Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

හැරගිය අය දෙපාමුලට ගෙන්වන ‍ණෛකී ලම්බේ ගුරුකම

1 year ago 7 Min read
Subha.lk

“අප සමජයේ බොහෝදුරට “අනියම් සබඳතා හෝ නැතිනම් වෙනත් කරුණු කාරණා මත පවුල් ආරවුල් ඇති වී බිරිය ස්වාමියා අත්හැර යෑම නැතිනම් ස්වාමියා බිරිය අතහැර යෑම පමණක් නොව පෙම්වතා පෙම්වතිය හැර යෑම සහ පෙම්වතිය පෙම්වතා අත්හැර යෑම බොහෝදුරට අපට දැකගත හැකිය.”

 

මෙම නිසා සමහර විට තම ජීවිතවලින් පවා වන්දි ගෙවන අද ඒ අතර වේ. එවැනි අවස්ථාවලදී දේවාල වල කපු මහත්ම මහත්මීන් හා යකැදුරන් ද හමුවී නොයෙකුත් ගුරුකම් කටයුතු කරන අයද සිටිති. ඒවා සාර්ථක හෝ අසාර්ථක වෙන අවස්ථාද නැතිවාම නොවේ.

 

එවැනි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි පාරම්පරිකව පැවැත එන ගුරුකමක් වන නෛකී ලම්බේ ගුරුකම මා අත්දුටු සාර්ථක ප්‍රතිඵල ගෙන දුන් ගුරුකමකි. එය ඔබගේ දැනගැනීම පිණිස මෙම පුවත්පතෙහි පළ කර සිටින්නෙමි. මෙය මන්ත්‍රයක්ම නොව තන්ත්‍රයකි.

 

 “ණෛකී ලම්බේ මන්ත්‍රය”

ණෛකී ලම්බේ ත්‍රී සන්තකෝ උල්ක්‍රලාඩග් කොහෝන් සිවගුරුනී අංප්‍රේස්ක එර්දපූ සර්වලෝකෝ සුර්ල සුඩගුරු සුර්ලලියුම් නාකීර පබාකී සාලකූ සලකං කී මුරුංච් (හැරගිය අයගේ නම්) ව තමාගේ නමට හිටු.... තඹ කොළයක සිකුරාදා දිනයක සිකුරු හෝරාවේදී හැර ගියේ පුරුෂයා නම් පුරුෂ රූපයක් ඇඳිය යුතුයි. හැර ගියේ ස්ත්‍රිය නම් ස්ත්‍රී රූපයක් ඇඳිය යුතුයි. රූපය ඇඳ පපුවේ නම ලිවිය යුතුයි. රූපයට පහළින් පස්මුළු යන්ත්‍රයද ඇද එහි පංචාරක්‍ෂර පිහිටුවා (ආ.ඊ.ඌ.ඒ.ඕ.) එහි මැදද නම ලිවිය යුතුයි. පිරිසුදුව මල් බුලත් පුටුවක් සාදාගෙන එයට හඳුන්කූරු, පුරු, පිනි දියර, බුලත් 21, පඬුරු 21ක්, ඇට ඇටි ජාති 5ක්, දිය ගොඩ මස්, කැවිලි ජාති 5ක්, පලතුරු ජාති 5ක් පුදා තැඹිලි තෙලින් සූනියම් දෙවිඳුන් මුල්කර පහන් දල්වා ජීවම් කිරීම කළ යුතුයි. යන්ත්‍රය ජීවම් කර ගැනීමට ප්‍රථමයෙන් දුම්මල ටිකක් ගෙන මන්ත්‍ර දිෂ්ටිය, මන්ත්‍ර ප්‍රාණය, මන්ත්‍ර සිද්ධිය මන්ත්‍ර පුට කිරීම හා නවනීල දිෂ්ටිය, රාම දිෂ්ටිය සහ මදන මෝහිනී දිෂ්ටිය දුම්මල මතුරා ගත යුතුයි. (108 බැගින්) සිකුරාදා දිනයක සිකුරු හෝරාවෙන් ජීවම් කරන්න, යන්ත්‍රය මේ මන්ත්‍රයෙන් 1008 වරක් මතුරා ගත යුතුය. ඉන්පසු මැටි වළඳක් ගෙන ඒ තුළට දමා ළිප තබා පස් පැගිරි දරවලින් දින 14ක් උදේ. දවල්, රාත්‍රි කාලය (වරු තුනක්) රත් කරන්න. හැරගිය පුරුෂයා හෝ ස්ත්‍රිය වහා පැමිණේ. මේ ගුරුකම කිරීමේදී ආධුනික පළ පුරුදු නොමැති අයකුට මෙය කළ නොහැකිය. එබැවින් දක්‍ෂ මන්ත්‍ර ශාස්ත්‍රය ප්‍රගුණ කළ අයකු ලවා මේ ගුරුකම කරගැනීමට අමතක කරන්න.

 

පාරම්පරික ගුප්ත වෛද්‍ය

තිස්ස ෆොන්සේකා

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk