Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බුධ කන්‍යාවේ උච්ඡ චලිතයක විරෝධතා - ගැටුම් අතරේ සරසවි වැසී යෑමේ ඉඩක්

1 year ago 7 Min read
Subha.lk

·         අගෝ: 21 - ඔක: 26 අතර බුධ කන්‍යාවේ සිදු කරන උච්ඡ චලිතය හේතුවෙන් නව පුවත්පත් සහ සාහිත්‍ය කෘතීන් ජනගත වෙයි.

·         රටම දන්නා හඳුනන සාහිත්‍යධරයකු පිළිබඳව අවධානය යොමුවන සිදුවීමක්

·         ආර්ථිකය පිළිබද සුබදායක ආරංචි

·         අගෝ: 23 යුරේනස් වක්‍ර වීම හේතුවෙන් රිය අනතුරු හා වෙනත් හදිසි අනතුරු, ගිනි ගැනීම් හා අත්වැරදීමෙන් සිදුවන පිපිරීම්වල වැඩි වීමක්.

 

බුධ ග්‍රහයා මෙම 2022 වසරෙහි අගෝස්තු 21 වැනිදා පෙව 2.06ට කන්‍යා රාශිය කරා පිවිසෙන අතර මෙම ඔක්තෝබර් 26 වැනිදා පව. 1.48 වන තෙක්ම තම කනත රාශි චලිතය පවත්වාගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව අගෝස්තු 21 වැනිදාත් ඔක්තෝබර් 26 වැනිදාත් අතර කාල සීමාව තුළ සාහිත්‍ය ක්ෂේත්‍රයේ නවෝදයක් පෙන්නුම් කරන අතර උසස් සාහිත්‍ය කෘතීන් ජනගත වීමටද නව පුවත්පත්, නව සඟරා ආදිය ජනගත වීමටද ඉඩකඩ පවතින බව පෙනේ. එමෙන්ම ඉහත කාල සීමාව තුළ රටම දන්නා සාහිත්‍යධරයකු පිළිබඳව රටෙහිම අවධානය යොමු වන ආකාරයේ සිදුවීමකටද ඉඩකඩ පවතින බව පෙනේ.

සිංහ ලග්න ජනරජ කේන්දරයේ ධන ස්ථානය සහ අයස්ථානය අධිපති බුධ ග්‍රහයා මෙසේ උච්ච චලිතයක් කරා ප්‍රවේශ වීමට අනුව අගෝස්තු 21 වැනිදාත් ඔක්තෝබර් 26 වැනිදාත් අතර කාල සීමාව තුළ රටෙහි ආර්ථිකය පිළිබඳව දැනට වඩා යම්තාක් දුරකට හෝ සුබදායක ආරංචි පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත් මේ ආකාරයට බුධ ග්‍රහයා උච්ච වීම අනුව සරසවි ගැටුම්, සරසවි උද්ඝෝෂණ උච්ච තත්ත්වයකට පත් වීම ඉඩකඩ ඇති අතර ගැටුම් හේතුවෙන් සමහර සරසවි වැසී යෑමට පවා ඉඩකඩ ඇත. තවද මේ ආකාරයට බුධ ග්‍රහයා මෙම කන්‍යා රාශියේ උච්ච චලිතයක් ආරම්භ කිරීමට අනුව අගෝස්තු 21 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ රටට අසුබ ආරංචියක් ලැබීමත් පෙන්නුම් කෙරේ. අනතුරු වල වැඩි වීමක්ද පෙන්නුම් කෙරේ.

මෙම 2022 වසරෙහි අගෝස්තු 23 වැනිදා ආශ්‍රිතව යුරේනස් ග්‍රහයා චක්‍ර චලිතයක් කරා පිවිසෙයි. මෙම ග්‍රහ චලිතයට අනුව මෙම අගෝස්තු 23 වැනිදා ආශ්‍රිතව එළැඹෙන දින කිහිපය තුළ රිය අනතුරු, වෙනත් හදිසි අනතුරු, ලේ වැගිරීම්, ගිනි ගැනීම්, අත් වැරදීම්වලින් සිදුවන පිපිරීම් ආදියෙහි වැඩි වීමක් පෙන්නුම් කරන බැවින් ගමන්බිමන් යෑම ඇතුළු සෑම කටයුත්තකදීම වෙනදාට වඩා පක්‍ෂාකාර්ව කටයුතු කළ යුතුය.

මීට කලින් ලිපියෙන්ද සඳහන් කළ පරිදි මෙම අගෝස්තු 14 වැනිදා රාත්‍රි 10.42ට රවි සහ ශනි යන ග්‍රහයන් නියම ලෙසම සප්තම වෙයි. ඒ අනුව 2022 වසරෙහි අගෝස්තු 14 අවට දිනවල කුමන ලග්නයකින් හෝ උපදින දරුවන්ට අනාගතයේදී රාජ්‍ය අංශවලට සම්බන්ධ වීමට වාසනාව ලැබෙනු ඇත.

රවි ග්‍රහයා 2022 වසරෙහි අගෝස්තු 17 වැනිදා පෙ.ව. 7.23ට සිංහ රාශිය කරා පිවිසෙන අතර මෙම වසරේ සැප්තැම්බර් 17 වැනිදා පෙ.ව. 7.22 වන තෙක්ම තම සිංහ රාශි චලිතය පවත්වා ගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව ඕනෑම වසරක අගෝස්තු 17 වැනිදාත් සැප්තැම්බර් 17 වැනිදාත් කාලය තුළ ඉපදී ඇති අයට 2022 වසරෙහි අගෝස්තු 17 වැනිදාත් 2022 වසරෙහි සැප්තැම්බර් 17 වැනිදාත් අතර කාල සීමාව තුළ දැනට පවතින ගැටලුවලට යම් පමණකට හෝ විසඳුම් ලැබෙන බව පෙනේ. තවද මෙම ග්‍රහ ගෝචරයට අනුව 2022 වසරෙහි අගෝස්තු 17 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ රටම දන්නා ප්‍රසිද්ධ පුද්ගලයකුට ඇතිවන අපලදායක තත්ත්වයන් පෙන්නුම් කෙරේ. මීට අමතර ලෙස මෙම ග්‍රහ චලිතයට අනුව 2022 වසරෙහි අගෝස්තු 17 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ ආගමික අංශවලට හෝ ආගමික උතුමන්ලාට ඇති වන අපලදායක තත්ත්වද පෙන්නුම් කෙරේ. එමෙන්ම මෙම ග්‍රහ මාරුවට අනුව 2022 වසරෙහි අගෝස්තු 17 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ ප්‍රසිද්ධ කලාකරුවන්ට ඇතිවන අපලදායක තත්ත්වයන්ද පෙන්නුම් කෙරේ.

තවද 2022 වසරෙහි අගෝස්තු 31 වැනිදා ප.ව. 4.19ට සිකුරු ග්‍රහයා සිංහ රාශියට පිවිසෙන අතර මෙම වසරෙහි සැප්තැම්බර් 24 වැනිදා රාත්‍රි 9.03 වන තෙක්ම තම සිංහ රාශි චලිතය පවත්වාගෙන යයි. සිකුරු ග්‍රහයා තම නීච රාශියට යාබද රාශියෙහි චලිත වීමට අනුව අගෝස්තු 31 වැනිදාත් 2022 වසරෙහි සැප්තැම්බර් 24 වැනිදාත් අතර කාලසීමාව තුළ ප්‍රසිද්ධ කලාකරුවන්ට ඇතිවන තදබල අපලද පෙන්නුම් කෙරේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk