Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලංකා කුම්භ ලග්න කේන්දරයේ සුබ යෝග රැසක් පක්ෂ-පාට භේද නොමැති අලුත්ම දේශපාලන රටාවක්

1 year ago 7 Min read
Subha.lk

අගෝස්තු 17 වැනි බදාදා පෙ.ව. 7.23ට රව් සිංහයට පැමිණේ. රව් සිය ස්වක්‍ෂේත්‍ර රාශියට පැමිණ සිය බලය විදහා දක්වන අතර ඉතා බලගතු අභිජිත් මුහුර්තය එම වේලාවේ උදාවී පවතී.

රවි ගින්දරට අධිපති හෙයින් සතුරන් මර්දනය වෙයි. රට ගොඩනැඟීම උදෙසා දේශපාලන පක්ෂ භේදයකින් තොරව කටයුතු සිදුවනු ඇත.

ඉහළ තනතුරු බලාපොරොත්තුව සිටි අයගේ බලාපොරොත්තු බොහෝ විට සඵල වෙයි. පාර්ලිමේන්තුව තරමක් උණුසුම් වුවත් රටේ පාලකයා නිවැරදි තීන්දු ගනී.

රට වැටී ඇති තැනින් ගොඩ ගැනීමට අගෝස්තු 19 වැනිදා යෙදෙන මහා බලගතු ග්‍රහ උදාවද හේතු සාධක වෙයි. ග්‍රහලොවේ මව වන සඳු ග්‍රහයා අගෝස්තු 19දා සිකුරාදා උදේ 06.08ට ග්‍රහ ලොව මනමාලිය ලෙස හැඳින්වෙන සිකුරුට අයත් වෘෂ භ රාශියට පිවිසීම මෙම බලගතු ග්‍රහ උදාවයි. එහිදී සදු ග්‍රහයා උච්ච වෙයි. එනම් රජ වෙයි.

සඳු මෙසේ වෘෂභ රාශියේ උච්චව සිටියදී ඉතා බලගතු ග්‍රහ යෝග කිහිපයක්ම කුම්භ ලග්න ලංකා කේන්දරයේ නිර්මාණය වෙයි.

ලංකා කුම්භ ලග්න කේන්දරයේ 2 වැන්නේ ගුරුද, තුන්වැන්නේ රාහුද, හතර වැන්නේ සඳු හා කුජද, හය වැන්නේ සිකුරුද, හත්වැන්නේ රව් සහ බුද්ධද, නවවැන්නේ කේතුද, දොළොස්වැන්නේ ශනිද වේ. දෙවැන්නේ ගුරු ස්වක්‍ෂේත්‍රවද, හතරවැන්නේ සඳු උච්චවද, හත්වැන්නේ රව් ස්වක්‍ෂේත්‍රවද, දොළොස්වැන්නේ සෙනසුරු ස්වක්‍ෂේත්‍රවද මෙම බලගතු තත්ත්වය නිර්මාණය වී ඇත. මෙසේ රවි, සඳු, ගුරු, ශනි බලවත් වීම රටේ අලුත්ම දේශපාලන රටාවකට මුලපිරිමක්ද වනු ඇත.

සස යෝගය, චන්ද්‍ර මංගල යෝගය, වෙෂී යෝගය, බුධ ආදිත්‍ය යෝගය, චාමර යෝගය ආදී බලගතු සුබ යෝග රැසක්ම උදා වී තිබීම රටේ ආර්ථිකය යම් තැනකට ඔසවා තැබීමට හේතුවනු ඇති බවද සාහිත්ම විද්‍යානුකූනුව පෙන්වා දිය හැකිය.

පාට, පක්ෂ භේද සහිත වෛර් දේශපාලනය මැකී ගොස් ජාතික ප්‍රතිපත්තියක පිහිටන පාලනයක් සමඟ පොදු ජනතාවට හිතේ සතුට සහනය ඇතිවන කාලයක් ඉදිරියේදී උදාවනු ඇත.

ඉකුත් 2022 වසර උදා වූයේ මූසල යෝගයෙනි. 2023 වර්ෂය අටවිසි ආනන්ද යෝග අතුරින් පළමු යෝගය වන ආනන්ද යෝගයෙන් ඇරඹෙන හෙයින් ආනන්දයෙන්ම (සතුටින්ම) 2023 වසර උදාවීම ගැන බලාපොරොත්තු තැබිය හැකිය.

මේ හේතුවෙන් මෙරට තුළ මෙතෙක් පැවැති අගහිගතා තරමක් දුරට හෝ සමථයකට පත්වීමට මෙම තත්ත්වය ඉවහල් වෙයි.

මෙතෙක් ඉටු නොවී කල්මැරූ කාරණාවලට රටේ පාලකයා අතින් නිසි විසඳුම් ලැබෙනු ඇති අතර නිලධාරීන්ට ශක්තිය ලැබීමද ඇත්ත ඇති සැටියෙන් පෙනීමටද හේතු කාරණා වෙයි. එසේම පූජ්‍ය පක්ෂයේ නොමඳ සහයෝගයද රජයට ලැබෙනු ඇත.

වටිනා මැණික් මහ පොළොවෙන් මතු වෙයි. දණ්ඩනයන්ට යටත්ව සිටින ජනප්‍රිය කලාකරුවන්ට එම දණ්ඩිතයන්ගෙන් නිදහක් වුව යනු ඇත.

 

පුහුල්වැල්ලේ

සුසිල් ප්‍රේමන්ද්‍ර විසිනි

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk