතා මතුවේ. වෙහෙසකර දුර ගමනකට හේතුයි. ඒවා නිෂ්ඵල වීමටද ඉඩ ඇත. දෛනික වැඩ කටයුතුත් වෙළෙඳ ව්‍යාපාර ආදියත් ඉතා දුකසේ දැඩි පරිශ්‍රමයකින් කරගෙන යෑමට සිදු විය හැකිය. එසේ වුවද අවසානයේ එයින් මහත් ප්‍රයෝජන ලැබීමට හේතුයි. නියම පෝෂදායි ආහාර ලැබීමේ අඩුවක් පවතියි. පවුලේ කිහිපදෙනකුටම අසනීපවලින් පෙළීමට සිදුවිය හැකිය. සමහර විට එම අසනීප අමුතු ඒවා විය හැකිය. සතිය මැද පමණ වන විට ශරීර සෞඛ්‍යය යහපත් අතට හැරී වාසනාව උදාවීමට පුළුවන. ලොකු මුදල් ලාභයක් ලැබීමට ඉඩ ඇත. එය අනුන්ගෙන් ලැබීමක් හෝ හදිසි ධන ලාභයක් විය හැකිය.

 

ශුභ දිනය:- බ්‍රහස්පතින්දා

ශුභ වර්ණය - ක්‍රීම් පාට

ජය අංක: -09, 36

 

 

තුලා

 

 

අලාභ හානි, කල කෝලාහල, සතුරුඛ්ය සහිතව ඔබට මෙම සතිය ගෙවීයනු ඇත. මිතුරන් සමඟ ආරවුල් ද පැන නඟිනු ඇත. සිත් තැවුල් ඇතිවීමට නියමියි. යටි බඩේ හෝ ඇස්වල අපහසුතා ඇතිවිය හැක. හදිසි අනතුරුවලින් ප්‍රවේශම් විය යුතු සතියකි. අඹු දරුවන් සමඟ ගැටණු මතුවිය හැකිය. නිවස තුළ ඉවසීමෙන් කටයුතු කිරීම වටි. සිතේ සැනසීම අඩුවීය හැක. ගොවිතැන් කටයුතු අසාර්ථක වීම් හෝ පාළුවීයෑමක් දැකිය හැකිය. නිෂ්ඵල ගමන් බිමන් යෙදෙනු ඇත. හමේ රෝග, කුෂ්ඨ රෝග කැසීම් වැනි තත්ත්වයන් ඇතිවිය. හැකිය. යම් ලාභයක් ලැබෙන්නේ නම් ඒ සුළු සුළු ලාභ විය හැකිය. බලාපොරොත්තු වූ දෙයක් ලැබේ. එයින් යම් පමණකට සිතේ සතුටක් ඇතිවේ. මහන්සි වී වැඩ කිරීමට සිදුවේ. ලේඩක් හෝ ලෙඩක් පිළිබද කතිකාවක් ඇතිවිය හැකිය. සේවකයකුගෙන් හෝ පහත් අයකුගෙන් යම් වැඩක් කර ගැනීමට සිදුවේ. සති මැද හොඳ ප්‍රණීත සංග්‍රහයක් භුක්ති විදීමට හැකිවේ. සතුරන් පරදා ජය ලැබීමකට හේතුයි.

 

ශුභ දිනයා - සදුදා

ශුභ වර්ණය - සුදු පාට

ජය අංක - 33, 51

 

 

වෘශ්චික

 

 

 

වාසනාවන්ත සතියක ආරම්භය වර්ශ්වික ලග්න හිමියන්ට උදාවේ. ශරීර සනිපය ඇතිවේ. රැකියාවන් ලැබීමද කරන රැකි සතුටින් තෘප්තියෙන් කරගෙන යෑමටද හැකිවේ. පංචකාම සම්පත්තින්ම තමන්ට රිසිසේ භුක්ති විදීමට  භාගය උදාවිය හැකිය. උත්සව, පිය සම්භාෂණ ආදියට සහභාගිවනු ඇත. සතුරු කරදර පහවයන ලකුණූ. ණයට දුන් මුදලක් ලාභ සහිතව ලැබීමට නියමිතයි . තනතුරු ලැබීමේ වාසනාව ඇති සතියකි. ස්ත්‍රී පුරුෂ ආශ්‍රය වැඩි වේ,ප්‍රේම සම්බන්ධතාවලට සුබයි . විවාහ සහකරුගේ ආලය නොඅඩුව ලැබේ.ආදායම හොඳවේ. වියදම් අඩු සතියකි. තරග විභාග ආදියෙන් ජයගත හැකිය. තමාගේ ප්‍රකාශන අන් අය විශ්වාස කරන හෝ පිළිගන්නා කාලයක් බැවින් නිවැරදි දේ පමණක් ප්‍රකාශ කිරීම වටියි. තමාට අවශ්‍යව තිබුණු බඩු මුට්ටු මිලදී ගැනීමට ශුභ සතියකි. මෙහෙකරුවන් අපේක්ෂාවෙන් සිටියේ නම් බලාපොරොත්තු ඉටුවේ. සාමාන්‍ය සැප විඳීමට භාග්‍යය හිමි වේ. සතුටුදායක ආරංචි ලැබේ.

 

ශුභ දිනය:- බදාදා

ශූභ වර්ණය:- කොළ පාට

 ජය අංකඃ- 24, 33

 

 

ධනු

 

ඉවසිලිවන්තව කටයුතු කළයුතු තරමක අපලකාරී අවධියක් ධනුවට උදාවන බවක් පෙන්නුම් කෙරේ. ආදායම් ලැබීම අතින් මෙම සතිය යහපත් යැයි කිව නොහැක. කරදරවල පැටලීමේ නිමක් නැති විය හැකිය. නිකරුණේ ආරවුල් මතුවිය හැකිය. දරුවන්ට ද තරමක අපල කාලයකි. සමහරවිට අඹු දරුවන්ගෙන් ඈත්ව සිටීමට සිදුවිය හැකිය. පිට පළාතකට ගොස් වාසය කිරීමට ද සිත්වේ. දරුවකු ගෙදරින් පිටව යෑමට ද ඉඩ ඇති සතියකි. නඩු හබ ආදියෙන් ද ජය අත්වීමක් දැකිය නොහැක. උදරාබාධයක් ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. බෝවන රෝග, වසංගත වයිරස් රෝගවලට පහසුවෙන්ම ගොදුරු විය හැකි බවක් පෙන්නුම් කෙරේ. රැවටීමකට මුළා වීමකට ලක්විය හැකිය. හදිසි ගමන් බිමන් අධික වේ. ආදර සම්බන්ධතා  ඇතිවිය හැකි සතියකි. අලුතින් යම් කටයුතු කීපයක් ආරම්භ කිරීමට සිදුවේ. තම උගත්කම ද හපන්කමද රටට ලෝකයට පෙන්වීමට ඉඩ ලැබෙන බවක් පෙනේ.

 

ශුභ දිනය:- බ්‍රහස්පතින්දා

ශුභ වර්ණය කහ පාට

ජය අංක- 09, 54

 

මකර

 

මවුපිය වැඩිහිටියන්ගේ අමනාපයට තුඩුදෙන කරුණු මකර ලග්න හිමියන්ට ඇතිවිය හැකි හිතට දුක්පීඩා කරදර ආදිය දැනෙනු ඇත. ඥාතීන් හා මිත්‍රයන් ඈත්ව යෑමක් පෙන්නුම් කරයි. වැරදි පුරුදු වලට ඇබ්බැහි වීමට ඇති ඉඩකඩ බොහෝය. තත්ත්වයට නොගැළපෙන පහත්  අය හා ඇසුරට වැටේ. හිතට බියක් දැනෙනු ඇත. විවිධ අසනීපයන් වැලඳීමේ අවදානමක් ඇති සතියකි. බිරියට හෝ ස්වාමියාට ප්‍රබල අපල තත්වයක් හෝ ඔවුනොවුන්ගෙන් වෙන්වීමක් සිදු විය හැකිය. තම සතු වස්තුව ශීඝ්‍රයෙන් අහිමිවී යාමක් විය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. විස ශරීරගත වීමක් නිසා අසනීප වූ ඥාතියකු පිළිබද  අසන්නට සිදුවේ. හෘද ස්පන්දනය වැඩිවීමක්, තිගැස්මක් හෝ අනියත බියක් ඇති විය හැකිය. හෘද රෝගවලින් පීඩාවිඳින අය වඩාත් ප්‍රවේශම්  වියයුතු කාලයකි. ගෙවතු වගා, ගොවිතැන් වැඩ කරන අයට යහපත උදාවේ. යහපත් පොරොන්දු, ගිවිසුම් ආදිය නිසා හිතට සැනසිල්ලක් ලැබෙනු ඇත.

 

ශුභ දිනය - සඳුදා

ශුභ වර්ණයඃ - සුදු පාට

ජය අංක - 06, 24

 

 

කුම්භ

 

ධන ලාභද යහපත් මෙහෙකරුවන්ද, චිත්තප්‍රීතියද දියුණුවද, ඇතිවන ශුභ සතියක් කුම්භ ලග්නයෙන් උපන් ඔබට උදාවේ. නිරෝගී බවද අත්විය හැකිය. දේපළ ලාභ, අයිතිවාසිකම් මෙන්ම උසස් අයගේ ආශ්‍රයටද හේතුයි. ඇඟට දැනෙන විශාල ලාභයක් සඳහා ඉඩ පවතී. හොඳ නම රැකගැනීමත් නම්බුව ආරක්ෂා කරගැනීමත් සිදුවේ. ආදායම ඉහළ යයි. යහපත් මිතුරන් ලැබේ. පවුලේ දියුණුව උදාවේ. භූමි ලාභවලටද හේතුයි. විශේෂයෙන් මැණික්, මිනිරන් වැනි ඛනිජ වර්ග ලැබේ. ගොඩනැගිලි සඳහා අත්තිවාරම් දැමීමක් හෝ එවැන්නකට සහභාගි වීමක් පෙන්නුම් කරයි. සමීප වැඩිහිටියකු සතු දේපොළක් හදිසියේ ලැබීමට ඉඩ ඇත. මංගල උත්සව සඳහා ආරාධනාවක් හෝ සහභාගි වීමක් පෙන්නුම් කරයි. චිත්‍ර ශිල්පීන්ට තම වටිනා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට ශුභ සතියකි. පුවත්පත් කලාවේදීන්ට කතෘවරුන්ට හා රචකයන්ට ඉතා ශුභ සතියකි. සාරගර්භ රචනාවන් ඉදිරිපත් කිරීමටත් එයින් ජනප්‍රසාදය වැඩිවීමටත් හේතුයි.

 

ශුභ දිනය:- බදාදා

ශූභ වර්ණය කොළ පාට

ජය අංකඃ-14, 23

 

මීන

 

ධන ලාභ නැතිවේ. නිකරුණේ මුදල් වැයවන බවක් මීන ලග්න හිමියන්ට පෙන්නුම් කරයි. සමහරවිට තම ධනය අනුන් විසින් පැහැරගනු ලබයි. ණයට දුන්දේ ආපසු නොලැබීමට හෝ පමාවීමට ඉඩ ඇත. දුරදිග නොබලා කරන කතා නිසා ආරවුල් හෝ අවාසි සිදු විය හැකිය. සමගියෙන් සිටි කෙනෙක් විරුද්ධ විය හැකිය. හිතවතුන්ගේ ආශ්‍රය අඩුවේ. නොඑසේ නම් ඈත්වේ. ශරීර සනීපයටද එතරම් ශුභ බවක් නොපෙනේ. තද ලෙස කේන්ති යනු ඇත. දත්වල ආබාධ ඇති විය හැකිය. ප්‍රබල වචන පිටවීමට ඉඩ තිබේ. සමහර විට තදබල අසනීපයක් වැලඳීමට පුළුවන. විවාහක අයගේ සහකරුටද අශුභ ගෙනදිය හැකිය. ගර්භණී අවධියේ සිටින කාන්තාවන් වඩාත් ප්‍රවේශම් වියයුතු කාලයකි. කරදර සහිතව දින ගෙවීයයි. කෑම බීම සම්බන්ධ අපහසුතා මතුවිය හැකිය. සහෝදරයින්ට සැප ලැබේ. හොඳ ආධාරකරුවන් ලැබීමට නියමයි. අසල්වැසියන්ගෙන් හොඳක් ඇසීමට හෝ ඔවුන්ගේ හොඳ හිත දිනා ගැනීමට හැකි සම්බන්ධ අපහසුතා මතුවිය හැකිය. සහෝදරයින්ට සැප ලැබේ. හොඳ ආධාරකරුවන් ලැබීමට නියමයි. අසල්වැසියන්ගෙන් හොඳක් ඇසීමට හෝ ඔවුන්ගේ හොඳ හිත දිනා ගැනීමට හැකි සතියකි. හිතවත් ඥාතියකුට අපලයි.

 

ශුභ දිනය- අඟහරුවාදා

ශුභ වර්ණයඃ- රතු පාට

ජය අංකඃ- 03, 12

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk