Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වෙදැඟිල්ල බලා කියන සාත්තරේ...

1 year ago 7 Min read
Subha.lk

“වෙද ඇගිල්ලේ තුඩ වෙද ඇඟිල්ල දබර ඇඟිල්ලේ තරමට දික්ව ඇති විට ඔවුහු කලබලකාරී පැවැතුම් සහිත අයවෙති. දියුණු වීමට සිහින මවන නමුත් ඔවුනට ප්‍රතිඵල ලැබීමට අසීරුවේ.”

 

ත්ලේ ඇඟිලි අතරින් තවත් ඇඟිල්ලක් පිළිබඳවයි අද විස්තර කරන්නේ. ඒ වෙද ඇඟිල්ල පිළිබඳවයි. පරීක්ෂා කරන විටදී මෙම ඇඟිල්ල වැඩි වශයෙන්ම භාවිත කරන නිසා ඒ නම ලැබෙන්නට ඇති. කෙසේ වුවත් වෙද ඇඟිල්ලෙන් සංකේතවත් වන්නේ විචාර බුද්ධිය, කලාකාමිත්වය, ජයග්‍රහණ, කරුණාව, ගෞරවය හා සර්වසුබවාදී ලක්ෂණ වෙයි.

වෙද ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුක හිමිවන්නේ කටක රාශියටයි. එම පුරුකට හිමි සලකුණක රූප සටහනින් දක්වා ඇත. නිය ඇති පුරුක අනික් පුරුක් දෙකට වඩා දිගින් වැඩි නම් උසස් ගති පැවැතුම් වලින් යුක්ත අයෙක් වෙයි. එසේම ඔවුන්ට නොයෙකුත් කලා ශිල්ප හදාරන්නට දක්ෂතාවක්ද ඇත. නිය සහිත පුරුක දිගුව වැඩී ඇති විට ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුණයෙක් වන අතර සරාගී බවද පෙන්නුම් කරයි. කෙසේ වුවත් ඔවුහු කුමන අයුරකින් හෝ ජීවිතය සාර්ථක කර ගනිති.

වෙද ඇඟිල්ලේ දෙවැනි පුරුක අයත් වන්නේ සිංහ රාශියටයි. එයට අදාළ සලකුණක් සටහන් කර ඇත. දෙවැනි පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිගින් වැඩි නම් ඔවුනට මූර්ති ශිල්පය, කැටයම් කලාව, බතික් කලාව ආදී කලාවන්හි දක්ෂතාවක් ඇත. කීර්ති ප්‍රශංසා ලැබිය හැකිවෙයි. ඔවුන් බොහෝ උද්‍යෝගිමත්ය. ඔවුන්ට ශිල්ප ශාස්ත්‍ර හොඳින් පිහිටන අතර එමඟින් යහපත් ප්‍රතිඵලද ලබාගනී. ප්‍රියජනක පුද්ගලයන් වේ. මැද පුරුක කෙටිව පිහිටන්නේ දුසිරිතෙහි ඇලුණු පුද්ගලයන්ගේය. අන්‍යයන්ගේ බසට ද ඔවුන් අවනත නොවේ.

තුන්වැනි රාශිය කන්‍යා රාශියට අයත් වන අතර එයට අදාළ සලකුණද ඔබ දකින්න ඇති. එම පුරුක අනෙක් පුරුක් දෙකකට වඩා දිගින් වැඩි නම් ඔවුහු සුළු දෙයකින් පවා කලබලයට පත්වන්නෝ වෙති. වඩා ශක්තිමත් ලෙස වෙද ඇඟිල්ල පිහිටීම ඉතා සුබදායකය. එසේ පිහිටා ඇති අය සර්ව සුබවාදී දෘෂ්ටි කෝණයකින් ජීවිතය දෙස බලයි. කලාකාමී අදහස් ඔවුන් තුළ ඇත. ප්‍රසිද්ධ ලේඛකයන්, කලාකරුවන් වැනි අයගේ අත්වල එවැනි ලකුණු දැකිය හැකිය. වෙද ඇඟිල්ල කෙටිවීම සුබ පිහිටීමක් නොවන අතර එමඟින් ආත්මාර්ථකාමී, කුහක අයෙක් හඳුන්වාදෙයි. වෙද ඇඟිල්ල හතරැස් ආකාරයට පිහිටියේ නම් ඔවුන් නොයෙකුත් කර්මාන්තයන්හි දක්ෂයෝ වෙති. තර්ක ඥානය හා කථිකත්වයක්ද ඔවුන් තුළ ඇත. රංගන හා නැටුම් ශිල්පියට දක්ෂ අයගේ වෙද ඇඟිල්ල උල් ආකාරයට පිහිටා තිබෙනු දැකිය හැකිය.

වෙද ඇඟිල්ල දබර ඇඟිල්ලේ තරමට දික්ව ඇති විට ඔවුහු කලබලකාරී පැවැතුම් සහිත අය වෙති. දියුණු වීමට සිහින මවන නමුත් ඔවුනට ප්‍රතිඵල ලැබීමට අසීරුවේ. කෙටි වෙද ඇඟිල්ලක් පිහිටි විට ඔවුන් කලාකාමී අදහස් වලින් තොර උදාසීන හා අපකීර්තියටද පත්වෙනු ඇත.

 

වෙද ඇඟිල්ලේ තුඩ කෝණාකාර වීමද සුඛ පලදෙන පිහිටීමක් වෙයි. එවැනි අය නව නිර්මාණයන් බිහි කිරීමේ දක්ෂකයෝ වෙති. එම ඇඟිල්ල මැද ඇගිල්ලේ තරමටම දික්වු අය සුදු ක්‍රීඩා යෙදීමෙන් ජය ලබන්නෝය.

 

 

වෙද ඇඟිල්ලේ පුරුක් තුනම සම්බන්ධ වන ආකාරයෙන් උඩසිට පහළට සියුම් රේඛාවක් වැටී තිබීම ඉතාමත් සුබ පිහිටීමක් ලෙස සඳහන් වෙයි. ගේ දොර, ඉඩකඩම්, යාන වාහන ලබා සැපවත් ජීවිතයක් ගත කිරීමට එය හේතු වනු ඇත. ඔවුහු සමාජයේ උසස්, නැණවත් පුද්ගලයෝද වෙති. වෙද ඇඟිල්ලේ මුල් පුරුකේ අඩසඳක් වැනි සලකුණක් තිබීම අවාසනාවන්තය. කොතරම් වෙහෙසුණත් ඔවුනට දියුණු විය හැකි නොවේ. කුරුසයකට සමාන ලකුණක් ඇත්නම් ධනය විනාශ කරගනී.

මැද පුරුකේ මුදුවක සමාන රේඛාවක් වැටී ඇත්නම් හෝ මොනයම් ක්‍රමයකින් හෝ ප්‍රසිද්ධියට පත්වෙයි. එම පුරුකේ කතිරයක ලකුණක් තිබේ නම් එමඟින් ප්‍රකාශ වන්නේ එම තැනැත්තා බොහෝ විට අන් අයගේ බසට මුළා වන බවයි. වෙදැගිල්ලේ දබර ඇඟිල්ල තරමටම දිගු වුවහොත් අධික ආශා ඇත්තකු වන අතර හදිසි ධන ලාභ ආදියටද හේතු වෙයි.

විවාහ මංගලයක් සිදුවන අවස්ථාවේ මංගල මුදු මාරු කිරීම් පැරැණි කාලයේ සිටම පැවත එන සිරිතකි. මනමාලයා විසින් මනමාලිගේ වෙද ඇඟිල්ලෙත් මනමාලිය විසින් මනමාලයාගේ වෙද ඇඟිල්ලෙන් මංගල මුදු පලඳනවා

ඔබ දැක ඇති, මංගල මුදුව වෙඳ ඇඟිල්ලේම පලඳවන්නේ වෙද ඇඟිල්ල සහ හදවත අතරේ සමීප සම්බන්ධයක් ඇති බැවිනි. හදවතේ සිට වෙද ඇඟිල්ල දක්වා දිවෙන රුධිර නාළයක් ඔස්සේ වෙද ඇඟිල්ලේ පලඳවන මුද්දෙහි ආකර්ෂ ණය කෙළින්ම මනාල යුවළගේ හදවත් වලට පිවිසෙන බවට එදා සිටම ජනයා අතර විශ්වාසයක් පවතී. මේ නිසා අතේ පිහිටි ඇඟිලි පහ අතර වෙද ඇඟිල්ල විශේෂ ස්ථානයක් ගනී.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk