Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රවි බලවත් වන අගෝස්තු මාසයෙන් ඔබ්බට අරගලය

1 year ago 7 Min read
Subha.lk

ෙමම අගෝස්තු මාසෙය් ප්‍රධාන වශයෙන් ග්‍රහ මාරුවීම් 4ක් සිදුවේ. රාජ්‍ය කාරක රවි අගෝස්තු 17 දින සිය ස්වක්ෂේත්‍ර සිංහ රාශියට මූලත්‍රිකෝණ බලයෙන් යුතුව ජිවියේ කුජ ග්‍රහයා සිය ස්වක්ෂේත්‍ර මේෂ රාශියෙන් නික්මී වෘෂභ රාශියට පිවිසීම අගෝස්තු 10 වැනිදා සිදුවේ. බුධ ග්‍රහයා සිය උච්ච රාශිය වූ කන්‍යා රාශියට මූලත්‍රිකෝණ බලයෙන් යුතුව 21 වැනි දින පිවිසේ. සිකුරු ග්‍රහයා 7 වැනි දින සිය සතුරු රාශියක් වන කටක රාශියට පිවිසීමත් සමඟ අගෝස්තු මාසය තුළදී රාජ්‍ය තන්ත්‍රයෙහි බලය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ විවිධ අණපනත් සම්මත කර ගැනීමේ අවස්ථා උදාකර ගනු ඇත. අගෝස්තු මාසය ආරම්භයේදී රාජ්‍ය කාරක රවි කටක රාශියෙහි මිත්‍ර ස්වරූපයෙන් සිටී. එම මිත්‍ර ස්වභාවයද දුර්වල තත්ත්වයක පැවැතීම හේතුවෙන් අගෝස්තු 17 දින දක්වා අරගලයෙහි සෙවණැලි රාජ්‍ය තන්ත්‍රයට වරින්වර අභියෝග කරනු ඇත. එනමුත් අගෝස්තු 17 දිනයෙන් පසු එළැඹෙන මාසයක කාලය රවි ග්‍රහයා ස්වක්ෂේත්‍රව මූලත්‍රිකෝණ බලයෙන් යුක්තවීම හේතුවෙන් රාජ්‍ය අන්තයට එරෙහි බලවේග වර්දනය කිරීමට රජය සමත්වන සින් එ බැවේගවලට කායකත්වය දුන් අද නීතිය හමුවට ඉදිරිපත් වනු ඇත. අරගලයෙන් අපේක්ෂා කළ කිසිවක් මෙවන විට නොලැබී ඇති අතර නවතාත් පොදු ජනපාව අපේක්ෂා භංගත්වයට පත්වී ඇත අරගලයෙන් ලැබුණ දෙයක් නැත නැවතත් සිටි තැනමය වෙනසක් සිදුවී නැත. පොදු ජනතාව සිටි තත්ත්වයට වඩා ආර්ථික සමාජයීය හා දේශපාලන වශයෙන් අපේක්ෂා භංගත්වයට පත්වී ඇත.

කුම්භ ලංකා කේන්දරයෙහි 6 වැන්නට සිකුරු ග්‍රහයා සතුරුව පිවිසීම හේතුවෙන් නැවතත් රෝහල් වලට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වැඩ අධික කාලයක් බවට පත්වෙනු ඇත. එම සිකුරු ලංකා කේන්දරයෙහි 7 වැන්න වූ සිංහ රාශියට සතුරු ස්වභාවයෙන් හා 8 වැන්න වූ කන්ත රාශිය තුළ නීචව ගමන් කිරීම කොරෝනා රෝග ව්‍යාප්තියෙහි සීග්‍ර වර්ධනයක් ඔක්තෝබර් 18 දින දක්වා ඇති වන අතර එයට සමගාමීව මරණ සංඛ්‍යාවෙහිද වර්ධනයක් ඇති වේ. විශේෂයෙන් කාන්තාවන් හා ළමයි. මෙම ඔක්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදයට බඳුන් වේ. මේ තත්ත්වය හමුවේ කාන්තා හා ළමා මරණ වල සීග්‍ර වර්ධනයක් ඇති වීමට ඉඩ ඇති හෙයින් ප්‍රමාද නොවී ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම කාලෝචිත වේ. එම තත්ත්වය හමුවේ ජන රාශි ඇතිවීම වැළැක්වීමට පියවර ගැනීමට සිදුවේ.

ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයෙහි 2 වැන්න මීන රාශියයි. එහි ගුරු ග්‍රහයා නොවැම්බර් අග භාගය දක්වාම වක්‍රව ගමන් කරයි. සාකච්ඡා විනා වැටී ඇති ආර්ථික තත්ත්වය යථාවත් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය තන්ත්‍රය අපොහොසත් වේ. කිසියම් හෝ සහනදායි පියවර රැසක් නොවැම්බර් මස 25 දිනයෙන් පසු ක්‍රියාත්මක වීමෙන් වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට හැකියාව උදාවී කිසියම් සාර්ථක බලාපොරොත්තු මහජන සිත් සතන් තුළ ඇතිවේ. ආනයන සීමා කෙරේ. අපනයන දිර්මත් කෙරේ. නොවැම්බර් මාසයේදී පැහැදිලි ආර්ථික වර්ධනයක් ලබාදීමට ලංකා කේන්දරයේ යෙදෙන ග්‍රහ බලය හේතුවේ. ඒ අනුව සාමාන්‍ය වශයෙන් හෝ ආර්ථික වර්ධනයක් සහිතව 2023 වර්ෂයට පිවිසීමට හැකියාව උදාවෙනු ඇත.

සෑම තැනකම දැකිය හැකි පෝලිම් ක්‍රමවත් වැඩපිළිවෙළකට ක්‍රියාවට නැංවීමෙන් පලදායිතාව අඩු මට්ටමක පැවැතියත් ගැටුම්කාරි තත්ත්වයන්ට විසඳුම් ලබා දීමට රාජ්‍ය තන්ත්‍රය සමත්වේ. මහජනතාව බුද්ධිමත්ව සිතා බැලීමට හැකියාව බුධ ග්‍රහයා කන්‍යා රාශි ගත වීමෙන් ඇති වේ. නැවතත් සුපුරුදු ඉවසීමේ ගුණාංග මහජන සිත්සතන් තුළ ඇතිවේ. බලාපොරොත්තු තැබිය හැකි දේශපාලන වාතාවරණයක් රට තුළ ස්ථාපිත වේ. නමුත් මහජනතාව අරගලයේදී අපේක්ෂා කළ වෙනස නොවුවත් පාර්ලිමේන්තුව තුළ කිසියම් පැහැදිලි වෙනස්කම් රාශියක් ඇතිවේ. දැනට ශනි ග්‍රහයා මකර රාශියෙහි වක්‍ර ගමනක යෙදී ඇත. මකර රාශිය ශ්‍රී ලංකා කේන්දරයෙහි 12 වැන්නයි. එම ග්‍රහ පිහිටීම අනුව අපරාධ, මංකොල්ලකෑම්, ගෙවල් බිඳීම්, සාහසික ක්‍රියා සහ මිනීමැරුම් බහුලවේ. සිරගෙවල් සහ ආරෝග්‍යශාලා තුළ කලබලකාරී තත්ත්වයන් නිර්මාණය වේ. ඒ සමඟම එම ආයතනවල සිදු කළ දූෂණ වංචාද අනාවරණය වේ. ශනි මකර රාශිය තුළ ගමන් කරන කාලය අප රටට යහපත් නොවේ. ඒ අහපත පොදු ජනතාවගේ ජීවිත කෙරෙහි තදින් බලපායි. වසංගත රෝග ව්‍යාප්තිය ඒ අතර ප්‍රධාන වේ.

කුජ ග්‍රහයා ජුනි 27 වැනි දින සිට අගෝස්තු 10 දින දක්වා මේෂ රාශියෙහි ස්වක්ෂේත්‍රව ගමන් කරයි. ජූලි මාසය සම්පූර්ණයෙන්ම කුජගේ දාමරිකත්වයට අවනතව ක්‍රියා කළ ආකාරය අප දුටුවෙමු. එනමුත් 10 දිනයෙන් පසු පෙර පැවැති සටන්කාමීත්වය කුජගෙන් නිරූපණය නොවේ. මැතිවරණ ඉල්ලා සිදුකරන අරගල පලදායි නොවේ. මැතිවරණ අපේක්ෂා පල නොදරනු ඇත. පල දැරීමට නම් වසර දෙකකට වඩා වැඩි කාලයක් ඉවසා සිටීමට සිදුවේ. කුම්භ ලග්න ශ්‍රී ලංකා කේන්දරයේ සිවු වැන්නෙන් විපක්ෂය නියෝජනය කරයි. එය වෘෂභ රාශියයි. අගෝස්තු 10 දින කුජ වෘෂභ රාශිගත වීමත් සමඟ විපක්ෂය උත්සාහ ගන්නා අරගල මෙහෙයුම් සඳහා අපේක්ෂා සහගත ජන සහභාගිත්වයක් නොලැබී යයි. ඒ කුජගේ එඩිතර භාවය මේෂ රාශියේදී මෙන් වෘෂභ රාශියේදී නොපෙන්වන හෙයිනි. ජන අරගල පැවැතියත් ඒවා සාර්ථවයට පත් නොවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk